Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පූමාස්ලා මැරඩෝනාට ආරාධනා කරති

පූමාස්ලා මැරඩෝනාට ආරාධනා කරති

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් පූර්ව වටයට යන්නේ නම් ඒ තරගය බැලීමට එන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමට දැන් ආජන්ටිනාවේ හිටපු පාපන්දු වීරයා වූ ඩියාගෝ මැරඩෝනාට සිදුවී තිබේ.


එතෙක් මෙතෙක් ලෝක කුසලාන රග්බි තරගමාලාවක අවසන් පූර්ව වටයට නොගිය අයර්ලන්තයේ බලාපොරොත්තුව තවත් වසර හතරකට දීර්ඝ කරමින් ඊයේ (18 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු  43-20 ක ජයක් වාර්තා කළ ආජන්ටිනාවේ පූමාස්ලා 2007 න් පසුව දෙවැනි වරටත් සිය සිහිනය සැබෑ කරගත්තේ  මැරඩෝනාට ලන්ඩනය බලා පැමිණීමට ගුවන් ප‍්‍රවේශපත් වෙන්කරවා දෙමිනි.


ලන්ඩනයේ කාඩිෆ් නුවර මිලේනියම් කී‍්‍රඩාංගණයට සේන්දු වූ කී‍්‍රඩාලෝලීන් 72,000 කට අධික පිරිසක් මේ තරගයේ මුල සිටම හුනස්නෙන් නැගිට්ටවා ඇ`ගිලි වලින් සිටගන්නට සැලසූ පූමාස්ලා පළමු මිනිත්තු දහයේ දී අයර්ලන්ත කී‍්‍රඩකයන්ගේ නැවුම් බව එහෙම පිටින්ම මකා දැමුවේ පිට පිට උත්සාහක දිනුම් දෙකක් ලබා ගනිමිනි.


පූමාස්ලාගේ විශිෂ්ටතම කී‍්‍රඩකයකු වූ මාසිලෝ බොස්ච් තරග තහනමකට ලක්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට කී‍්‍රඩා කළ සෙන්ටර් කී‍්‍රඩක මාටියාස් මොරෝනි රාජකාරිය අකුරටම ඉටු කරමින් තරගයේ දෙවැනි මිනිත්තුවේදීම තැබූ කදිම උත්සාහක දිනුමත්, 9 වැනි මිනිත්තුවේ දී වින්ග් කී‍්‍රඩක ජුවාන් ඉම්හෝෆ් තැබූ වේගවත් උත්සාහක දිනුමත් නිසා සිය රටේහි ජයග‍්‍රහණය පතමින් පිටියට එක්කාසු වූ 50,000 කට අධික අයර්ලන්ත ජාතිකයන්ගේ මුහුණේ තිබූ සිනහව මොහොතකින් මැකී ගියේය.


මේ උත්සාහක දිනුම් දෙකම ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලස් සැන්චේස් සිය නිවැරැුදි පා පහරෙන් ගෝල බවට පත්කරද්දී ලකුණු පුවරුව 14-0 ක් ලෙස ආජන්ටිනාවේ වාසියට සටහන් විය.


ඊට මිනිත්තු දෙකකට පසුව ද`ඩුවම් පහරක් සාර්ථක කොට සැන්චේස් සිය කණ්ඩායමට තවත් ලකුණු 3 ක් එකතුකළ අතර තරගයේ පළමු මිනිත්තු 21 වෙද්දී අයර්ලන්තයේ ෆ්ලෑන්කර් කි‍්‍රස් හෙන්රි වැරැුදි පැත්තෙන් දෙපිලේ කී‍්‍රඩකයන්ගේ පොදියට එකතුවීම නිසා ලැබූ දෙවැනි ද`ඩුවම් පහරත් සාර්ථක කිරිමෙන් හැම අතින්ම පෙනුණේ ශේක්ෂ්පියර්ගේ ඛේදාන්ත නාටකයක් බඳු පරාජයකට උරුමකම් කීමට අයර්ලන්තයට සිදුවීමකි. එය එක් අතකින් 1999 සහ 2007 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගවලදී පූමාස්ලාගෙන්ම ලැබූ අමිහිරි පරාජය නැවත පෙළගැස්වීමකි.


කෙසේවෙතත් ආජන්ටිනාවේ රමීරෝ හරේරා අයර්ලන්තයේ කීත් අර්ල්ස්ට දැමූ අප‍්‍රසන්න කකුල් මාට්ටුව නිසා ලැබූ ද`ඩුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ අයර්ලන්තය ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඉයන් මැඩිගන්ගේ පහරින් එය සාර්ථක කරගත් අතර 25 වැනි මිනිත්තුවේ දි අතිරේක කී‍්‍රඩක ලූක් ෆිට්ස්ජෙරාල්ඞ්ගේ සටන්කාමී උත්සාහක දිනුමෙන් තරමක සහනයක් ලැබුවේ ලකුණු පරතරය 20-10 දක්වා අඩුකරගැනීමෙනි. මැඩිගන් ඊයේ තරගයට එක්වූයේ ඔවුන්ගේ විශාලතම බලාපොරොත්තුව වූ ආබාධයක් මත පැත්තකට වී සිටි ජොනී සෙක්ස්ටන් අන්තිම මොහොතේ නැවත ආබාධයකට ගොදුරුවීම හේතුවෙනි.


එහෙත් සෙක්ස්ටන්ගේ අඩුව පුරවාලීමට මැඩිගන් අසමත්වීමත් අයර්ලන්තයේ අවාසියට හිටියේය. තරගය පුරා ඔහුගෙන් වැරැුදුණු පා පහර ගණනාවකි. ඇතැම් ඒවා ගෝල් කණුවේ වැදී පිටතට විසිවී ගියේය.


ඒ අතින් පූමාස්ලාගේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක සැන්චේස් සිටියේ බොහෝ ඉදිරියෙනි. ඔහු තරගය පුරා ආජන්ටිනාව වෙනුවෙන් ලකුණු 23 කින් දායකත්වය දුන්නේය.


අයර්ලන්තයේ අතිරේක කී‍්‍රඩක ෆිට්ස්ජෙරාල්ඞ්ට වේලාසනින්ම පිටියට බැසිමට සිදුවූයේ ඔවුන්ගේ වින්ග් කී‍්‍රඩක ටොමී බෝවේ ද තුවාලකරුවන්ගේ ගොඩට එක්වීම නිසාය.


ලකුණු 20-10 කින් තරගයේ පළමු භාගය නිමාවූවත් ජෝර්ඩි මර්ෆි දෙවැනි භාගය ආරම්භ වී මොහොතකින් තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් යළි තරගයට අවතීර්ණ වීමට අයර්ලන්තය සමත්වීම කැපී පෙනුණි. එය සිදුවූයේ පූමාස්ලාගේ දැඩි ආරක්ෂිත වළල්ල අතරින් රිංගා ගිය ෆිට්ස්ජෙරාල්ඞ් සාර්ථකව පන්දුව මර්ෆිට පිරිනැමීමෙනි. මැඩිගන් එය ගෝලයක් බවට පත් කිරිමත් සමග තරගයේ පළමුවතාවට ලකුණු පරතරය 20-17 දක්වා අඩුවූයේ අයර්ලන්තයේ බලාපොරොත්තු ඉහළ දමමිනි.


ඊළ`ග මිනිත්තු කිහිපය පුරා දෙපිලම කරට කර සටනක නිරතවූ අතර සැන්චේස්ගේ සහ මැඩිගන්ගේ සාර්ථක ද`ඩුවම් පහරෙන් දෙපිලේහිම ලකුණු තත්ත්වය 23-20 කින් ඉහළ ගියේය. එහෙත් පූමාස්ලා අභිබවා යාමට සහ ලකුණු තත්ත්වය සමකර ගැනීමට ලැබුණු අවස්ථා කිහිපයක්ම මැඩිගන්ගේ දුර්වල පා පහර නිසා ම`ගහැරී යාමත් අයර්ලන්තයේ පරාජයට බලපෑ කරුණකි.


කෙසේ වෙතත් 63 වැනි මිනිත්තුවේ සිට තරගයේ පාලනය මැනවින් සියතට ගත් පූමාස්ලා මිනිත්තු 13 ක් ඇතුලත ගෝල් දෙකක් සහ ද`ඩුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් අවසන් පූර්ව වටයට පිවිසියේ ඔවුන්ගේ අසහාය වීරයා වූ මැරඩෝනාට විවෘත ආරාධනාවක් ද කරමිනි.


එය ආරම්භ වූයේ අයර්ලන්තයේ ඩෙවින් ටෝනර් විසින් සැන්චේස්ට දරුණු කකුල් මාට්ටුවක් දැමීමෙන් ලැබූ ද`ඩුවම් පහරකිනි.


අනතුරුව 68 වැනි මිනිත්තුවේ දී අයර්ලන්ත ආරක්ෂක වළල්ලේ හිඩැසක් සොයාගත් ෆුල් බෑක් කී‍්‍රඩක ජෝකීම් ටක්ලට් තැබූ අනර්ඝ උත්ාසහක දිනුමත්, ඊට මිනිත්තු 3 කට පසුව ස්ක‍්‍රම් පොදියකින් පන්දුව උදුරාගත් සැන්චේස් එය සුරක්ෂිතව පිරිනැමීමෙන් ඉම්හෝෆ් මීටර් 30 ක් දිවයමින් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමත් නිසා පූමාස්ලා අවසන් කණ්ඩායම් හතරේ සිය ස්ථානය තහවුරු කරගත්හ.


තරගය නිමාවීමට මිනිත්තු හතරක් ඉතිරිව තිබියදී ලැබූ තවත් ද`ඩුවම් පහරක් සාර්ථක ගෝල් කණු අතරින් යැවීමට සැලැස්වූ සැන්චේස් ඊයේ තරගයේ දී සාර්ථක කරගත් ද`ඩුවම් පහර ප‍්‍රමාණය 5 දක්වා වැඩිකර ගත්තේය. ඉන් නොනැවතී ආජන්ටිනාව ලැබූ උත්සාහක දිනුම් 4 ම ගෝල බවට පත්කළ හෙතෙම තරගයේ වීරයා ලෙසින් නම් කෙරිණි.


දැන් පූමාස්ලා බලා සිටින්නේ සිය අසහාය පාපන්දු වීරයා අවසන් පූර්ව වටයේදී තම කණ්ඩායම  ඕස්ටේ‍්‍රලියාව සමග තරග කරනු දැකීමට ලන්ඩනයට ගොඩබසිනතුරුය.

 


අදහස් (0)

පූමාස්ලා මැරඩෝනාට ආරාධනා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.