Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පළමු සතියේ තරග ආරම්භ කරමින් බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති තරගයේදී පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 16-11 කින් නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රාහි පොලිස් පිල ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු කර ගැනීමට සමත් විය. යුද හමුදා පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.
ආරම්භයේ සිටම තියුණු තරගයක් වූ මෙහි පළමු අර්ධය අවසන් වන විට පොලිසිය ලකුණු 10-6 ක් ලෙස පෙරමුණ ගත්තේය.
මොහොමඞ් අෆ්සාර්, පොලිස් පිලට එකම උත්සාහක දිනුම එකතු කිරීමට සමත් විය.
පොලිස් පිල වෙනුවෙන් රීසා රෆ්ලඞීන් ගෝල ප‍්‍රවර්ථනය සහ දඩුවම් පහරක් ද, රීසා මුබාරක් දඩුවම් පහර දෙකක් ද, සාර්ථක කිරීමට සමත් වූහ.
නාවික හමුදා පිල වෙනුවෙන් සුරංග පුෂ්පකුමාර උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. තිළිණ වීරසිංහ දඩුවම් පහර දෙකක් සාර්ථක කරමින් ලකුණු 6 ක් නාවික හමුදා පිලට එකතු කිරීමට සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.