Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ප‍්‍රංශය බලපරාක‍්‍රමය පෙන්වයි

ප‍්‍රංශය බලපරාක‍්‍රමය පෙන්වයි

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උත්සාහක දිනුම් 5කින් කැනඩාවේ ආක‍්‍රමණශීලීත්වය මැඩපැවැත්වූ ලෝක රග්බි පිටියේ වත්මන් අනුශූරයන් වන ප‍්‍රංශය ඊයේ ලන්ඩනයේ මිල්ටන් කේන්ස් හී එම්.කේ. කී‍්‍රඩාංගණයේ දී ලකුණු 41-18 ක ජයක් වාර්තා කළේය. මෙම ජයත් සමගින් ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට එබී බලමින් සිටින ප‍්‍රංශය අපරාජිත වාර්තාව රැුකගනිමින් ‘ඞී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය.


ලබන 11 වැනිදා අයර්ලන්තය සමග සටන් කිරීමේ සූදානමින් පසුවන ප‍්‍රංශය දැන් බලා සිටින්නේ සිය කාණ්ඩයේ ප‍්‍රබලතම ප‍්‍රතිවාදියා ලබන ඉරිදා (4 වැනිදා) ඉතාලියට එරෙහිව තරග කරන්නේ කෙලෙසදැයි දැක බලා ගැනීමටය.


28,000 ක කී‍්‍රඩාලෝලීන් පිරිසක් සිය ජයග‍්‍රහණයේ සාක්ෂිකරුවන් බවට පත්කරගත් ප‍්‍රංශ කී‍්‍රඩකයෝ ඊයේ තරගයේ 3 වැනි මිනිත්තුවේ සිටම සිය උත්සාහක දිනුම් පෙළ තැබීමට පටන් ගත්හ.


හිටිහැටියේම කැනඩාවේ ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය වෙස්ලි ෆොෆානා තැබූ එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරමින් ලකුණු 7-0 කින් ප‍්‍රංශය ඉහළට ඔසවා තැබූ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ෆ්‍රෙඩරික් මිචලැක් ඊට මිනිත්තු දහයකට පසුව ද`ඩුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10-0 කින් ඉදිරියට ගෙන ගියේය.


තරගයේ පළමු මිනිත්තු 30 වනවිට ලකුණු 17-0 ක් ලෙස සිය ආධිපත්‍ය පතුරුවා හැරීමට ප‍්‍රංශය සමත්වූයේ 27 වැනි මිනිත්තුවේදී ගුල්හම් ගුයිරාඩෝ තැබූ උත්සාහක දිනුමෙනි.  සිය නොවරදින ඉලක්කයෙන් සාර්ථක කරගත් මිචැලක් ඊට ලකුණු 2 ක් එකතු කළේය.


ප‍්‍රංශයේ අනුකම්පා විරහිත කී‍්‍රඩා රටාව හමුවේ පසුබෑමකට ලක්වූ කැනඩාව මිනිත්තු 4 ක් ඇතුළත උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමෙන් ප‍්‍රතිවාදීන් පමණක් නොව කී‍්‍රඩාලෝලීන් ද අන්ද මන්ද කරවීමට සමත් විය.


මෙවර තරගමාලාව පුරා කැපී පෙනෙන දස්කම් පෑ වැන් ඩර් මර්ව් 30 වැනි මිනිත්තුවේදී පළමු උත්සාහක දිනුම තැබූ අතර ඊට මිනිත්තු 3 කට පසුව ආරොන් කාපෙන්ටර් තැබූ අනගි උත්සාහක දිනුම කැනඩාවේ ලකුණු සංඛ්‍යාව 12 ක් ලෙස ඉහළ දැමුවේය. ඉන් පළමුවැන්න ගෝලයක් බවට පත්කිරීමට ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නේදන් හිරයාමා සමත්වූවත් දෙවැන්නේ ඉලක්කය හරිගියේ නැත.
17-0 ක් ව තිබූ ලකුණු පුවරුව 17-12 ක් විය. පරතරය එක උත්සාහක දිනුමකි.


ප‍්‍රංශ කඳවුර තරමක් රත්වූ නමුත් තරගයේ පළමු භාගය නිමාවීමට මිනිත්තු 3 ක් ඉතිරිව තිබියදී රබේලි ස්ලිමානි ගෙනදුන් උත්සාහක දිනුම මිචැලක් ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු 24-12 කින් ප‍්‍රංශය පෙරමුණ ගත්තේය.


දෙවැනි භාගයේ ආරම්භයේදීම ද`ඩුවම් පහරක් සාර්ථක කරගත් හිරයාමා 55 වැනි මිනිත්තුවේදී තවත් ද`ඩුවම් පහරක් එල්ල කරමින් කැනඩාවේ ලකුණු සංඛ්‍යාව 18 දක්වා ඉහළ දැමුවේ ප‍්‍රංශය ලකුණු 24 සීමාවේහිම රඳවා තබමිනි.


නැවතත් දෙපිල අතර ලකුණු පරතරය අඩුවීමෙන් වඩාත් කළබලයට පත්වූයේ ප‍්‍රංශයයි.
ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 10 දෙනා අහළකවත් නොමැති කැනඩාව හමුවේ සිය බලපරාක‍්‍රමය මොහොතකටවත් බිඳ ගැනීමට අකැමැතිවූ ප‍්‍රංශය මිනිත්තු 7 ක් තුළ වාර්තාවූ පැස්කල් පපේගේ සහ රෙමී ග්‍රොසෝගේ උත්සාහක දිනුම් ද්විත්වයෙන් කැනඩාව ඈතට පළවා හැරියේය.


එපමණක් නොව තම අවසන් උත්සාහක දිනුම් දෙක හේතුවෙන් තම පිලට ප‍්‍රසාද ලකුණක් ද එකතු කර ගැනීමට ප‍්‍රංශය සමත් විය. තරගය පුරා කැපී පෙනෙන දස්කම් පෑ මිචැලක් උත්සාහක දිනුම් 4ක් ගෝල බවට පත් කිරීමට සමත්වූ අතර දඩුවම් පහර 2 ක් ද සාර්ථක කර ගත්තේය.

 

ප‍්‍රංශ - කැනඩා රග්බි තරගයේ විශේෂ අවස්ථා

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි


අදහස් (0)

ප‍්‍රංශය බලපරාක‍්‍රමය පෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.