Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බංග්ලාදේශය දෙවැනි තරගයත් ජයගනී

බංග්ලාදේශය දෙවැනි තරගයත් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ චිතගොන්හිදී අද (23) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ ලකුණු 68 ක ජයක් ලැබීමට සමත් වූහ.
 
බංග්ලාදේශය මෙම ජයග‍්‍රහණයත් සමග 2-0 කින් තරගාවලියේ පෙරමුණට පැමිණියේය.

බංග්ලාදේශ පන්දු යවන්නෝ ලකුණු 252 ක ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ ඉනිම  ඕවර 44.5 කදී ලකුණු 183 කට සීමා කිරීමට සමත් විය. බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ තමීම් ඉක්බාල් (76) සහ එනමුල් හක් (80) පළමු කඩුල්ලට පන්දු 198 කදී ලකුණු 158 ක සම්බන්ධතාවක් පැවැත්වුහ.

එම සම්බන්ධතාවත් සමග සෙසු පිතිකරුවෝ වේගවත් පිතිකහරඹයක් දියත් කරමින් ලකුණු 251 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. මෙහිදී තමීම් ඉක්බාල් සහ එනමුල් හක් සම්බන්ධතාව වේගවත් කර තිබුණේ නම් පසුවෙන් ලකුණු 280 ක් දක්වා යෑමේ අවස්ථාව තිබුණි.  


බංග්ලාදේශ පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 251 (තමීම් ඉක්බාල් 76, එනමුල් හක් 80, මුෂ්ෆිකුර් රහීම් 27,  මුමිනුල් හක් නොදැවී 33, ටිනාෂි පයන්ගරා 51/2, ටවෂ්වා කමුන්ගොෂි 38/2)

සිම්බාබ්වේ පිල  ඕවර 44.5 කදී සියලූ දෙනා දැවී 183 (විසි සිබන්ඩා 21, සොලමොන් මීර් 50, රෙගිස් චකබ්වා 32, එල්ටන් චිකුම්බුරා 38, මර්ෂාෆි මොර්ටාෂා 34/3, අර්ෆට් සනී 29/4)

 

 

- 048


අදහස් (0)

බංග්ලාදේශය දෙවැනි තරගයත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.