Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ශූරයන් වූ දකුණු අපි‍්‍රකාවත් වත්මන් ශූරයන් වන නවසීලන්තයත් අතර ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (24 වැනිදා) රාතී‍්‍ර 8.30 ට ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ පළමු අවසන් පූර්ව තරගය ඉතා විරල ලෝක වාර්තා ද්විත්වයක් හඹා යන මහාද්වීප දෙකක කී‍්‍රඩකයන් දෙදෙනකුගේ සටන්කාමීත්වය පිළිබිඹු කරන තරගයක් බවට පත්වී තිබේ.
ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබූ කී‍්‍රඩකයා වීමේ වාර්තාව අබියස සිටින දකුණු අපි‍්‍රකාවේ බ‍්‍රයන් හබානාටත්, තරගමාලාවක වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබූ කී‍්‍රඩකයා වීමේ වාර්තාව අබියස සිටින නවසීලන්තයේ ජූලියන් සවියාටත් අවශ්‍යවී ඇත්තේ තවත් එක් උත්සාහක දිනුමක් පමණි.
එහෙත් අද තරගයේ දී දෙපිලම තමතමන්ගේ ජවසම්පන්න කී‍්‍රඩා රටාවේ දිගපළල පරික්ෂා කරමින් වෙබ් එලිස් කුසලානය සියතට ගැනීමට වෙර දරනු විනා මේ විරල ලෝක වාර්තා ගැන නම් කල්පනා නොකරනු ඇත.
පසුගිය දින කිහිපය පුරාම නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලාගේ පුහුණුකරු සිය ගෝලබාලයන්ට කියා සිටියේ දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලාට අද අවශ්‍ය වී ඇත්තේ ‘අපේ හිස් ගෙඩි පලන්නට‘ බවය. දැන් ඕල්බ්ලැක්ස්ලා බලා සිටින්නේ ”හොඳයි බලමු” කියමිනි.
ඒ කෙසේවුවත් වත්මන් ලෝක ශූර නවසීලන්තය තරම් රග්බි කී‍්‍රඩාවේ මුදුනා වූ තවත් කණ්ඩායමක් නොමැති යයි දකුණු අපි‍්‍රකානු පුහුණුකරු හේනෙක් මේයර් ඊයේ පෙරේදා කළ ප‍්‍රකාශය ගැන ඕනෑවට වඩා නොසිතන ලෙසත් එය තම කී‍්‍රඩකයන් මුලා කිරිමට ප‍්‍රතිවාදීන් ඇටවූ උගුලක් බවත් නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සේන් කියයි.
”ඔහු මහා කපටියෙක්” හැන්සේන් කියන්නේ මේයර් ගැනය.
”ඔහු පහුගිය දවස් දෙක තුනේම කළේ අපිව මුරුංගා අත්තේ තියන ප‍්‍රකාශ තමයි. මම දන්නවා එයාලා දැන් ලැහැස්තිවෙලා ඉන්නේ අපේ ඔලූ ගෙඩි ටික පලන්නය” හැන්සේන් එසේ කියයි.
අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප‍්‍රංශයට එරෙහිව විශිෂ්ට දස්කම් පෑවත් හැන්සේන් කියන්නේ ඕල් බ්ලැක්ස්ලාගේ දස්කම් තවම ඔපමට්ටම් වී නොමැති බවකි.
”අපි අපේ හොඳම කී‍්‍රඩා රටාව පෙන්නුම් කළා කියලා මම නම් හිතන්නේ නෑ. අපි අපේ උපරිම දස්කම්වලට පැමිණිය යුතුයි. නැතිනම් අද තරගයේ දී කිසිම අවස්ථාවක් නොලැබේවි” යයි හේනෙක් මේයර් කියා තිබිණ.
දකුණු අපි‍්‍රකාවට එරෙහිව මීට පෙර පැවැති රග්බි ටෙස්ට් තරගවලින් 52 ක්ම දිනා ඇත්තේ ඕල්බ්ලැක්ස්ලාය. දකුණු අප‍්‍රිකාව දිනා ඇත්තේ තරග 35 ක් පමණි.
දෙපිලේ අතීත වාර්තාව එහෙම වුවත් මේ දෙගොල්ලාම වෙබ් එලිස් කුසලානය දෙවතාවක්ම දිනාගෙන සිටිති. නවසීලන්තයේ අරමුණ වී ඇත්තේ පිට පිට දෙවරක් ලෝක රග්බි කිරුළ දිනූ පළමු කණ්ඩායම බවට පත්වීමය.
එහෙත් එය එතරම් පහසු කාර්යයක් නොවනු ඇත. ලෝක කුසලාන ඉතිහාසයේ ස්පි‍්‍රංබොක්ස්ලා හමුවේ ඕල්බ්ලැක්ස්ලා දණ නැමූ අවස්ථා ද නැත්තේ නොවේ.
1995 අවසන් මහා තරගයේ දී නවසීලන්තය ලකුණු 15-12 කින් පරාජය කරමින් ලෝක කුසලානය දිනූ දකුණු අපි‍්‍රකාව 1999 තරගමාලාවේ දෙපිල අතර පැවැති තුන්වැනි ස්ථානය සඳහා වූ තරගයෙන් ලකුණු 22-18 ක ජයක් ලැබීය.
එසේ වුවත් මෙවර තරගමාලාවේ සෑම අංශයකින්ම ඕල් බ්ලැක්ස්ලා දශමයකින් හෝ ප‍්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටින බව නොරහසකි. මෙවර කිරුළ දිනන කණ්ඩායම අන් කවුරුවත් නොව නවසීලන්තය බැව් බොහෝ විචාරකයන් කියා සිටියේ තරගමාලාව ආරම්භවීමටත් පෙර සිටය.
අද තරගය ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ නවසීලන්තය අවසන් පූර්ව වටයට එක්වන 7 වැනි අවස්ථාව සටහන් කරයි. වෙනත් කිසිදු කණ්ඩායමක් එතරම් අවස්ථා ප‍්‍රමාණයක් ලබා නැත.
එහෙත් ස්පි‍්‍රංබොක්ස්ලාගේ පුහුණුකරු මේයර් නම් කියන්නේ පැරැුණි වාර්තා බලමින් වත්මන් කණ්ඩායමක දස්කම් මනින්නට නොයන ලෙසය.
”ඒවා නිකම් සංඛ්‍යාලේඛන විතරයි” ඔහු සිය ගෝලබාලයන්ට එසේ කීවේය.
ලෝක රග්බි පිටියේ බලපුලූවන්කාරයා නවසීලන්තය වූවත් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ මේ දැවැන්තයන් දෙවතාවක්ම බිමට ඇද දැමූ තම කණ්ඩායමට තුන්වැනි වරටත් එය කළ හැකි බැව් මේයර්ගේ අදහස වී තිබේ.
එහෙත් අපරාජිතව සිය 13 වැනි ජයග‍්‍රහණය හඹා යන ඕල් බ්ලැක්ස්ලාගේ ගමන නතර කරවීමට ස්පි‍්‍රංබොක්ස්ලා කෙසේ සමත්වනු ඇත්දැයි දැක බලාගත හැකිවන්නේ අද රාතී‍්‍රයේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.