Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බෙල් යළිත් එංගලන්තය ගොඩගනී

බෙල් යළිත් එංගලන්තය ගොඩගනී

ශනුක අරවින්ද - 2013 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන ‘අළු බ`දුන’ තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය වූ අද (18) තරගය නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 289ක් ලබා ගත්තේය. මෙම නගරය ලන්ඩන් නුවර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙයි.

ඉයන් බෙල් හතරේ පහර 16ක් සමගින් ලකුණු 109ක් රැුස් කර ගැනීමට සමත් වූ අතර මෙය බෙල් පිට පිටම ලබාගත් දෙවැනි ශතකයයි.

එංගලන්ත පිල වෙනුවෙන් ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 67ක් සහ ජොනතන් ට්‍රොට් හතරේ පහර 11ක් සමගින් ලකුණු 58ක් රැුස් කර ගත් අතර බෙල් සහ බෙයාර්ස්ටෝ අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 144 කි.
 

ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් තරගයට එක් වූ ස්ටීවන් ස්මිත් ලකුණු 18ට කඩුලූ 3ක් සහ රයාන් හැරිස් ලකුණු 43ට කඩුලූ 3ක් දවා ගත්තේය. කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එංගලන්තය  ඕවර 89කදී කඩුලූ 7ක් දැවී ලකුණු 289
(ඉයන් බෙල් 109, ජොනී බෙයාර්ස්ටෝ 67, ජොනතන් ට්‍රොට් 58, රයාන් හැරිස් 43/3, ස්ටීවන් ස්මිත් 18/3)


අදහස් (0)

බෙල් යළිත් එංගලන්තය ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.