Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බ‍්‍රසීලය චකිතයෙන්

බ‍්‍රසීලය චකිතයෙන්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝක කුසලන තරගාවලියේ පරාජිතයා ගෙදර යැවෙන පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගය සඳහාත් බ‍්‍රසීලයම සුදුසුකම් ලබා සිටී.

තරගාවලියේ සත්කාරක රට වන බ‍්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පසුගිය 12 වැනිදා පැවැති තරගයෙන් 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ විය.

අද (28 වනිදා) ආරම්භ වන පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගයේදී චිලී කණ්ඩායම හමුවීමට සූදානමින් සිටින බ‍්‍රසීලය තරමක් චකිතයට පත්ව සිටින අතරම අද පැවැත්වෙන දෙවැනි තරගයේදී තමන්ගේ ප‍්‍රබලතම ප‍්‍රහාරකයා වන ලූවිස් සුවාරිස් නොමැතිව කොලොම්බියානු පිලට මුහුණ දෙන්නේ කෙසේද යන්න සිතමින් උරුගුවේ පිල පසුවෙයි.

බ‍්‍රසීලය සහ චිලී කණ්ඩායම අතර තරගය බෙලෝ හොරිසොන්තේහිදී ගි‍්‍රනිජ් වේලාවෙන් අද පස්වරු 4.00 ට ආරම්භ වන අතර කොලොම්බියාව සහ උරුගුවේ පිල අතර තරගය ගි‍්‍රනිජ් වේලාවෙන් අද රාතී‍්‍ර 8.00 ට රියෝ ද ජනෙයිරෝහිදී ආරම්භ වේ.

අද තරගයේදී තමන් මුහුණ දී සිටින පීඩනය කොතෙක්ද යන්න බ‍්‍රසීල පුහුණුකරු ලූවිස් පිලිප් ස්කොලාරි ඉතාමත් පැහැදිළි වැටහීමකින් සිටී.

”මේ වගේ අදියරකට ආවාම කිසියම් කණ්ඩායමක් කොයිතරම් අසීරුවෙන් හා තැවුල් සහගත ලෙසින් ඊට මුහුණ දෙනවාද කියන එක තේරුම්ගන්න අපහසු නෑ. ඒකේ තේරුම අපට කිසි වැරැද්දක් කරන්න අවසර නෑ කියන එකයි” යයි ලූවිස් පිලිප් ස්කොලාරි කියයි.

මෙම තරගාවලියේදී උරුගුුවේ පිලට ගෝල කිහිපයක්ම තිළිණ කළ ලූවිස් සුවාරිස් ඉතාලි පිලේ කී‍්‍රඩකයකු සපාකෑම නිසා මාස 4 ක තහනමකට ලක්ව සිටින අතර උරුගුවේ පිලෙන් ඉවත්කරන ලදුව නැවතත් සියරට බලා ගියේය.

එහෙත් උරුගුවේ පුහුණුකරු ඔස්කා තබරාස් පවසන්නේ සුවාරිස් නොමැතිව තමන්ට ගනුදෙනුව බේරාගත හැකි බවයි.

 


අදහස් (0)

බ‍්‍රසීලය චකිතයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.