Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මංගල සමරකෝන් ලකුණු 589.6 ක් ලබා 50 වැනි ස්ථානයට පත්විය.
ඊයේ (8 වැනිදා) පැවැති මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඉතාලියේ නිකොලා කැම්ප්‍රියානි (ලකුණු 630.2) විසිනි. මංගල 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගිවිය. ඔහු ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වේදී ලකුණු 583 ක් ලබා 45 වැනියා විය.
මේ වන විට 35 හැවිරිදි මංගල, රියෝ ඔලිම්පික් උළෙලේදී වෙඩි තැබීමේ ඉසව් දෙකකට සහභාගිවන අතර ඔහු සහභාගිවන මීටර 50 රයිෆල් (බිම දිගාවී) ඉසව්ව මේ මස 12 වැනිදා පැවැත්වීමට නියමිතය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.