Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 මරියාගේ ගෝලයෙන් ආජන්ටිනාව ජයගනි

මරියාගේ ගෝලයෙන් ආජන්ටිනාව ජයගනි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිරේක කාලය දක්වා ඇදී ගිය ආජන්ටිනා - ස්විට්සර්ලන්ත තරගයේ අන්තිම මොහොතේ ඒන්ජල් ඩි මරියා ගැසූ තීරණාත්මක ගෝලයෙන් 1-0 කින් තරගය ජයගත් ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ සම්පූර්ණ කාලය නිමා වන විට දෙපිලම ගෝල අහේනියෙන් දැඩි පීඩනයට පත්ව සිටියහ. මරියාගේ ගෝලයෙන් ආජන්ටිනාව ක්‍රීඩකයන්ට පමණක් නොව ක්‍රීඩාලෝලීන්ට ද නව ජීවයක් ලැබුණු අතර තරගය පැවැත්වුණු සාඕ පාවොලෝ නුවර කොරින්තියන්ස් ක්‍රීඩාංගණය සිසාර ජයඝෝෂා පැතිරෙන්නට පටන් ගත්තේය.

118 වැනි මිනිත්තුවේ දී මරියාගේ ගෝලය වාර්තා වූයේ ස්විට්සර්ලන්ත ක්‍රීඩකයන් අන්ද මන්ද කළ ලයනල් මෙසීගේ විස්මිත පන්දු යොමුකිරීමකිනි.

තරගය පුරාම එතරම් දස්කම් අතර නොසිටි මරියා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ දස්කම් හේතුවෙන් එතරම් කැපී පෙනුණේ නැතිවුවත් එම ගෝලයත් සමග ආජන්ටිනාවේ නව වීරයා බවට පත්විය.

සැබැවින්ම ස්විට්සර්ලන්තයේ ග්‍රැනිට් ක්ෂාකාට ද ගෝල ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් ලැබුණු අතර ඉන් ඇතැම් ඒවා ආජන්ටිනා දැළ කණුවට උඩින් ද, ඇතැම් ඒවා දැළ රකින්නාගේ අතට ද ඇදී ගියේය.

තරගයේ තීරණයක් ලබාගැනීමට මිනිත්තු 118 ක්ම ගතවීම වාර්තාපොතට එක්වූයේ 1990 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවෙන් පසුව ජය පරාජය තීරණය කිරීමට එතරම් කාලයක් වැය වූ තරගය ‍ලෙසටය.


අදහස් (0)

මරියාගේ ගෝලයෙන් ආජන්ටිනාව ජයගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.