Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 මාතලේ ශා. තෝමස් ක‍්‍රීඩකයෝ සභාපති කුසලාන දිනති

මාතලේ ශා. තෝමස් ක‍්‍රීඩකයෝ සභාපති කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියට සමගාමීව පැවැති ‘සභාපති කුසලාන’ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. බොරැල්ල කේරී විදුහලට අනු ශූරතාව හිමිවිය.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (13) පස්වරුවේ පැවැති ‘සභාපති කුසලාන’ අවසන් මහ තරගයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 7-0 කින් කේරී විදුහල පරාජය කළේය.

මිනිත්තු 75 ක් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක නොවූ මෙම තරගයේ 75 වැනි මිනිත්තුවේදී ශාන්ත තෝමස් විදුහලේ ආර්. එම්. එම්. බණ්ඩාර උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ඔහුම එහි ගෝල ප‍්‍රවර්ථනය සාර්ථක කරමින් ජයග‍්‍රහණයට මග පාදා ගත්තේය.   

පස්වරු 2.45 ට ආරම්භ වූ මෙම තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ලකුණු රැස්කිරීමට අසමත් වීම කැපී පෙනුණි.

 


අදහස් (0)

මාතලේ ශා. තෝමස් ක‍්‍රීඩකයෝ සභාපති කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.