Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාරියෝ මැන්ඩ්සුකික්ගේ විශිෂ්ට දස්කම් මත ක්‍රීඩකයන් දසදෙනකුගෙන් සමන්විත කැමරුන් පිලට එරෙහිව ගෝල 4-0 ක වාර්තාගත ජයක් අත්කරගැනීමට ක්‍රොඒෂියාව සමත්විය. ක්‍රොඒෂියාව පළමු භාගයේ පෙරමුණ ගත්තේ ගෝල 2-0 කිනි. දෙවැනි භාගයේ දී මිනිත්තු 12ක් ඇතුළත ගෝල ද්විත්වයක් වාර්තා කළ මාරියෝ සිය කණ්ඩායමට අමතක නොවන ජයග්‍රහණයක් අත්කර දුන්නේය.
මේ පරාජයත් සමග කැමරොන් පිල තරගමාලාවෙන් ඉවතට විසිවිය.
තරගයේ 11 වැනි මිනිත්තුවේ දී ඉවාන් පරිසික් පිරිනැමූ පන්දුව සාර්ථකව ප්‍රතිවාදීන්ගේ දැළ තුලට යොමු කරවීමට ඉවිකා ඔලික් සමත්විය. දෙවැනි ගෝලය වාර්තා වුයේ 48 වැනි මිනිත්තුවේදීය. පරිසික්ගේ වේගවත් පහරකින් එම ගෝලය වාර්තා විය.
ඊට පෙර 40 වැනි මිනිත්තුවේ දී කැමරොන් පිලේ අලෙක්ස් සෝන් පිටිය මැද දී කිසිදු හේතුවකින් තොරව මාරියෝ වෙත වැලමිටෙන් පහරක් ගැසීම නිසා රතු කාඩ් පතෙන් දඬුවම් ලබා තරගයෙන් ඉවත් කෙරිණ. සෝන්ගේ මේ ක්‍රියා කලාපය විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්විය.
ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ නීතිවිරෝධි හැසිරීමට කදිම පිළිතුරක් දුන් මාරියෝ 61 වැනි මිනිත්තුවේ හා 73 වැනි මිනිත්තුවේ ගෝල දෙකක්ම ලබාගනිමින් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට යාමේ ක්‍රොඒෂියානු බලාපොරොත්තුව සැබෑවක් බවට පත්කළේය. ක්‍රොඒෂියාව වෙනුවෙන් ලෝක කුසලාන තරගමාලාවක එක් තරගයක දී ගෝල ද්විත්වයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ඔහු විය.
මේ පරාජයත් සමග කැමරුන් පිල නොකඩවා ලෝක කුසලාන තරග 6ක් පරාජයට පත්වූ පළමු කණ්ඩායම බවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.