Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්ලා’ සහ ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන පසුවන ආජන්ටිනාවේ ‘පූමාස්ලා’ ගේ ඔදතෙදින් විරාජමාන වූ ‘සී‘ කාණ්ඩයේදී තරග කරන හෙයින් දෙවැනි වටයට පිවිසීමේ වැඩි බලාපොරොත්තුවක් ටොංගාහි ‘සී ඊගල්ස්ලාට’ (මුහුදු රාජාලියෝ) නොතිබිණ. එහෙත් ඊයේ එක්සේටර් හී සැන්ඩි උද්‍යාන කී‍්‍රඩාංගණයේ දී නැමීබියාව ලකුණු 35-21කින් පරාජය කිරීමෙන් පසුව ටොංගා කී‍්‍රඩකයෝ අලූත් බලාපොරොත්තුවලින් සිත් පුරවා ගත්හ.
කිසිම අවස්ථාවක රග්බි ලෝක කුසලාන තරගමාලාවක මූලික වටයෙන් ඔබ්බට නොගිය මේ පැසිෆික් දූපත්වාසීන් ආජන්ටිනාව තුන්වැනි තැනට ඇද දමා ‘සී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූයේ ඊයේ තරගයේ ජයග්රහණයෙන් ලද ප්‍රසාද ලකුණක වාසියද සහිතවය.
දැන් ඔවුන්ගේ එකම අදිටන වී ඇත්තේ ලබන 4 වැනිදා ආජන්ටිනාව සමග පැවැත්වෙන තරගය කෙසේ හෝ ජයග්‍රහණයකින් නිමාවට පත්කරගනිමින් මේ අලූත් බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීමයි.
එය සිතෙන තරම් පහසු එකක් නොවූවත් 10 වැනිදා ඕල් බ්ලැක්ස්ලා සමග පැවැත්වෙන ‘සී‘ කාණ්ඩයේ ඔවුන්ගේ අවසන් තරගයේ දී හොඳ හැටි ඇ`ගපත තලා ගන්නට වන නිසා ආජ්න්ටිනාව පරාජය කිරීමේ මාර්ගයක් සොයාගැනීම හැර වෙනත් විකල්පයක් ‘සී ඊගල්ස්ලාට’ නැත.
කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව වටයේ එළිපත්තට වී බලා සිටීමට සී ඊගල්ස්ලාට සිදුවී ඇත්තේ පසුගිය සති අන්තයේ නොසිතූ ලෙස ජෝර්ජ්යාවට පරාජය වීමේ දැඩි පසුතැවිල්ලද සිතෙහි ගුලි කරගනිමිනි. එය එසේ නොවුවානම් මේ වෙද්දී ‘සී‘ කාණ්ඩයේ ඔවුන් තරම් සතුටට පත්වන වෙනත් කණ්ඩායමක් නැති ගානය.
ජෝර්ජ්්ියාව සමග පැවැති තරගයේ දී මෙන් සීරුවෙන් හා වැඩි පරිස්සමකින් යුතුව කී‍්‍රඩා කිරීමට යාමෙන් පාඩමක් ඉගෙන ගත් බැවින් ඊයේ තරගයේ දී වේගවත් හා ආක්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කරමින් ප්‍රතිවාදීන් දැඩි වෙහෙසට පත්කිරීමට ටොංගා කී‍්‍රඩකයෝ මුල සිටම සිතාගත්හ. එය කී‍්‍රඩාංගණයට රැුස්ව සිටි 10,000 ක කී්රඩාලෝලීන්ගේද පී‍්‍රතියට හේතුවිය.
තරගයේ 5 වැනි මිනිත්තුවේදී වින්ග් කී‍්‍රඩක ටෙලූසා වයිනුට අනගි උත්සාහක දිනුමක් තැබීමට ෆ්ලෑන්කර් කී‍්‍රඩක ජැක් රාම් ඉතා දුර සිට පන්දුව සාර්ථකව පිරිනැමිම විස්මිත හපන්කමකි.
පසුව තරගය පුරා මේ කී‍්‍රඩකයන් දෙදෙනා එක්ව නැමීබියාවේ නාම්බන් ආන් බාන් කරගැනීමට පුදුමාකාර වෙහෙසක් දැරූ අතර උත්සාහක දිනුම් ද්විත්වයක් බැගින් රැුස් කිරීමට ද සමත්වූහ. ඉන් පළමුවැන්න ගෝලයක් බවට පත්කිරීමට ෆුල්බෑක් කී‍්‍රඩක වුන්ගා ලිලෝ සමත්වූවත් දෙවැන්නේ එල්ලය වැරැුදිණි. රාම්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා වූයේ තරගයේ 12 වැනි මිනිත්තුවේදී වුවත් ඒ වන විට ටොංගා පිල 12-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
වින්ග් කී‍්‍රඩක ජොහාන් ට්‍රොම්ප් 17 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ උත්සාහක දිනුම තියුන්ස් කොට්සේ සාර්ථක ලෙස ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු 7-12 කින් ලකුණු පරතරය අඩුකරගත් නැමීබියාවට පළමු භාගය නිමාවනතුරු හැරෙන්නටවත් නොදුන් ‘සී ඊගල්ස්ලා’ ඒ අතරතුර කාලයේ ලටිමි ෆොසීටාගේ උත්සාහක දිනුමෙන් සහ ලිලෝගේ ද`ඩුවම් පහරින් ලකුණු සංඛ්‍යාව 22 දක්වා ඉහළ දමාගත්හ.
විවේක කාලය වන විටත් ‘සී ඊගල්ස්ලා’ 22-7 ක් ලෙසින් ඉදිරියෙන් සිටියෝය.
තරගයේ දෙවැනි භාගයේ දී වයිනුගේ සහ රාම්ගේ දෙවැනි උත්සාහක දිනුම් වාර්තාවූයේ මිනිත්තු දහයක් ඇතුලතදීය. එහෙත් හිටිවනම තරගයට නොතිබූ ජීවයක් කැවූ නැමීබියානු පිලේ නායක ජැක් බර්ගර් පිට පිටම උත්සාහක දිනුම් දෙකකික් ලකුණු සංඛ්‍යාව 21 ක් දක්වා එසවූ නමුත් ඒ වන විට සී ඊගල්ස්ලා ලකුණු 32 ක් දක්වා තම ලකුණු පුවරුව වෙනස් කර තිබිණ.
අනතුරුව 72 වැනි මිනිත්තුවේ දී අතිරේක කී‍්‍රඩක කර්ත් මොරාත් දඩුවම් පහරක් සාර්ථක කරමින් සී ඊගල්ස්ලාගේ ලකුණු සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීය.
ටොංගා පිල ඊයේ තරගයේ දී රැුස් කළ උත්සාහක දිනුම් පහ ඔවුන් ලෝක කුසලාන තරගයක වාර්තා කළ ඉහළම උත්සාහක දිනුම් සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වෙද්දී ලෝක කුසලාන රග්බි ජයක් ලැබීමේ වසර 16 ක නැමීබියානු සිහිනය තවත් ඉදිරියට ඇදී ගියේය.
පෙනෙන හැටියට නම් ඕල් බ්ලැක්ස්ලාට කෙසේ වෙතත් ආජන්ටිනාවට නම් සී ඊගල්ස්ලා පරාජය කිරීම එතරම් ලෙහෙසි වන්නේ නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.