Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය පිල සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත බෝඩර් - ගවස්කර් කුසලාන ටෙස්ට් තරගමාලාවේ ජය තරගයක් ඉතිරිව තිබියදීම ඕස්්ටේ‍්‍රලියාවට හිමිකරදෙමින් මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැති තුන්වැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. විසඳුමකින් තොරව මේ තරගය නිමාවට පත්වීමත් සමගම තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ‘බෝඩර් - ගවස්කර්’ කුසලානය යළි අත්පත් කරගැනීමට සමත්විය.
ඕවර 70 කදී ලකුණු 384 ක අසීරු ඉලක්කයක් හඹායාමේ අරමුණ ඇතිව, දිවා ආහාරයට පසුව පිටියට පිවිසි ඉන්දීය පිල, තරගය නතරකර දමන විට කඩුලූ 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 174 කි. ඒ වන විට තරගයේ ඉතිරිව තිබුණේ ඕවර 4 ක් පමණි.
තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දීය පිල කඩුලූ 8ක් අතැතිව ජයග‍්‍රහණය සඳහා ලකුණු 280 ක් පසුපසින් සිටි අතර එතෙක් පන්දුවට හොඳින් මුහුණදුන් විරාට් කෝලී තේ පානයෙන් පසුව රයන් හැරිස් යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවෙන්ම දැවීගියේය. අනතුරුව තරගයේ ජයග‍්‍රහණය කරා යාම පසෙක දැමූ ඉන්දීය පිල ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරිම කැපී පෙනුණි.
සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන ලෝකේෂ් රාහුල් අනපේක්ෂිත ලෙස අංක 3 පිතිකරු ලෙස උසස්වීමක් ලබා දී පිටියට යැවීමට ඉන්දීය දෙවැනි ඉනිමේදී නායක මහේන්ද්‍ර සිං දෝනි ගත් තීරණයද යම් තරමක ආන්දෝලනාත්මක එකකි. තවමත් 22 හැවිරිදි මේ පිතිකරුවා ඉන්දීය පළමුපෙළ තරගබිමේ දි ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ ද පළමු ඉනිමේදී ද ඔස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන්නන්ට එතරම් සාර්ථකව මුහුණ දුන්නේ නැත.
මැදපෙළ පිතිකරුවකු ලෙස පිටියට පැමිණි ඔහු පළමු ඉනිමේ දී රැුස් කළේ ලකුණු 3 ක් පමණි. මිචෙල් ජොන්සන් යැවූ ඊළඟ ඕවරයේ දී රාහුල් එක් ලකුණකට දැවී යාමෙන් පසුව විරාට් කෝලි හා මුරලි විජේ අතර සම්බන්ධතාවක් ගොඩනැගිමට ඉඩ ලබා නොදුන් ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් 9 වැනි ඕවරයේ දී විජේගේ කඩුල්ල දවාගන්නා විට ඉන්දීය පිලේ ලකුණු පුවරුව දිස්වුයේ 15 ක් ලෙසිනි.
අනතුරුව පළමු ඉනිමේ දී විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි හා අජින්ක්‍යා රහානේ එක්ව ඉන්දීය ඉනිම තේ පානය වනතුරු ඇදගෙන ගියහ. ඒ අතරතුර කෝලි ඔහුගේ අර්ධ ශතකය ලබාගත්තේය.
ඊයේ තරගය නතර කරනවිට කඩුලූ 7 කට ලකුණු 261 ක් ලබා සිටි ඕස්ටේ‍්‍රලියාවට පිල අද උදෑසන ලබාගැනීමට හැකිවූයේ ලකුණු 57 ක් පමණි. ඒ අතරතුර කාලයේ කඩුලූ දෙකක් බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
අද තරගයේ ආරම්භයේ සිටම වරින් වර වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඉෂාන්ත් ෂර්මා යැවූ දිනයේ පළමු ඕවරයේ තුන්වැනි පන්දුව යැවීමත් සමග වර්ෂාව පතිත වූ අතර සිය ඕවරයේ ඉතිරි පන්දු 3 යැවීමට ෂර්මාට පැය භාගයකට වඩා බලා සිටිමට සිදුවිය. අනතුරුව දිවා ආහාරයට පැයකට පෙර නැවත වතාවක් වැසිපොද වැටෙන්නට පටන් ගත්තේය. එබැවින් දිවා ආහාර විවේකය පැය භාගයකින් කල් දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.
වඩාත්ම කණගාටුදායක සිදුවීම වූයේ සිය රටෙහි ටෙස්ට් තරගයක කිසිදාක ශතකයක් ලබා නොමැති ෂෝන් මාෂ් ලකුණු 99 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමට හසුවීමය.
ඕස්ටේ‍්‍රලියා ඉනිමේ අවසන් ඕවරයට පෙර උමේෂ් යාදෙව් යැවූ ඕවරයේ පළමු පන්දු 5 ටම ලකුණක් ලබාගත නොහැකිවූ මාෂ් අවසන් පන්දුවට කෙටි ලකුණක් ලබා තම ශතකය ලබාගැනීමට සූදානම් විය. එහෙත් ඔහු මිඞ් විකට් කලාපයට තල්ලූ කළ පන්දුව අහුළාගත් විරාට් කෝලි එය කෙළින්ම පන්දු යවන්නාගේ සීමාවේ කඩුල්ලට දමා ගැසූ අතර වේගයෙන් දිව ගියත් පන්දුව කඩුල්ලේ වැදීමට පෙර සීමාවට පැන ගැනීමට මාෂ් අසමත්විය.
31 හැවිරිදි මාෂ් ඊට පෙර ලකුණු 86 දී පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින්ට පෙරළා උඩපන්දුවක් දුන් නමුත් එය රැුක ගැනීමට අශ්වින්ට නොහැකිවිය. දිවා ආහාරයට පෙර ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කොට තම ශතකය වාර්තා කිරීමට බලා සිටි මාෂ් එම ඕවරයේ දීම අශ්වින්ට හයේ පහරකින් හා හතරේ පහරකින් සංග‍්‍රහ කළ නමුත් අවසන් උත්සාහය අසාර්ථක විය.
ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ මාෂ්ගේ දැවීයාමෙන් පසුවය.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම - 530
ඉන්දියාව - පළමු ඉනිම - 465
ඕස්ට්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - කඩුලූ 9 ට 318
ඉන්දියාව - දෙවැනි ඉනිම - 104/3
ඉන්දියාව - දෙවැනි ඉනිම - 171/6
(විරාට් කෝලී 54, අජින්ක්‍යා රහානේ 48, රයන් හැරිස් 30/2, මිචෙල් ජොන්සන් 38/2, ජොස් හේස්ල්වුඞ් 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.