Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාලෝලීන් මවිතයට පත්කරවමින් තරගයේ අන්තිම මිනිත්තුවේ දී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ලබාගත් විශිෂ්ට ගෝලයෙන් ඉරානය පරදවා ආජෙන්ටිනාව 1-0 කින් ජයග්‍රහණය කළේය. මේ ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් කණ්ඩායම් 16 ට එක්වීමට ආජන්ටිනාව සමත්විය.
‘එෆ්‘ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය බෙලෝ හොරිසොන්තේහී පැවැති අතර මුල් භාගයේ ගෝල ලබාගැනීමේ අවස්ථා දෙකක් ආජන්ටිනාවෙන් ගිළිහී ගියේය. පළමු භාගය නිමාවට පත්වූයේ 0-0ක් ලෙසය.
දෙවැනි භාගයේ දී ගෝලයක් ලබාගැනීමේ ඉතා පහසු අවස්ථාවක් ඉරානයෙන් මඟ හැරී ගියේය. ඉතා හොඳින් සංවිධානය වී සිටි ඉරාන ක්‍රීඩකයන්ගේ ඇට්ටර ක්‍රීඩා විලාශය හමුවේ ආජෙන්ටිනාව දැඩි පීඩනයකට ලක් වීමද විශේෂයෙන් දක්නට ලැබිණ.
තරගය පුරාම වැඩි අවධානයකට ලක්වූ ඉරානයේ අෂ්කන් ඩිජාගා 55 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීමේ ආසන්නතම අවස්ථාවට පැමිණියත් පැබ්ලෝ සබලේටාගේ බාධා කිරිමක් මත එය ව්‍යර්ථ විය. යාර 18 සීමාවේ සිදුවූ මේ බාධා කිරීමෙන් ඩිජාගා බිම ඇද වැටුණු අතර ආජන්ටිනාවට එරෙහිව දඬුවම් පහරක් ලබා ගැනීමට ඉරානය කළ දැඩි ඉල්ලීමද විනිසුරු ඉවත දැමුවේය.
මේ ජයග්‍රහණයත් සමග ආජෙන්ටිනාව සිය අවසන් ලෝක කුසලාන තරග 14 න් 11ක්ම ජය ගැනීමට සමත්ව සිටී. ඔවුන් පරාජයට පත්ව ඇත්තේ එක් තරගයකින් පමණි. ආජෙන්ටිනාව වෙනුවෙන් සහභාගි වූ සිය අවසන් තරග 7 දී ගෝල 8ක් වාර්තා කිරීමට ලයනල් මෙසී සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.