Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 යෝබෝගේ වැරදීමෙන් ප්‍රංශයට වාසනාව පෑදෙයි

යෝබෝගේ වැරදීමෙන් ප්‍රංශයට වාසනාව පෑදෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රමාද වී ලැබුණු පෝල් පොග්බාගේ ගෝලයත්, ප්‍රතිවාදී ක්‍රීඩක ජෝශප් යෝබෝ තමන්ගේම දැළ තුළට පන්දුව දමාගනිමින් ප්‍රංශයට පිරිනැමූ ගෝලයත් නිසා නයිජීරියාවට එරෙහිව ගෝල 2-0කින් තරගය ජයගෙන ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය.

තරගයෙන් පරාජයට පත්වූවත් නයිජීරියානු ක්‍රීඩකයෝ ආරම්භයේ සිටම ප්‍රංශයට එල්ල කළ දැඩි අභියෝගය කැපී පෙනුණි. නයිජීරියානු  ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාව මත ප්‍රංශ ක්‍රීඩකයන් පමණක් නොව තරගය නැරැඹීමට බ්‍රසීල ජාතික ක්‍රීඩාංගණයට පැමිණ සිටි බ්‍රසීලයේ ක්‍රීඩාලෝලීහූ ද දෙගිඩියාවට පත්ව සිටියහ.

20 වැනි මිනිත්තුවේ දී නයිජීරියාවේ එමානුවෙල් එමෙනිකේ ප්‍රංශ දැල තුළට රිංග වූ ගෝලය මුළු ක්‍රීඩාංගණයම විමතියට පත් කරවන්නට සමත්විය. එහෙත් එමෙනිකේ නීති විරෝධි ලෙස ‘ඕෆ් සයිඩ්‘ කලාපයේ සිටි බැවින් එම ගෝලය විනිසුරු විසින් නිශ්ප්‍රභා කරනු ලැබීය.

නයිජීරියාවෙන් එල්ල වූ ප්‍රබල ක්‍රීඩා රටාවට සාර්ථකව මුහුණදුන් අත්දැකීම් බහුල ප්‍රංශ ක්‍රීඩකයෝ පළමු භාගයේ අවස්ථා කිහිපයකදීම ගෝලයක් ලබාගැනීමේ ආසන්නයට පැමිණි නමුත් පළමු භාගය නිමාවට පත්වූයේ ගෝල රහිතවය.

ජයග්‍රාහී ප්‍රංශයේ පළමු ගෝලය වාර්තා වූයේ 79 වැනි මිනිත්තුවේ දීය. මැතිව් වැල්බියුනා යොමු කළ කෝනර් පහර ඩැහැ ගැනීමට නයිජීරියාවේ දැල රකින වික්ටර් එනියේමා අසමත් වූ අතර ඔහුගේ අතේ වැදී ඇදී ගිය පන්දුවට පෝල් පොග්බා හිසෙන් ගැසූ පහරින් එම ගෝලය වාර්තා විය.

අනතුරුව තරගයේ අවසන් මිනිත්තුවේ ප්‍රංශයේ ඇන්තෝනි ග්‍රිස්මාන්ගේ පහරක් වැළැක්වීමට නයිජීරියාවේ ජෝශප් යෝබෝ උත්සාහ කිරීමේ දී එය ඔවුන්ගේ දැළ රකින්නා අන්ද මන්ද කරවමින් ‘ඕන් ගෝලයක්‘ ලෙස දැළ තුළට ඇදී යාමෙන් ප්‍රංශයේ ජයග්‍රහණය තීන්දු විය.

පිළිමළුන් පිටු දැකීමේ වටයේ නවතම තත්ත්වය

 


අදහස් (0)

යෝබෝගේ වැරදීමෙන් ප්‍රංශයට වාසනාව පෑදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.