Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන්නන්ගේ ආක‍්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ඉතා ප‍්‍රවේසම් සහගත නමුත් සුභවාදී පිතිහරඹයක නිතර වන ඉන්දීය පිල සිඞ්නි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (8 වැනිදා) තේ පානය වනවිට සිය පළමු ඉනිමට වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 234 ක් ලබා සිටියේය. ඉන්දීය පිතිකරුවන් අද පෙරවරුවේදී සිය ඉනිමට එකතු කළේ ලකුණු 51 ක් පමණි.
ඊයේ දිනයේ නොදැවී සිටි රෝහිත් ෂර්මා හා ලෝකේෂ් රාහුල් අර්ධ ශතක රැස් කිරීමට සමත්වූ නමුත් දිවා ආහාරයට පෙර රෝහිත් ෂර්මාගේ කඩුල්ල බිඳ දැමීමට නේදන් ලයන් සමත්විය. ෂර්මා දැවී යාමෙන් පසුව එක්වූ විරාට් කෝලි සහ ලොකේෂ් ෂර්මා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක් එක්කරමින් තේ පානය වන තුරුත් ඔස්ටේ‍්‍රලියානුවන්ට අවස්ථාවක් නොදී ලකුණු රැස්කරමින් සිටියහ.
සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් ලෝකේෂ් රාහුල් පන්දු 262 කට මුහුණ දෙමින් හතරේ පහර 13 ක් සහ හයේ පහරකින් සිය ඉනිම සැරසීය.
කෙසේ වෙතත් ඉන්දියානුවෝ තවමත් ඕස්ටේ‍්‍රලියාවේ පළමු ඉනිමට වඩා ලකුණු 338 ක් පසුපසින් සිටිති.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7 ක් දැවී 572 යි
ඉන්දියාව පළමු ඉනිම කඩුලූ 2 ක් දැවී 234 යි
(ලෝකේෂ් රාහුල් නොදැවී 106, රෝහිත් ෂර්මා 53, විරාට් කෝලි නොදැවී 67, මිචෙල් ස්ටාක් 50/1, නේතන් ලයන් 71/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.