Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඝානා කණ්ඩායම සමග පැවැති තරගය ගෝල 2-1 කින් ජයගැනීමට පෘතුගාලය සමත් වූවත් අවසන් 16 දෙනාට එකතුවීමට දෙපිලටම අවස්ථාව අහිමිවිය. ‘ජී‘ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය බ්‍රසීල ජාතික ක්‍රීඩාංගණයේ පැවැති අතර ඝානා කණ්ඩායමට කෙසේවෙතත් පෘතුගාලයට නම් තවත් අමිහිරි අත්දැකීමක් එකතු කළ තරගයක් බවට පත්විය.
ජාත්‍යන්තර පාපන්දු බිමේ වඩාත්ම කතාබහට ලක්වූ, අසීමිත දස්කම් රැසකට උරුමකම් කියන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ නායකත්වය ලැබූ පෘතුගාලය මෙවර තරගමාලාව කෙරෙහි ඉමහත් බලාපොරොත්තු තබා සිටියේය. ඔවුන් පසුගිය ලෝක කුසලාන තරගමාලාවේ දී ඉවතට විසිවූයේ අවසන් 16දෙනාගේ තරග වටයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ පරාජයට පත් වෙමිනි.
කෙසේ වෙතත් මෙවර තරගමාලාවේ 16 දෙනා අතරට යාමට පෘතුගාලය අසමත්වූයේ ජර්මනිය සමග පැවැති තරගයෙන් බරපතල පරාජයකට පත්වීම හේතුවෙනි. එම තරගයේ දී පෘතුගාලයේ පෙපේ නීතිවිරෝධි ක්‍රියාවක් මත රතු කාඩ්පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමෙන් ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදුවූයේ ක්‍රීඩකයන් 10කගෙනි.
ඝානා පිලට එරෙහිව තරගය පුරා රොනල්ඩෝ ගෝල ලබාගැනීමේ අවස්ථා 6ක් උදා කරගත් නමුත් සාර්ථක වූයේ 80 වැනි මිනිත්තුවේ දී වම් පා පහරකින් ලබා ගත් ගෝලය පමණි.
තරගයේ පළමු ගෝලය 30 වැනි මිනිත්තුවේ දී පෘතුගාලය වෙතින් වාර්තා වූව ද ඇත්ත වශයෙන්ම එය ඝානාව විසින් පිරිනමන ලද ගෝලයක් විය.
පෘතුගාලයේ වෙලෝසෝ ඝානා දැළ රකින සීමාව තුලට පන්දුව ගෙන යමින් සිටිය දී ඝානාවේ ජෝන් බෝයි එය වැළැක්වීමට ගැසූ පහර අන්තිමට නතරවූයේ ඔවුන්ගේ දැළ රකින ෆටවු ඩවුඩාගේ හිසට ඉහළින් දැළ වෙත පතිත වෙමිනි. ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවනවිට පෘතුගාලය 1-0 කින් පෙරමුණ ගත්තේය. එහෙත් 57වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගත් ඝානාව තරගය 1-1ක් ලෙස සම කරගත්තේය.
අසාමෝත් ග්යාන් තම හිසෙන් ගැසූ විශිෂ්ට පහරෙන් එම ගෝලය වාර්තාවිය. 80 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ රොනල්ඩෝගේ ගෝලයත් සමග පෘතුගාලය 2-1 කින් පෙරමුණ ගත් අතර ඉන් පසුව ගෝල ලබා ගැනීමේ තවත් අවස්ථා දෙකක් ඔහුගෙන් මඟ හැරී ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.