Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්කොට්ලන්තය සමග පසුගියදා ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ අවසන් මිනිත්තුවේ දී දඩුවම් පහරක් පිරිනමමින් ඕස්ටේ්රලියානු වොලිබීස්ලාට මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් පූර්ව වටයේ දොරටු විවර කරදීමට දකුණු අපි‍්‍රකානු ජාතික තරග තීරක ක්‍රෙග් ජෝබට් ගත් මතභේදාත්මක තීන්දුව මේ වනවිට අන්තර්ජාතික රග්බි පිටිය කැළඹීමට පත් කළ සිදුවීමක් බවට පත්වී තිබේ.
ප්‍රතිවාදී කී‍්‍රඩකයකු නීත්‍යානූකූල සීමාවෙන් පිට (ඕෆ් සයිඞ්) සිටි බව කියමින් ජෝබට් එදින අන්තිම මොහොතේ වොලබීස්ලාට දඩුවම් පහරක් පිරිනමද්දී ලකුණු 34-32 කින් ඉදිරියෙන් පසුවූයේ ස්කොට්ලන්ත කණ්ඩායමයි.
එහෙත් තරග තීරකවරයාගේ තීන්දුවෙන් උපරිම ඵල නෙලාගත් බර්නාඞ් ෆෝලේ ගෝල කණුව අතරින් පන්දුව නිවැරැදිව යව වොලබීස්ලාට නොතිබූ ජයග්‍රහණයක් අත්කර දුන්නේය.
කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 77,000කට අධික කී්රඩාලෝලින් අතර ස්කොට්ලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ජයඝෝෂා හඩ නැගූ පිරිසකගේ දැඩි අප්‍රසාදයට පාත්‍ර වූ මේ සිදුවීමේ උණුසුම තවමත් පහවී ගොස් නැත.
තත්ත්වය තවත් දරුණු අතට හැරුණේ එය ජෝබට්ගෙන් සිදුවූ අත්වැරැුද්දක් බවට ලෝක රග්බි සංගමය ප්‍රකාශ කිරීමත් සමගය.
කෙසේවෙතත් තරගය නිමාවූ සැනින් ස්කොට්ලන්ත කී‍්‍රඩාලෝලීන්ගේ විරෝධතාවෙන් බේරීමට පිටියෙන් දිව ගිය ජෝබට් පසුව රග්බි විචාරකයන්ගේද දැඩි කෝපයට ලක්විය.
ජෝබට් එදින තරගයේ නිමාව සනිටුහන් කරමින් අවසන් නලා හඬ නිකුත් කොට පිටියෙන් දිව යාමට හේතුව ඔහුට වැසිකිළියට යාමේ අවශ්‍යතාවක් ඇතිවූ නිසා යයි කියමින් ලෝක රග්බි සංගමයේ ප්‍රධාන විධායක බ්‍රෙට් ගොස්පර් සරදම් කිරීම වෙනම කාරණයකි.
එහෙත් ස්කොට්ලන්ත පිලේ හිටපු නායකයකු වන ගැවින් හේස්ටිංග්ස් බී.බී.සී.පුවත් සේවයට කියා සිටියේ එදින තරගය නිමාවූ සැනින් ජෝබට් පිටියෙන් දිවගියේ උසේන් බෝල්ට්ගේ වේගය පරදවමින් බවය. ජාත්‍යන්තර රග්බි පිටියේ මෙවැනි අප්‍රසන්න සිදුවීමක් යළිත් නොදැකීම තම එකම ප්‍රාර්ථනය බව ද හේස්ටිංග්ස් කීවේ කෝපයෙන් යුතුවය.
මේ ගින්නට තවත් පිදුරු දැමුවේ වොලබීස්ලාගේ පුහුණුකරු මයිකල් චිකාය.
”මට ජෝබට් ගැන කණගාටුයි”
”ඔහු ඉතා හොඳ තරග තීරකවරයෙක්. ඒත් ඇයි ඔහුගේ තීරණය පිටියේ තිබූ රූපවාහිනී තිරයෙන් කී‍්‍රඩාලෝලීන්ට පෙන්වූයේ. ඊට පෙර තරගවල දී එවැනි දෙයක් සිදුවූයේ නෑ. නමුත් ජෝබට්ගේ තීරණය ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් ඔහුට අපහසුතාවකට පත්කළා”
”මම හිතන්නේ මේක හිතාමතා කළ දෙයක් කියලයි. මින් අපේ ජයග්‍රහණයත් හෑල්ලූවට ලක්වුණා. මේ මොහොතේ මමත් අපේ සගයනුත් ඔහුගේ පැත්තයි ගන්නේ. මං හිතනවා තරගාවලියේ සෙසු තීරකවරුත් ඔහුගේ සහයට නැගී සිටීවි කියලා” චීකා කීවේය.
කෙසේවෙතත් ජෝබට් අවසන් පූර්ව වටයේ තරගවලට එක්කාසු කරනොගැනීමට අන්තර්ජාතික රග්බි සංගමය තීරණය කළේ කාගෙත් වැඩි හොඳටය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.