Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වර්ෂාව නිසා 6 වැනි අදියර අවලංගු කරයි

වර්ෂාව නිසා 6 වැනි අදියර අවලංගු කරයි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධාරාණිපාත වර්ෂාවෙන් බාධා එල්ල වීම සහ ගමන් මාර්ගයේ විශාල මඩ වගුරු සෑදීම නිසා ඩකාර් රැළියේ 6 වැනි අදිරය අවලංගු කිරීමට එහි සංවිධායකයෝ පියවර ගත්හ. සෙනසුරාදා ආරම්භ වූ වර්ෂාව පැය 12 කට වැඩි වේලාවක් නොකඩවා ඇද හැලීම නිසා ඔරුරෝ සහ ලා පාස් නගර අතර පැවැත්වීමට නියමිතව තිබූ 6 වැනි අදියර මෙලෙස අවලංගු කිරීමට තරග සංවිධායකයන්ට සිදුවිය.

ඒ අනුව තරගයේ එකම විවේකී දිනය වූ ඊයේ (8 වැනිදා) දිනයට අමතරව තරගකරුවන්ට විවේක ගැනීම සඳහා අතිරේක කාලයක්ද හිමිවිය.

මෙවර පැවැත්වෙන 39 වැනි ඩකාර් රැළියේදී අංශක 40 ක පමණ ඉහළ උෂ්ණත්වය නිසා ආජන්ටිනාවේ පැවැති මුල් අදියර කිහිපය පුරා තරගකරුවන්ට දැඩි ලෙස පීඩා විඳීමට සිදුවිය.

“මීට වසර දෙකකට ඉහතදීත් බොලීවියාවේදී අපිට තරගය අතුරතුර වර්ෂාවෙන් පීඩා විඳීමට සිදුවුණා. ගිය අවුරුද්දේ නම් අපි තරග කළේ දීප්තිමත් ඉර එළිය මැද. මේ වසරේදි ඔන්න අයෙමත් වැස්ස ඇවිල්ලා අපිට බාධා කරන්න.” යැයි සිය 13 වැනි ඩකාර් රැළි ශූරතාව පසුපස හඹායන ස්ටෙපාන් පීටර්හැන්සල් කියා සිටියේය.

“පළමු දින 5 තුළ අපිට කිසිම බාධාවක් තිබුණෙ නෑ, නමුත් දැන් තියෙන තත්ත්වය අනුව ඉස්සරහට කුමක් වේවිද කියන්න මම දන්නේ නෑ. මොකද මේ වෙනකොටත් වැස්ස නිසා තරගයට මහ විනාශයක් වෙලා ඉවරයි.” යැයි පීටර්හැන්සල් තවදුරටත් පැවසීය.

තරගයේ දෙවැනි සතිය මෙන්ම 7 වැනි අදියර ආරම්භ කෙරෙන විට තවදුරටත් මෝටර් රථ අංශයේ පෙරමුණ තහවුරු කරගැනීමට පර්ජෝ කණ්ඩායමේ පීටර්හැන්සල් සමත්ව සිටින අතර ඔහුට වඩා මිනිත්තුවයි තත්ත්පර 09 ක් පසුපසින් සිටින ඔහුගේ කණ්ඩායම් සගයා සෙබස්තියන් ලොබ් දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

එංගලන්තයේ සෑම් සන්ඩර්ලෑන්ඞ් මේ වන විට යතුරුපැදි අංශයේ පෙරමුණ ගෙන සිටින්නේ  පෘතුගාලයේ පාවුලෝ ගොන්සාල්විස්ට වඩා මිනිත්තු 7 යි තත්ත්පර 07 ක් ඉදිරියෙන් සිටිමිනි.


මෝටර් රථ අංශය

1 ස්ටෙපාන් පීටර්හැන්සල් (ප්‍රංශය) - 14:02.58
2 සෙබස්තියන් ලොබ් (ප්‍රංශය) - 14:04.07
3 සිරිල් ඩෙස්පර්ස් (ප්‍රංශය) - 14:07.12
4 නානි රෝමා (ස්පාඥ්ඥය) - 14:08.33
5 මයිකෝ හිවොනන් (ෆින්ලන්තය) - 14:45.19


යතුරුපැදි අංශය

1 සෑම් සන්ඩර්ලෑන්ඞ් (එංගලන්තය) - 15:22.05
2 පාවුලෝ ගොන්සාල්විස් (පෘතුගාලය) - 15:34.05
3 ඇඞ්රියන් වැන් බෙවරේන් (ප්‍රංශය) - 15:38.12
4 ෆරේස් ගුවෙල් (ස්පාඥ්ඥය) - 15:43.02
5 මැතියාස් වෝක්නර් (ඕස්ට්‍රියාව) - 15:51.06


- 036

 


අදහස් (0)

වර්ෂාව නිසා 6 වැනි අදියර අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.