Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී තරග කිරීමට සිදුවන කණ්ඩායම තෝරාගැනීමේ පරීක්ෂණ බඳුවූ උණුසුම් මුහුණුවරකින් යුතුව දැන් පැවැත්වෙන මූලික වටයේ අවසන් තරග කිහිපය ලක්ෂ සංඛ්‍යාත කී‍්‍රඩාලෝලීන්ගේ අමන්දානන්දයට හේතුවූවත් එය පිටියට බසින කී‍්‍රඩකයන්ට නම් හීන්දාඩිය දමන තරමේ දෙගිඩියාවකින් සිත් කළඹවන සුළු එකකි.
ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේදී ඊයේ (10 වැනිදා) පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලා සහ වේල්සයේ ඩ‍්‍රැගන්ස්ලාත් එවැනිම ආතතියකින් යුතුව තරග වැදුණත් අන්තිමේ දී ලකුණු 15-6 කින් වොලබීස්ලා ජයගත්හ. එහි ඊළග ප‍්‍රතිඵලය වන්නේ ‘මියෙම්වා රැකෙම්වා’ වටයක් වන තීරණාත්මක දෙවැනි වටයේ දී දෙවතාවක්ම ලෝක රග්බි කිරුළ දිනූ දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ සටන්කාමීත්වයේ තරම මැන බැලීමේ අවස්ථාව වේල්සයට උදාවීමයි.
‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැන පසුවන සිය අසල්වාසී ස්කොට්ලන්තයට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේ යමක් කමක් කරගැනීමේ අරමුණ ඇතිව කල් මැරූ වේල්සයට ඊයේ තරගයේ ජය ලබා ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් විය. එහෙත් වොලබීස්ලා පිටියට පිවිසියේ ද එවැනිම අරමුණකින් යුතුව බැව් වේල්සය හොඳින්ම දැන සිටියේය.
දෙපිලම තොලකට මැදගෙන සිටියේ ඊළග වටයේ දී ස්පි‍්‍රංග්බොක්ස්ලා මග හැර සිය පි‍්‍රයතම ප‍්‍රතිවාදියා වූ ස්කොට්ලන්තය සමග තරග වැදීමටය. දෙපිලම තරගයේ මුල සිටම පෙරමුණ ගැනීමේ දැඩි සටනක නිරතවූයේ එබැවිනි.
මීට පෙර දෙපිල හමුවූ අවස්ථා 11 දීම ජයගෙන සිටි වොලබීස්ලාට ඊයේ තරගයේ ජයග‍්‍රහණය එක් අතකින් එතරම් අසීරු දෙයක් වූයේ නැත. එහෙත් ඊළග වටයේ දී දකුණු අපි‍්‍රකානුවන් මග හැරීමේ දැඩි අදිටනින් පසුවූ වේල්සයේ ඩ‍්‍රැගන්ස්ලාගේ දස්කම්වල දිග පළල හොඳින් දැන සිටි වොලබීස්ලා තරගයට අවතීර්ණ වූයේ ඊටම සරිලන උපායශීලී සැලසුමකින් යුතුවය.
තරගයේ සිවුවැනි මිනිත්තුවේ ලද දඩුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ වේල්සය ඊළග මිනිත්තු 20 පුරා අවස්ථා ගණනාවකදීම ස්ක‍්‍රම් පොදිය කඩා බිඳ දමමින් සිය සීමා ඉර වෙත පැනීමට වෙර දැරූ වොලබීස්ලාව සාර්ථකව වළක්වා ගැනීමට සමත්වූයේ ලකුණු 3-0 කින් පෙරමුණ ගනිමිනි. එහෙත් 24 වැනි මිනිත්තුවේදිත්, ඊට මිනිත්තු 5 කට පසුවත් ඕස්ටේ‍්‍රලියානුවන්ට දඩුවම් පහර දෙකක් සාර්ථක කරදෙමින් ලකුණු සංඛ්‍යාව 6-3 කින් ඉදිරියට ගෙනයාමට අතහිත දුන් ෆ්ලයි හාෆ් කී‍්‍රඩක බර්නාඞ් ෆෝලේ තරගයේ වාසිය කණපිට හරවා දැමීය.
33 වැනි මිනිත්තුවේ දී වේල්සයේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඩැන් බිගර්ගේ පිහිටෙන් තවත් දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු සංඛ්‍යාව 6-6 කින් සම කරගැනීමට ඩ‍්‍රැගන්ස්ලා සමත්වූවත් පළමුභාගය නිමාවීමට පෙර සිය තුන්වැනි දඩුවම් පහරත් සාර්ථක කරගත් ෆෝලේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු සංඛ්‍යාව 9-6 කින් ඉහළට ඔසවා තැබුවේය.
80,000 කට අධික කී‍්‍රඩාලෝලීන් පිරිසක් මැද කරට කර සටනක නිරතවූ දෙපිලම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දැඩි ප‍්‍රයත්නයක නිරතවූවත් ඊට අගලකින්වත් ඉඩ ප‍්‍රස්ථාවක් ලබානොදීමට දෙපිලම වග බලාගත්හ. තරගයේ දෙවැනි භාගයේ සිදුවූයේ ද ඒ ටිකමය. 50 වැනි මිනිත්තුවේ දී සිය සිවුවැනි දඩුවම් පහරත් සාර්ථකව එල්ල කළ ෆෝලේ වොලබීස්ලාගේ ලකුණු සංඛ්‍යාව 12-6 කින් ඉදිරියට ගෙනගියේ දෙපිල අතර ලකුණු පරතරය වැඩි කරදමමිනි.
එහෙත් ඔවුන්ගේ ආරක්ෂක වළල්ලේ හිඩැසක් සොයා ඒ අතරින් රිංගා යාමට 56 වැනි මිනිත්තුවේ දී වේල්සයේ ගැරත් ඬේවිස් සමත්වූවත් දරුණු කකුල් මාට්ටුවක් දමමින් විල් ජිනියා ඔහුගේ මග අහුරා දැමුවේ තරග තීරකවරයාගේ උදහස ගැනද තැකිමක් නොකරමිනි.
ඒ නින්දාශීලී බාධා කිරීම අනුව කහ කාඞ්පතේ දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමට ජිනියාට සිදුවූ අතර එය වඩාත් දරුණු අතට හැරුණේ ඊට මිනිත්තු තුනකට පසුව උත්සාහක දිනුමක් තැබීමට ඔන්න මෙන්න කියා සිටි වේල්සයේ ටවුලූපේ ෆැලටෝට කළ තවත් නීතිවිරෝධී බාධා කිරීමකින් ඞීන් මම්ට ද කහ කාඞ් පතේ සරදමට හසුවීමට සිදුවීමෙනි.
ඒ වනවිටත් ලකුණු 6-12 කින් පසුබැස සිටි වේල්සයේ ඩ‍්‍රැගන්ස්ලාට කී‍්‍රඩකයන් 13 දෙනකුට සීමාවූ වොලබීස්ලා හමුවේ සිය ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගැනීමට උදාවූයේ කදිම අවස්ථාවකි.
එහෙත් සටන්කාමීත්වය බිඳකුදු අඩුකර නොගත් වොලබීස්ලා තමා අත තිබූ ජයග‍්‍රහණය ප‍්‍රතිවාදීන්ට උදුරාගැනීමට ඉඩදුන්නේම නැත. ඔවුන්ගේ ජයග‍්‍රහණය තහවුරු වූයේ 72 වැනි මිනිත්තුවේ දී ෆෝලේගේ පස්වැනි ද`ඩුවම් පහරත් සමගිනි.
තරගය නිමාවීමට මිනිත්තු 4 ක් ඉතිරිව තිබියදී වේල්සයේ වින්ග් කී‍්‍රඩක අලෙක්ස් කුත්බර්ට් ද කහ කාඞ්පතේ අවවාදය ලැබූවත් එය දෙපිලම කළබලයට පත්කළ සිදුවීමක් වූයේ නැත.
මේ ජයග‍්‍රහණයත් සමග වොලබීස්ලාට ලබන 18 වැනිදා අර්ධ අවසන් පූර්ව වටයේ දී ස්කොට්ලන්තය හා තරග කිරීමේ අවස්ථාව උදාවූ අතර ඊට කළින් දිනයේ දී දකුණු අපි‍්‍රකානුවන්ගේ ජවය පරික්ෂා කිරිමේ අවස්ථාව වේල්සයට උදාවී තිබේ. මේ තරග දෙකම පැවැත්වෙන්නේ ට්විකන්හැම් පිටියේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.