Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ්රලියානු වොලබීස්ලා ඊයේ බර්මින්හැම් හී විලා පාක් කී‍්‍රඩාංගණයේ දී ලකුණු 65-3 කින් උරුගුවේ පිල පරාජය කරමින් අනිත් හැම කී‍්‍රඩාවකදී මෙන්ම රග්බි කී‍්‍රඩාවේදී ද තම සදාකාලික පසමිතුරු එංගලන්තය සමග මීළගට පැවැත්වෙන තරගයට හොඳ පෙරසූදානමක් ගත්හ.
මෙම ජයග්‍රහණයත් සමග වේල්සය දෙවැනි තැනට ඇද දමා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් වොලබීස්ලා මීළග සෙනසුරාදා (3) එංගලන්තය පරාජය කිරීමෙන් අර්ධ අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති. එය එසේ වුවහොත් සත්කාරක එංගලන්තයට දෙවැනි වටයට යාමේ සිහිනය එතැනින්ම නතර කරගැනීමට සිදුවනු ඇත.
තරගයේ 6 වැනි මිනිත්තුවේ දී උරුගුවේ ලොස් ටෙරෝස්ලාගේ සීමා ඉර ආසන්නයේ දෙපිලෙහිම කී‍්‍රඩකයන් එක රොත්තට පොර බදීද්දී ඉන් පන්දුව සොරා ගත් ෂෝන් මැක්මහෝන් ඇසිල්ලකින් තැබූ උත්සාහක දිනුමෙන් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළ වොලබීස්ලා ලකුණු 31-3 කින් පළමු භාගය නිමා කළහ. ඔවුන් ඒ වන විට උත්සාහක දිනුම් 5 ක් තම පිලට එක්කර තිබිණ.
මෙවර ලෝක කුසලාන තරගමාලාවේ දී එසේ කී‍්‍රඩක පොදියෙන් අවස්ථා 4 කදී පන්දුව සොරකම් සොරාගත් වොලබීස්ලා එම අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් උත්සාහක දිනුම් වාර්තා කළ තුන්වැනි අවස්ථාව මෙය විය.
වොලබීස්ලාගේ ලකුණු යන්ත්‍රය එසේ පණ ගැන්වූ මැක්මහෝන් ඊට මිනිත්තු දෙකකට පසුව ලබා දුන් ඉතා අනර්ඝ පන්දු පිරිනැමීමක් උත්සාහක දිනුමකික් කෙළවර කරගැනීමට වින්ග් කී‍්‍රඩක ජෝශප් ටොමානේ සමත් විය.
වොලබීස්ලා මෙසේ වේලාසනින්ම ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කිරීමෙන් අන්දමන්ද වී ගිය ලොස් ටෙරෝස්ලාට අන්ත අසරණ තත්ත්වයකට පත්වන්නට ඉඩ නොදී මේ ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන් ලකුණු ටිකක් උදුරාගැනීමට මාන බැලූ ඔගස්ටින් ඔර්මිචියා 14 වැනි මිනිත්තුවේ දී ගත් දැඩි උත්සාහය ව්‍යවර්ථවී ගියේ කොඞ් කූපර් දැමූ බරපතල කකුල් මාට්ටුවක් හේතුවෙනි. ඒ කකුල් මාට්ටුව කෙතරම් බරපතල එකක් දැයි සිතෙන්නේ වහාම රූපවාහිනී තරග නිලධාරියාගේ සහය ලබා තත්ත්වය පැහැදිලි කරගත් තරග තීරක පැස්කල් ගොසරී කහ කාඞ් පත පෙන්වා කූපර් පිටියෙන් ඉවත්කිරීම නිසාය.
කෙසේ වෙතත් තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ලද ද`ඩුවම් පහරකින් මේ ප්‍රබල කණ්ඩායම හමුවේ ලකුණු 3 ක් සොරා ගැනීමට ලොස් ටෙරෝස්ලා නිලකුණු තත්ත්වයකින් තොරව පළමු අර්ධය නිමා කළහ.
දින දෙක තුනකට කලින් දෙවැනි වරටත් තාත්තා කෙනකුවූ නව නායක ඞීන් මම්ගේ උත්සාහක දිනුම වාර්තා වූයේ ඊට මිනිත්තුවකට පසුවය.
නික් පිප්ස්ගේ ඉතා පහසු පන්දු පිරි නැමිමක් කිසිදු කරදරයකින් තොරව ප්‍රතිවාදීන්ගේ සීමා ඉරෙන් ඔබ්බට තැබිමට මම්ට ඒ හැටි වේලාවක් ගතවූයේ නැත. 25 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමෙන් පසුව ඊළ`ග මිනිත්තු 10 තුළ තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් අත්කර ගැනීමට වොලබීස්ලා සමත්වූහ.
හෙන්රි ස්පීට් 30 වැනි මිනිත්තුවේදිත්, බෙන් මැකල්මන් 35 වැනි මිනිත්තුවේදිත් තැබූ උත්සාහක දිනුම් ද්විත්වය කූපර් සාර්ථක ලෙස ගෝල බවට පත් කරමින් විවේක කාලයට පෙර වොලබීස්ලාගේ ලකුණු සංඛ්‍යාව 31-3 කින් ඉහළට එසවිණ.
කිසිදු ද`ඩුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථාවක් නොලැබුණු නිසා කූපර්ට ඊයේ වැඩිපුර වෙහෙසවීමට සිදුනොවුවත් වරින් වර සිය සගයන් තැබූ උත්සාහක දිනුම් ගෝල බවට පත්කිරීමේ වගකීම කරපින්නා ගැනීමට සිදුවී තිබිණි. ඊයේ ඔහු විසින් ගෝල බවට පත්කරනු ලැබූ උත්සාහක දිනුම් ප්‍රමාණය 5 කි.
දෙවැනි භාගය ආරම්භයේදී මිනිත්තු 6 ක් තුළ උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළ වින්ග් කී‍්‍රඩක ඩි්රව් මිචෙල් ඕස්ටේ්රලියානුවන්ගේ ලකුණු සංඛ්‍යාව 41-3 ක් ලෙසින් ඔසවා තැබීය. එය තවත් ඉහළට ගෙන ගිය බෙන් මැකල්මන් 60 මිනිත්තුවේ දී ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළේය.
ඊළ`ග මිනිත්තු 10 පුරා තවත් උත්සාහක දිනුම් ද්විත්වයකි.
ඉන් පළමුවැන්න 68 වැනි මිනිත්තුවේදී තබනු ලැබුවේ මැක්මහෝන් විසිනි. එය ඔහුගේ ද දෙවැනි උත්සාහක දිනුම විය. එය වාර්තාවූයේ ද ප්‍රතිවාදීන්ගේ සීමා ඉර ආසන්නයේ වොලබීස්ලා එක පොදියට පන්දුවට පොරකද්දී කිසිදු කරදරයකින් තොරව එය සොරකම් කිරීමෙනි.
ඊයේ සිය මංගල ලෝක කුසලාන තරගයට මෙන්ම දෙවැනි ජාත්‍යන්තර තරගයට කී‍්‍රඩා කරමින් කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්වූ මේ 21 හැවිරිදි යෞවනයා උත්සාහක දිනුම් ද්විත්වයට අමතරව ප්‍රතිවාදීන්ට සාර්ථක කකුල් මාට්ටු 9 ක්ද දමා තිබිණි.
තරගයේ 70 වැනි මිනිත්තුවේදී මැට් ටූමොවා රැුස් කළේ වොලබීස්ලාගේ 10 වැනි උත්සාහක දිනුමයි. ටෙවිටා කුරිඩ්රානී වොලබීස්ලාට 11 වැනි උත්සාහක දිනුම ගෙන දුන්නේ තරගයේ අන්තිම මිනිත්තුවේ දීය. ඊයේ ඔවුන් රැුස් කළේ මෙවර ලෝක කුසලාන තරගමාලාවේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
කී‍්‍රඩාලෝලීන් 40,000කට ආසන්න පිරිසක් මැද වොලබීස්ලා පෙන්වූ මේ දස්කම නිසා උරුගුවේ ලොස් ටෙරෝස්ලාට කෙසේවෙතත් එංගලන්තයට නම් උණ ගැනුණු එකකි. එමෙන්ම මේ ජයග්‍රහණය ඕස්ටේ්රලියානු පුහුණුකරු මයිකල් චීකාටත් දැඩි හිසරදයක් ගෙන දුන් එකක් විය.
ෆිජී කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති සිය පළමු තරගය ජයගත්තත් ප්‍රසාද ලකුණ අහිමිවීම නිසා පසුතැවිල්ලට පත්වූ වොලබීස් පුහුණුකරු මේ තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් 14 ක්ම කර තිබූ අතර දැන් ඔහුගේ හිසරදයට හේතුවී ඇත්තේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයට කණ්ඩායම තෝරාගන්නේ කෙලෙසද යන්නය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.