Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වෝනර්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය

වෝනර්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කණ්ඩායමේ සම්පූර්ණ බර කරට ගත් ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් සිය එක්දින තරග දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් එංගලන්තය සමග සිඞ්නි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද පැවැති දිවා/රාත‍්‍රී තරගයෙන් කඩුලූ 3 ක ජයක් කරා  ඕස්ටේ‍්‍රලියානු පිල කැඳවාගෙන ගියේය. ‘කාල්ටන් මිඞ්’ තුන්කොන් තරගාවලියේ පළමු තරගය මෙයයි.


සිය සම්ප‍්‍රදායික ක‍්‍රිකට් පසමිතුරන් වන  එංගලන්ත පිල වෙතින් සැලකිය යුතු තරම් අභියෝගයක් එල්ල නොවුණත් ප‍්‍රසාද ලකුණක් සමග තරගය ජයගැනීමේ පිපාසයෙන් පෙළුණු  ඕස්ටේ‍්‍රලියානුවන් ඉනිම නිමාවීමට  ඕවර 10 ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රාහී ලකුණ සටහන් කළේ ප‍්‍රසාද ලකුණක් ද සහිතවය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් ලැබූ අනර්ඝ ශතකයේ උණුසුම මකා දැමූ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරුවා, ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස, 39 වැනි  ඕවරයේ දී පිටියෙන් ඉවත්ව ගියේ ලකුණු 127 ක් රැුස් කරමිනි. ඒ වනවිට ජයග‍්‍රහණය සඳහා  ඕස්ටේ‍්‍රලියාවට අවශ්‍යව තිබුණේ ලකුණු 8 ක් පමණි.

පන්දු 115 කට මුහුණදුන් වෝනර්ගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 18 ක් ඇතුළත් විය.
පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ටත් සම සමව වාසනාව බෙදා දුන් සිඞ්නි ක‍්‍රිකට් තණතීරුවේ සිය ආරම්භක සගයා වන ඒරන් ෆින්ච්ගෙන් (15) සහ ෂේන් වොට්සන්ගෙන් (16) ඒ හැටි සහයක් නොලැබූ වෝනර් පසුව නායක ස්ටීවන් ස්මිත් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 87 ක කදිම සම්බන්ධතාවක් ගොඩනැගීම කැපී පෙනුණි.


ස්මිත් ලකුණු 37 කට දැවී ගියේ මුයින් අලීගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. අනතුරුව ජෝර්ජ් බේලි (10) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර් ඒ අතරතුර සිය ශතකය වාර්තා කළේ මුයින් අලීගේ පන්දුවක් ෆයින් ලෙග් කලාපය හරහා හතරේ සීමාවට යොමු කරමිනි.


බේලි දැවී ගියේ ක‍්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට කඩුලූ රකින ජොස් බට්ලර් වෙත උඩපන්දුවක් ලබාදීමෙනි. ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු නොලබා දැවී ගියේ ඒ  ඕවරයේදීමය. ඔහු දැවී ගියේ ද බට්ලර් වෙත උඩපන්දුවක් දීමෙනි.


ස්ටුවර්ට් බ්‍රෝඞ් යැවූ ඊළඟ  ඕවරය ඇරැුඹෙද්දී ප‍්‍රසාද ලකුණක් සමග තරගය ජයගැනීමේ අරමුණ  ඕස්ටේ‍්‍රලියානුවන්ට තදින්ම දැනෙන්නට විය. එහි ප‍්‍රතිළුලය වූයේ එම  ඕවරයේ දී බ‍්‍රැඞ් හැඩින් පිට පිට හතරේ පහර 3 කුත්, වෝනර්ගෙන් තවත් හතරේ පහරකුත් සමග ලකුණු 17 ක්  ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වීමයි.


මිචෙල් ස්ටාක් යැවූ  අදහාගත නොහැකි පළමු  ඕවරයේදීම කඩුලූ 2ක් බිඳ වැටී දරුණු පසුබෑමකට ලක්වූ එංගලන්ත ඉනිම ගොඩගත් නායක ඔයින් මෝගන් විශිෂ්ට ශතකයක් ලබාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 234 දක්වා රැුගෙන යාමට සමත්විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට එංගලන්තය ගත් තීරණය අභියෝගයකට ලක්කළ ස්ටාක් පළමු  ඕවරයේ පළමු පන්දුවෙන් ඉයන් බෙල් ද, තුන්වැනි පන්දුවෙන් ජේම්ස් ටේලර් ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේ කඩුල්ල තුළට දෝලනය වන පන්දු දෙකකිනි.
නිවැරැුදිව හා වේගවත්ව නව පන්දුව භාවිතා කළ ස්ටාක් සමග අනෙක් අන්තයෙන් පන්දු යැවීම ආරම්භ කළ පැට් කමින්ස් ඊට නොදෙවැනි අන්දමේ පන්දුවකින් එංගලන්ත පිලේ තුන්වැනි කඩුල්ල ලෙස ජෝ රූට් ලකුණු 5 කට දවාගත්තේ ඉනිමේ සිවුවැනි  ඕවරයේදීය.


ලකුණු 12 කට කඩුලූ 3 ක් වැටී තිබියදී මුයින් අලී සමග එක්වූ නායක මෝගන් එංගලන්ත ඉනිම ගොඩගැනීමේ සටනට පිවිසියත් ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාගෙන් පසුව පන්දුව භාරගත් ජේම්ස් ෆෝක්නර් හා සේවියර්  ඩොහර්ටි එංගලන්ත මැදපෙළට දුන් දරුණු පීඩනය හමුවේ වැඩිවේලා යාමට පෙර තවත් කඩුලූ දෙකක් බිඳ වැටිණි.  


අලීගේ (22)  කඩුල්ල ෆෝක්නර් විසින් දවාගන්නා ලද අතර රවී බොපාරා (13) දවාලීමේ ගෞරවය හිමිවූයේ ඩොහර්තිටය. ඒ අනුව කඩුලූ 5 ක් ලකුණු 69ක් තුළ බිඳ දැමූ ඔස්ටේ‍්‍රලියානු වේගපන්දු බලඈණිය හමුවේ සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කළ නායක මෝගන් සහ ජොස් බට්ලර් (28) එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 67 ක සම්බන්ධතාවක් ද, මෝගන් සහ ක‍්‍රිස් වෝක්ස් (8) එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 32 ක සම්බන්ධතාවක් ද ගොඩනැංවූහ.


ඉතා මන්දගාමීව ඉනිම ඇරඹූ මෝගන්ගේ අර්ධ ශතකයට පන්දු 88 ක් වැය වූවත් ඊළඟ ලකුණු 50 වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු  39 කට පමණි. මෝගන් අවසන් වරට ශතකයක් ලැබුවේ තරග 20 කට පෙරය. ඔහුගේ අවසන් එක්දින තරග 19 දී වාර්තාවී තිබුණේ අර්ධ ශතකයක් පමණි.
ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට උත්සාහ කිරීමේදී මෝගන් දැවී යාමට පෙර මිචෙල් ස්ටාක්ට හයේ පහරකින් සහ හතරේ පහරකින් සංග‍්‍රහ කර තිබිණි.


එංගලන්තය -  ඕවර 47.5 කදී සියලූ දෙනා  දැවී 234 යි
(ඔයින් මෝගන් 121, ජොස් බට්ලර් 28, මුයින් අලි 22. මිචෙල් ස්ටාක් 42/4, ජේම්ස් ෆෝක්නර් 47/3)
 ඕස්ටේ‍්‍රලියාව -  ඕවර 39.5 කදී කඩුලූ 7 ක් දැවී 235
(ඬේවිඞ් වෝනර් 127, ස්ටීවන් ස්මිත් 37, ක‍්‍රිස් වෝක්ස් 40/4)

 


අදහස් (0)

වෝනර්ගේ ශතකයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.