Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ශ්‍රී ලංකා පිල දරුණු පරාජ වැලක

ශ්‍රී ලංකා පිල දරුණු පරාජ වැලක

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොනාකෝ  රාජ්‍යයේ II වැනි ලුවී ක්‍රීඩාංගණයේ දී ඊයේ (18 වැනිදා) ආරම්භ වූ  මොනාකෝ සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරගවලින් පරාජයට පත්වීය.

අගෝස්තු මස බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පළමු වරට පැවැත්වෙන සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම තෝරාගැනීම සඳහා මෙම තරගාවලිය පැවැත්වේ.

මේ තරගාවලියේ ‘බී‘ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව එහි දී ජර්මනිය සමග පැවැති පළමු තරගයෙන් ලකුණු 42-5 කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකා නායක සුදර්ශන මුතුතන්ත්‍රි මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම ගෙන ආවේය.

ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී කැනඩාව හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 57-0 කිනි.

උරුගුවේ පිල සමග ඊයේ රාත්‍රීයේ පැවැති මූලික වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 14 ක් ලබාගත් නමුත් එම තරගයද ලකුණු 40-14 ක් ලෙසින් පරාජයට පත්විය.

පළමු දිනයේ පැවැති තරගවලින් ජය ලබා අදාල කාණ්ඩයේ පළමු හා දෙවැනි තැනට පත්වූ කණ්ඩායම් 8 අද (19 වැනිදා) කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගවලට එක්වී සිටි. තුන්වැනි හා සිවුවැනි ස්ථාන ලැබු සෙසු කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව අභියෝගතා කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට එක්වී සිටී.  

ශ්‍රී ලංකාව අභියෝගතා කුසලාන අර්ධ අවසන් පුර්ව වටයේ දී මොරොක්කෝව සමග තරග වැදීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.07 ට පැවැත්වේ. මේ තරගයේ ජයග්‍රාහකයන් සිම්බාබ්වේ හෝ මෙක්සිකෝ පිල සමග අභියෝගතා කුසලාන තරග වටයේ අවසන් පූර්ව තරගයට එක්වනු ඇත.

ඊයේ පැවැති තරග ජයග්‍රහණ කරමින් කුසලාන වටයට එක්වූ අයර්ලන්තය, ස්පාඤ්ඤය, රුසියාව, කැනඩාව, හොංකොං, සැමෝවා, ජර්මනිය සහ චිලී රාජ්‍යය රියෝ ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් අද අර්ධ අවසන් පූර්ව වටයට එක්වී සිටිති.

 

(ඡායාරූප : ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ අනුග්‍රහයෙනි)

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල දරුණු පරාජ වැලක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.