Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ශ්‍රී ලංකා පිල පිළිගැනීමට බ්‍රසීලය සූදානම්

ශ්‍රී ලංකා පිල පිළිගැනීමට බ්‍රසීලය සූදානම්

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 50 රයිෆල් සහ මීටර 10 වායු රයිෆල් ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන මංගල සමරකෝන්ට ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනිය විසින් රියෝ තරගාවලියේ ගමන්මල්ලක් ප්‍රදානය කළ අවස්ථාව. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාද ඡායාරූපයේ සිටී.

රියෝ ඔලිම්පික් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපැතීමේ උත්සවයක් අද (21 වැනිදා) පෙරවරුවේදී කොළඹ ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේදී පැවැත්විණ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනි එළිසබෙත් -සොෆී මසෙලා ඩි බොස්කෝ බස්ලා මහත්මියද සභභාගි වූවාය.


ශ්‍රී ලංකා කණ්ඩායම ඇමතූ ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනිය ප්‍රකාශ කළේ රියෝ ද ජනෙයිරෝහිදී ඔලිම්පික් තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාමත් සාදරයෙන් පිළිගැනීමට බ්‍රසීල ජනතාව මග බලාගෙන සිටින බවයි.


ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාත්, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ උප සභාපතිවරුන් මෙන්ම රියෝ ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.


රියෝ ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා අතුරින් නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මේ වන විටත් කෙන්යාවේ විශේෂ පුහුණුවක් ලබමින් සිටි. පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම් දෙදෙනාත් විදේශගතව පුහුණුවීම් වල නියැලෙමින් සිටින අතර සුදේශ් පීරිස් ස්ලෝවේනියාවේ පුහුණුවීම් වල නිරතව සිටී.


මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 30 වැනිදා සහ අගෝස්තු 01 වැනිදා බ්‍රසීලය බලා පිටත්ව යනු ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සපයන්නා ලෙස හමීඩියාස් ආයතනය කටයුතු කරයි. ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ තොරතුරු තාක්‍ෂණ සැපයුම්කරුවා වශයෙන් අයි. ඩී. එම්. ආයතනය කටයුතු කරයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රාහක පාර්ශ්වකරුවන් වන ඔමේගා සමාගමද ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටී.


අදහස් (0)

ශ්‍රී ලංකා පිල පිළිගැනීමට බ්‍රසීලය සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.