Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ශ්‍රී ලංකාව මොනාකෝ නුවරදී සටනට බසී

ශ්‍රී ලංකාව මොනාකෝ නුවරදී සටනට බසී

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන අගෝස්තුවේ දී රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ඉතිහාසයට එක්වන මංගල සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදාකරගන්නා අවසන් කණ්ඩායම බවට පත්වීමේ අපේක්ෂාවෙන් ලෝක රග්බි පිටියේ ප්‍රබලතම රටවල් 16ක් හෙට සහ අනිද්දා මොනාකෝ රාජ්‍යයේ II වැනි ලුවී ක්‍රීඩාංගණයේ දී වාසනාව උරගා බලති.

අන්තර්ජාතික සත් සාමාජික රග්බි පිටියේ ඉහළම තලයේ කණ්ඩායම් 11 ක් දැනටමත් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ප්‍රවේශපත් වෙන්කර ගෙන සිටිති. මොනාකෝ සෙවන්ස් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායම ඊට එක්වන 12 වැනි සහ අවසන් රට බවට පත්වනු ඇත.

ඔලිම්පික් සත් සාමාජික රග්බි තරගාවලියට වරම් ලැබූ එකම ආසියාතික කණ්ඩායම බවට ජපානය පත්වී සිටියි.

අප්‍රිකානු මහාද්වීපයෙන් දකුණු අප්‍රිකාව සහ කෙන්යාවත්, යුරෝපයෙන් ප්‍රංශය සහ මහා බි්‍රතාන්‍යයත්, ශාන්තිකර කලාපයෙන් ෆිජී, නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාවත්, දකුණු අමෙරිකාවෙන් ආජන්ටිනාවත්, උතුරු අමෙරිකාවෙන් එක්සත් ජනපදයත්, සත්කාරක බ්‍රසීලයත් රියෝ ඔලිම්පික් රග්බි තරගාවලියේ සෙසු රටවල් වෙති.

ලෝක රග්බි සංගමයේ ආරාධනාව පරිදි ශ්‍රී ලංකාව සමග හොංකොං සහ දකුණු කොරියාව මොනාකෝ සෙවන්ස් තරගාවලියට සහභාගි වන්නේ ආරාධිත කණ්ඩායම් වශයෙනි.

‘ඒ, බී, සී සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 4 බැගින් මූලික වටයේ දී එකිනෙකාගේ දස්කම් උරගා බලන මොනාකෝ සෙවන්ස් තරගාවලියට ‘බී‘ කාණ්ඩයෙන් එක්වන ශ්‍රී ලංකාව හෙට පස්වරු 3.36 ට ජර්මනිය සමග පළමු තරගයට සහභාගි වෙයි. අනතුරුව හෙට පස්වරු 6.29 ට කැනඩාව සමග තරග වැදීමට නියමිත ශ්‍රී ලංකාව මූලික වටයේ අවසන් තරගයට උරුගුවේ පිල සමග හෙට රාත්‍රී 9.44 ට තරග වදී
සුදර්ශන මුතුත්න්ත්‍රීගේ නායකත්වයෙන් තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ලොව ප්‍රබලතම රටවල් රැසක් සමග ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී ඇති අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ යොවුන් ක්‍රීඩකයන්ගේ සංකලනයකින් ඊට එක්වෙමින් කදිම අත්දැකීම් සමුදායක් අත්කරගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවී තිබේ.
 
එංගලන්ත සත් සාමාජික රග්බි පිලේ හිටපු ක්‍රීඩක මැට් ටර්නර්ගේ පුහුණුකාරීත්වයෙන් මොනාකෝ සෙවන්ස් තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකාව දෙවැනි වටයට පිවිසීමට සමත් වුවහොත් චිලී, ස්පාඤ්ඤය, සැමෝවා, සිම්බාබ්වේ වැනි ප්‍රබල කණ්ඩායම් රැසක් සමග තරග කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

 


මොනාකෝ සෙවන්ස් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම  

සුදර්ශන මුතුත්න්ත්‍රී (නායක), ෆාසිල් මරිජා, රොෂාන් වීරරත්න, ශ්‍රීනාත් සුරියබණ්ඩාර, සයුරු ඇන්තනී, කාංචන රාමනායක, ධනුෂ්ක රංජන්, කවිඳු පෙරේරා, රිචඞ් ධර්මපාල, ජේසන් දිසානායක, ධනුෂ්ක දයාන්, රෝචන හෙට්ටිආරච්චි.

රොහාන් චින්තක (කළමණාකරු),
මැතිව් ටියුනර් (පුහුණුකරු)
අමිත් ජයසේකර (භෞත චිකිත්සක)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව මොනාකෝ නුවරදී සටනට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.