Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හොන්ඩියුරාස් කණ්ඩායමට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ ස්විට්සර්ලන්තයේ ෂර්ඩන් ෂාකිරි 3-0කින් තරගය ජයගෙන අවසන් 16දෙනා අතරට යාමට ස්විට්සර්ලන්තයට මඟ පාදා දුන්නේය. ‘ඊ‘ කාණ්ඩයේ තරගයක් ලෙස ඇමසෝනියා හී පැවැති මේ තරගයේ රැස්කළ ගෝල තුනටම හිමිකම් කී ෂාකිරි දවසේ තරුව බවට පත්විය.
තරගයේ 6 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා වූ අතර දෙවැනි ගෝලය 31 වැනි මිනිත්තුවේදිත්, තුන්වැනි ගෝලය 71 වැනි මිනිත්තුවේදිත් වාර්තා විය.
තරගය පුරාම පන්දුව වැඩිපුරම තිබුණේ ෂාකිරි ප්‍රමුඛ ස්විට්සර්ලන්ත ක්‍රීඩකයන්ගේ දෙපා අතරය. එහෙත් 22 හා 49 මිනිත්තුවල දී පමණක් ගෝල ලබාගැනීමේ ආසන්නයට පැමිණීමට හොන්ඩියුරාස් ක්‍රීඩකයෝ සමත්වූහ.
අනතුරුව 61 වැනි මිනිත්තුවේ දී ජෙරී පැලැෂියස් ස්විට්සර්ලන්ත පිලේ දැළ තුළට පන්දුව යැවීමට සූදානම් වනවිටම ජොහාන් ජොයුරූගේ බාධා කිරීම හමුවේ ඇද වැටිණි. එය නීතිවිරෝධි බවටහොන්ඩියුරාස් ක්‍රීඩකයන් දඬුවම් පහරක් ඉල්ලා සිටියත් එය විනිසුරු ප්‍රතික්ෂේප කළේය. ඇත්ත වශයෙන්ම එය ප්‍රදානය කළ යුතු දඬුවම් පහරක් බවත්, බරපතල ලෙස තරග නීති උල්ලංඝනය කිරිමක් දක්නට ලැබීම මත ජොහාන් ජොයුරූට රතු කාඩ් පත ලබා නොදීම විමතියට කරුණක් බවත් තරග විස්තර විචාරකයන්ගේ අදහස විය.
කෙසේවෙතත් එය ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ ෂාකිරිගේ රාත්‍රියක් බවට පත්විය. දෙවැනි වටයේ දී ස්විට්සර්ලන්තයට හමුවන්නේ ආජන්ටිනා කණ්ඩායමය. දෙපිල අතර දෙවැනි වටයේ තරගය ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.