Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ෂෝන් ඇබට් යළි පිටියට බසී

ෂෝන් ඇබට් යළි පිටියට බසී

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඔස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන ක‍්‍රීඩක ෂෝන් ඇබොට් නැවතත් ක‍්‍රිකට් පිටියට එක්වන ලකුණු පහළ කර ඇත. ඒ ෂෙෆිල්ඞ් ෂීල්ඞ් ප‍්‍රාන්ත කි‍්‍රකට තරගාවලියේදී නැවත ක‍්‍රීඩා කිරීම ආරම්භ කිරීමත් සමගිනි. ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තය සමගින් අද (09) පැවැත්වෙන තරගය සඳහා නම්කළ නිව් සවුත්වේල්ස් සංචිතයට ෂෝන් ඇබොට් නම් කර ඇත. ඒ අනුව ඊයේ (08දා) ඔහු පුහුණුවීම් කටයුතු සඳහාද එක්විය.

22 හැවිරිදි තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ෂෝන් ඇබෝට් පසුගිය 25 වැනිදා ෂෙෆිල්ඞ් ෂීල්ස් ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලිය අතරතුරදී යැවූ බවුන්සර් පන්දුවක් හිසෙහි වැදීමෙන් ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක පිලිප් හයුස් මරණයට පත්විය. අදාළ සිදුවීමෙන් පසු ඇබොට් දැඩිලෙස මානසික කම්පනයට ලක්වූ බවද විදෙස් මාධ්‍යවල වාර්ථා විය.


අදහස් (1)

ෂෝන් ඇබට් යළි පිටියට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.