Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට සහ දකුණු අපි‍්‍රකාවට මෙන් සංස්කෘතික හෝ ඓතිහාසික මට්ටමේ එදිරිවාදිකම් කිසිවක් නොමැති ඕස්ටේ‍්‍රලියාවේ වොලබිස්ලා සහ ආජන්ටිනාවේ පූමාස්ලා හෙට (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ දෙවැනි අවසන් පූර්ව තරගයට එක්වන්නේ දෙපිල කෙරෙහිම යම්කිසි ගරුත්වයකින් යුතුවය.
ට්වීකන්හැම් කී‍්‍රඩාංගණයේදී, ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාතී‍්‍ර 8.30 ට ආරම්භ වන මේ තීරණාත්මක අවසන් පූර්ව තරගය සෑහෙන කාලයකට පසුව දෙපිලේහිම කී‍්‍රඩාලෝලින්ට එකට එක්වී සතුට බෙදාහදාගැනීමට අවස්ථාව උදාකර දෙන එකකි.
පළමුවරට 1979 දී එකිනෙකා හා තරග වැදුණු මේ දෙපිල අතර මෙතෙක් පැවැති තරග 24 න් 18 ක්ම ජයගෙන ඇත්තේ වොලබීස්ලා හෙවත් ඕස්ටේ‍්‍රලියානුවන්ය.
පූමාස්ලා තරග 5 ක් ජයගෙන ඇති අතර ඉතිරි තරගය නිමාවට පත්වූයේ විසඳුමකින් තොරවය.
නමුත් හෙට පැවැත්වෙන තරගය මේ දෙපිලටම මීට පෙර එකිනෙකා තරග කළ ආකාරයට වැඩි උණුසුමක් ලබා දෙන එකක් බවට පත්වී තිබේ. වසර 2007 න් පසුව අවසන් පූර්ව තරගයට එක්වූ පූමාස්ලා මෙන් නොව වොලබීස්ලා නම් හෙට තරගයට එක්වන්නේ මෙවර වෙබ් එලීස් කුසලානයේ පහස විඳීමට බලා සිටින ජනපි‍්‍රයතම කණ්ඩායම ලෙසිනි.
ඔවුන් මූලික වටයේ සිට අවසන් අට දක්වා එකදිගට එංගලන්තයට, වේල්සයට හා ස්කොට්ලන්තයට ගැසුවෝය. දැන් පසුවන්නේ ජයග‍්‍රහණ දෙකකින් පසු ‘වෙබ් එලිස්’ කුසලානයට අතපොවන මානයේය.
කෙසේවෙතත් අර්ධ අවසන් පූර්ව වටයේ දී වොලබීස්ලා පරාජයෙන් ගැලවුණේ නූලෙනි. එය සිදුවූයේ ද අන්තිම මොහොතේ ස්කොට්ලන්තයට එරෙහිව තරග තීරකවරයා දුන් මතභේදාත්මක දඩුවම් පහර නිසාය. ඉන් ලැබුණු කදිම උත්තේජනයෙන් උද්දාමයට පත් වොලබීස්ලා හෙට තරගයට එක්වන්නේ මේ සියලූ සිදුවීම් මතකයේ තුරුලූ කරගනිමිිනි.
අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ මානසික ඒකාග‍්‍රතාව ඉහළ යාමට තවත් හේතුවක් වී ඇත්තේ ආබාධ හේතුවෙන් අර්ධ අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා නොකළ ඔවුන්ගේ තරු පහේ කී‍්‍රඩකයන් වන අංක අටේ කී‍්‍රඩක ඬේවිඞ් පොකොක් සහ ෆුල් බෑක් කී‍්‍රඩක ඉස්රායිල් ෆොලාවු නැවත කණ්ඩායමට එක්වීමය.
කොහොමටත් තරගමාලාවේ ආරම්භයේ සිටම ස්ක‍්‍රම් පොදියේ දුර්වලතා රැුසක් පෙන්වමින් සිටින වොලබීස්ලාගේ වැඩි බරක් කරට ගෙන ඇත්තේ ඔවුන්ගේ තරග දිනාදෙන්නා ලෙස සැලකෙන බර්නාඞ් ෆෝලේය. කිසිදු චකිතයකින් තොරව ගෝල් කණුව අතරින් පන්දුව පියාඹා යන ආකාරයේ දැකුම්කලූ පහරවල් ගහන ෆෝලේ හෙට තරගයේ දීත් එවැනිම වික‍්‍රමාන්විතයක් පෙන්වනු ඇතැයි අනුමාන කෙරේ.
වොලබීස්ලාගේ වැඩි ජවය පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ ආරක්ෂක වළල්ලේය. වේල්සය සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී උත්සාහක දිනුම් පහක් රැස් කිරීමට වොලබීස්ලා සමත්වූවත් තරගය මැද භාගයේ කළ ඇතැම් දුර්වලතා හේතුවෙන් අවසන් මොහොතේ දී ස්කොට්ලන්තය පෙරමුණ ගත්තේය.
එහෙත් නැවත ප‍්‍රතිවාදීන් වෙතින් ජයග‍්‍රහණය උදුරාගැනීමට වොලබීස්ලාට හැකිවූයේ පූරුවේ වාසනාවකටය.
මෙහි තවත් නොපෙනෙන පැත්තක් තිබේ. එනම් වසර 1991 සහ 1999 දී ලෝක රග්බි කිරුළ දිනූ වොලබීස්ලා කිසිදිනෙක බි‍්‍රතාන්‍යයේ දී හෝ අයර්ලන්තයේ දී ලෝක කුසලාන තරගයක් පරාජයට පත්වී නැත.
පසුගිය වසර 15 පුරා ආජන්ටිනාවේ පූමාස්ලා සමග තරග 11 කට කී‍්‍රඩා කර ඇති වොලබීස්ලා ඉන් තරග 10 ක් ජයගැනීමට සමත්වූහ. වසර 2000 සිට වොලබීස්ලාට එරෙහිව පූමාස්ලා ලැබූ එකම ජයග‍්‍රහණය වාර්තා වූයේ 2014 දීය. එය එසේ වුවත් පූමාස්ලා යනු නියම වේලාවට දස්කම් අතරට පිවිසීමේ විස්මිත කී‍්‍රඩා විලාසයකට හිමිකම් කියන කණ්ඩායමක් බව ඕස්ටේ‍්‍රලියානුවෝ දනිති.
මූලික වටයේ දී ඕල් බ්ලැක්ස්ලා සමග පැවැති සිය පළමු තරගයෙන් පරාජයට පත්වූවත් පූමාස්ලා ඉන් අනතුරුව වැරැුදි පියවරක් ගත්තේම නැත. අන්තිම හතරට ඔවුන් එක්වූයේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 43-20 ක සිත්ගන්නා සුලූ ජයග‍්‍රහණයකිනි.
තමන්ටම ආවේනික ලතින් අමෙරිකානු කී‍්‍රඩා රටාවකට උරුමකම් කියන ආජන්ටිනාවේ පූමාස්ලාගේ ශක්තිය රඳා පවතින්නේ ඔවුන්ගේ ජවසම්පන්න ස්ක‍්‍රම් පොදියේය. හෙට ඔවුන්ගේ ප‍්‍රතිවාදියා වන වොලබීස්ලාගේ එකම දුර්වලතාව ද එයයි.
මීට අමතරව ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලස් සැන්චේස්ගේ විශිෂ්ට දස්කම් අවසන් හතරට යාමට පූමාස්ලට විශාල දායකත්වයක් දුන්නේය.
දෙවැනි වතාවටත් ලෝක කුසලාන රග්බි තරගමාලාවක අවසන් කණ්ඩායම් හතරට පිවිසීමෙන් පූමාස්ලා ඉලක්කයට සෙන්දුවූ බවට පළවන කතා නායක ඔගස්ටින් කී‍්‍රවි එහෙම පිටින්ම ප‍්‍රතික්ෂේප කරයි.
”ඒක මහ විකාර කතාවක්”
”අපි ඇත්තටම තවම අපේ ඉලක්කය සපුරා ගත්තේ නෑ. අවසන් හතරට ආ නිසා අපි විවේක ගන්නෙත් නෑ.... අපේ කණ්ඩායම මේ ලැබුණු දෙයින් සෑහිමකට පත්වෙලා නිකං ඉන්නේ නෑ. අපේ ඉලක්කය මෙතැන නෙවෙයි” යයි ඔගස්ටින් කියයි.
එය වොලබීස්ලාට කළ අපූරු අනතුරු ඇගවීමක් බව කවුරුත් කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.