Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්පි‍්‍රංබොක්ලා බෝල්ට්ගේ ක‍්‍රමය සොයති

ස්පි‍්‍රංබොක්ලා බෝල්ට්ගේ ක‍්‍රමය සොයති

ශනුක අරවින්ද - 2015 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අත්දැකීම් බහුල කණ්ඩායමක් ලෙස වුවත් දකුණු අපි‍්‍රකානු පිල මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට එක්වන්නේ එතරම් විශ්වාසනීයත්වයකින්ම නොවේ. ‘බී‘ කාණ්ඩයෙන් ඉදිරියට යාමට නම් ඔවුන්ට තවදුරටත් සිය දස්කම් මුවහත් කරගත යුතුව ඇත.

වසර 1995 දී සිය මවු බිමේදීත් 2007 ප‍්‍රංශයේදීත් රග්බි ලෝක කිරුළට හිමිකම් කී දකුණු අපි‍්‍රකානු ‘ස්පි‍්‍රංග්බොක්ස්’ පිල මෙවර සොයා ඇදෙන්නේ රග්බි කී‍්‍රඩාවෙන් ඔවුන්ට දිනාගත හැකි තුන්වැනි ලෝක කිරුළයි.

මෙවර ඔවුන් සැමෝවා, ස්කොට්ලන්තය, ජපානය හා අමෙරිකාව සමග කාණ්ඩගතව සිටින හෙයින් ‘බී’ කාණ්ඩයේ මුදුනට පැමිණීමට සමත් කණ්ඩායම ලෙස ලේබල් ගතවී සිටි. ඒ අනුව ඔවුන්ට බොහෝ විට දෙවැනි වටයේදී ‘ඒ‘ කාණ්ඩයෙන් තරග කරන එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, වේල්සය හෝ ෆිජී කණ්ඩායම් අතරින් දෙවැනි තැනට පත්වන කණ්ඩායම සමග තරග වැදීමට සිදුවනු ඇත. එය තරමක් අසීරු අභියෝගයකි.

ජපානය සමග ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත දකුණු අප‍්‍රිකානු කලාපයේ වඩාත්ම අත්දැකීම් බහුල කණ්ඩායම වන ‘ස්පි‍්‍රංග්බොක්ස්’ පුහුණුකරු හේනෙක් මේයර්ගේ අදහස පළමු තරගයේ සිටම බරපතල ලෙස තරගමාලාවට අවතීර්ණවීමටය.

සෙන්ටර් කී‍්‍රඩක ජීන් ඩිවිලියර්ස්ගේ නායකත්වයෙන් තරග වදින දකුණු අපි‍්‍රකානුවන් අන්තර්ජාතික තරග 880 ක පළපුරුද්දක් ඇති කණ්ඩායමකි. එය ඔවුන් 2011 දී  ඕස්ටේ‍්‍රලියාව සමග අර්ධ අවසන් වටයේ තරග කළාට වඩා තරග 40 කට වඩා වැඩි ප‍්‍රමාණයකි.

පසුගියදා නිමාවට පත්වූ රග්බි ශූරතාවලියේ දී ආජන්ටිනාව හමුවේ ලද ඓතිහාසික පරාජය ඇතුළුව ඔවුන්ගේ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන් මේයර් සිටින්නේ දැඩි පීඩනයකින් යුතුවය. නමුත් ඔහුගේ විශ්වාසය වී ඇත්තේ ලෝක කුසලාන තරගමාලාවේ ආරම්භයේ සිටම ඒ සියල්ල අකාමකා දැමීමට සිය කණ්ඩායම සමත්වනු ඇති බවය.

”හොඳට කී‍්‍රඩා කිරීම හැර වෙනත් කිසිවක් උවමනා නොමැති බව කී‍්‍රඩකයන් දන්නවා. ඒ වගේම හොඳ ජයග‍්‍රහණයකින් තරගමාලාව ආරම්භ කිරීමේ වැදගත් කමත් අපි තේරුම් ගෙනයි සිටින්නේ” මේයර් කීවේය.

දකුණු අපි‍්‍රකානු හුකර් කී‍්‍රඩක බිස්මාක් ඩුප්ලෙසි කියන පරිදි කණ්ඩායමේ බලාපොරොත්තුව වී ඇත්තේ ජැමෙයිකාවේ වේග රජු වන උසේන් බෝල්ට් කරන්නාක් මෙන් වේගයෙන්ම මුදුනට නැගීමය.

”මං දන්නවා අපෙන් එවැනි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. ඒත් අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා”

”මෙවැනි ප‍්‍රධාන මට්ටමේ තරගාවලියක කතාව මෙහෙමයි.....ඔබ උසේන් බෝල්ට් වැනි කී‍්‍රඩකයෙක් ගත්තොත් බලන්න ඔහු සෑහෙන කාලයක් ආබාධවලට ලක්වී සිටියත් ලෝක ශූරතාවලිය හා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ දී ජයග‍්‍රහණය අත්කර ගත්තා. අපේ කී‍්‍රඩා රටාවත් අන්න ඒ වගෙයි” ඩුප්ලෙසි කීවේය.

පෙනෙන ලෙසට නම් මෙවර ‘බී ‘කාණ්ඩයේ දෙවැනි තැනට පත්වීමේ පොරය ඇත්තේ සැමෝවා හා ස්කොට්ලන්තය අතරය. ඔවුන් දෙපිල එකිනෙකා හමුවන්නේ ලබන ඔක්තෝබර් මස 10වැනිදා නිව්කාසල් හී සාන්ත ජේම්ස් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ‘බී‘ කාණ්ඩයේ අවසන් තරගයට පෙර තරගයේදීය.

නවසීලන්ත ජාතික වර්න් කොටර්ගේ පුහුණුකාරීත්වයෙන් සහ ගේ‍්‍ර සොයුරන්ගේ ඉදිරිපෙළ ස්ථානගතවීමකින් යුතු ස්කොට්ලන්ත පිලේ මැදපෙළ රිචි හා ජොනී ද, පසුපෙළ නායක ග්‍රෙග් ලේඞ්ලෝ සහ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ෆින් රසල් ද ශක්තිමත් කරති. සිත්ඇදගන්නා සුළු තරග රටාවක නිරතවන සෙන්ටර් කී‍්‍රඩක මාක් බෙනට්, වේගවත් පා යුගළක් සහිත ස්ටුවර්ට් හොග් මෙන්ම නවසීලන්තයේ උපන් ෂෝන් මේට්ලන්ඞ් ද ස්කොට්ලන්ත පිලේ ජවය රැුක ගැනීමේ සටනට උර දී සිටිති.

මේට්ලන්ඞ් හැරුණුවිට ජොෂ් ස්ට්‍රෝස් සහ විලියම් නෙල් මෙන්ම ෆ්ලැන්කර් ජෝන් හාඩි ද නැවත කැඳවීමට කිසිදු දෙගිඩියාවකින් තොරව කොටර් පියවර ගෙන තිබේ. මේ තරගමාලාව ආරම්භ කිරීමට සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නවසීලන්තයේ සිට ආ විගස ඔහු කළ මේ විපර්යාසය මතභේදාත්මක එකක් විය.

සැමෝවා කණ්ඩායම එංගලන්තය බලා පැමිණියේ ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානය අත් කරගනිමිනි.

වසර 1991 සහ 1995 දී අර්ධ අවසන් පූර්ව වටයට ගිය සැමෝවා පිල පසුගිය මාසයේ පැවැති පැසිපික් ජාතීන්ගේ තරගාවලියේ අවසන් මහා තරගයේ දී ෆිජී කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. එහෙත් දකුණු සාගරයේ දුපත්වාසීන් වන සැමෝවා පිල ගැන දන්නා අය අඩු නමුත් ඔවුන්ගේ කී‍්‍රඩකයෝ විදෙස් තරගබිමේ පළපුරුද්දක් සහිත අය වෙති.

ලන්ඩන් අයිරිෂ් පිලට කී‍්‍රඩා කරන ෆ්ලැන්කර් කී‍්‍රඩක ඔෆීසා ටෙ‍්‍රවිරනස්ගේ නායකත්වයෙන් තරග වදින සැමෝවා පිල ජවයෙන් යුතු කණ්ඩායමකි. එමෙන්ම ලෙස්ටර්ෂයර් පිලට කී‍්‍රඩා කරමින් විදෙස් තරග අත්දැකිම් එකතු කරගත් ප්‍රොප් කී‍්‍රඩක ලොගෝවි මුලිපොලෝ, වෙලින්ටන් හරිකේන් පිලට කී‍්‍රඩා කළ මිඞ්ෆීල්ඩර් රේ ලී ලෝ සහ පිසි සොයුරන් තිදෙනා වන ටුසී, ජෝර්ජ් සහ කෙන්ගෙන් සමන්විත ප‍්‍රබල කණ්ඩායමකි. කි‍්‍රයාශීලිත්වයෙන් පිරිපුන් ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක කාන් ෆොටුඅලි ද ඒ අතරේ සිටී.


අදහස් (0)

ස්පි‍්‍රංබොක්ලා බෝල්ට්ගේ ක‍්‍රමය සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.