Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සැබෑ මතක සටහන ජයග‍්‍රහණයයි

සැබෑ මතක සටහන ජයග‍්‍රහණයයි

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තය සමග ලබන ඉරිදා (18) ට්විකන්හැම් හී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලාගේ නායක ස්ටීවන් මුවර් සහ සෙන්ටර් කී‍්‍රඩක මැට් ගිටියු දෙදෙනාගේ සියවැනි තරගයද වෙයි.


එය රග්බි කී‍්‍රඩකයකුට ස්වර්ණමය මතක සටහනක් ගෙන දෙන කාරණයක් වූවත් ඔවුන්ගේ අවධානය යොමුවී ඇත්තේ ඒ පිළිබඳව නොව තරගයේ ජය අත්කරගෙන අවසන් කණ්ඩායම් හතරට පිවිසීම ගැනය.


මෙවර ලෝක කුසලන තරගාවලියේදී වොලබීස්ලා සහභාගී වූ තරග 4 ම ජයගෙන ‘ඒ‘කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටිති.


”මම නම් ඒක ගැන හිතන්න යන්නෙ නෑ”


”අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ලෝක කුසලාන තරගමාලාවක අර්ධ අවසන් පූර්ව වටයට කී‍්‍රඩා කරන්න. ඒක හොඳටෝම ඇති. මේ වගේ පෞද්ගලික ජයග‍්‍රහණ වටින්නේ දස්කම්වලින් පරිපූර්ණ වෙනවානම් විතරයි” යයි 32 හැවිරිදි මුවර් පෙරේදා වාර්තාකරුවන්ට එසේ කීවේය.


වසර 2002 දී එංගලන්තයට එරෙහිව සිය මංගල රග්බි තරගයට සහභාගි වූ 33 හැවිරිදි ගිටියු ඒ ගැන මතකය අවදි කරන්නේ මෙසේය.


”අපි පැරදුණේ එක ලකුණකිනුයි... මම පිටියට බැස්සේ අන්තිම මිනිත්තු අටේදියි”


”අපේ පුහුණුකරුට (එඞී ජෝන්ස්) එක් එක් කී‍්‍රඩකයන් ගැන වෙනම ලකුණු සටහනක් තිබුණා. එයා කළේ හොඳට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයකුට ලකුණු දීමයි. ඒ කී‍්‍රඩකයා අසාර්ථක වන අවස්ථාවල දී ඉන් ලකුණ බැගින් එයා අඩු කළා. මම තමයි සෘණ එක ලකුණකින් තරගය නිමා කළ එකම කී‍්‍රඩකයා වුණේ. ඒ තරගයට පස්සේ මම හිතුවේ නෑ මට කවදාවත් තරග 100 කට කී‍්‍රඩා කරන්න අවස්ථාව ලැබේවි කියලා”


වොලබීස්ලා දැන් පසුවන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග කිරීමට නියමිත ස්කොට්ලන්තයේ දස්කම් ගැන සෑහීමකිනි. ඔවුන් ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූයේ සහභාගී වූ තරග 4 න් තුනක්ම ජය ගනිමිනි.


”ඔවුන් හොඳ තරග සැලසුමක් ඇතිවයි කී‍්‍රඩා කරන්නේ. ඔවුන්ට හොඳ ෆුල් බෑක් කී‍්‍රඩකයකුත් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ නායකයා අකුරටම වැඬේ කරනවා”


”තමන්ට අවශ්‍ය දේ හොඳින් අවබෝධ කරගෙන දැඩි විශ්වාසනීයත්වයක් ගොඩනගාගත් කණ්ඩායමක් වගෙයි පෙනෙන්නේ. ඒ වගේම  ඔවුන් දන්නවා කී‍්‍රඩා කරන්න  ඕන විදිහ” ගිටියු කීවේය.


ස්කොට්ලන්තයට මුහුණදීමට පසුපෙළ කී‍්‍රඩක ඬේවිඞ් පොකොක් ද සුදානමින් සිටී. මූලික වටයේ දී වේල්සය සමග පැවැති තරගයට කී‍්‍රඩා නොකළ ෆ්ලෑන්කර් කී‍්‍රඩක මයිකල් හූපර් ද නැවත කණ්ඩායමට එක්වී සිටී.


”අපිට දැනටමත් ආබාධ නිසා හොඳම කී‍්‍රඩකයන් දෙන්නෙක් අහිමිවෙලයි තියෙන්නේ. තරගමාලාවට කී‍්‍රඩා කරන හැම කණ්ඩායමක්ම මේ ඉරණමට මුහුණපාලා. ඒවා කොහොමටත් ලෝක කුසලාන තරගමාලාවක අභියෝගාත්මක දේවල්”


”කොහොමහරි ඬේව් (ඬේවිඞ් පොකොක්) තරගයකට එක්වීම හොඳ දෙයක්. එයා අපිට ගොඩාක් වැදගත් කී‍්‍රඩකයෙක්”


ඒ සියල්ල මැද වොලබීස්ලාට වසර 2012 දී ඔවුන්ගේ භූමියේදීම ස්කොට්ලන්තය හමුවේ ලකුණු 9-6 ක පරාජයක අමිහිරි මතක සටහනක් ද තිබෙන බැව් සැවොම දනිති.  


”එදා මම තමයි වැඬේ මුලින්ම පටලවා ගත්තේ”


”තරගය මැද හරියේ දී අපේ කී‍්‍රඩකයන්ගෙන් කහ කාඞ් පතේ පළමු ද`ඩුවම ලැබුණේ මටයි” එදා තරගය සිය දීර්ඝ රග්බි කී‍්‍රඩා දිවිය තුල වඩාත්ම දුෂ්කර මොහොත බවට පත්වූ හැටි මුවර් සිහිපත් කළේය.

 


අදහස් (0)

සැබෑ මතක සටහන ජයග‍්‍රහණයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.