Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සී. ආර්. 45-7 කින් සී. එච්. පරදවයි

සී. ආර්. 45-7 කින් සී. එච්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් නවීකරණය කරන ලද කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (04) පැවැති තරගයේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩකයෝ ලකුණු 45-7 ක් ලෙස සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.

ජයග‍්‍රාහි සී. ආර්. පිල ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබූ අතර සී. එච්. පිල ගෝලයක් පමණක් සම්පූර්ණ කළේය.  

ඉෂාන් නූර්ගේ නායකත්වයෙන් යුත් සී. ආර්. පිල තරගය ආරම්භයේ සිටම සී. එච්. පිලට තියුණු අභියෝගයක් යොමු කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය අවසන් වන විට සී. ආර්. පිල ලකුණු 19-7 ක් ලෙස පෙරමුණේ පසු විය.

කාංචන රාමනායක සහ කවිදු පෙරේරා ගෝල දෙක බැගින් සී. ආර්. පිල වෙනුවෙන් සම්පූර්ණ කිරීමට සමත් වූහ. නායක ඉෂාන් නූර්, ජේසන් දිසානායක සහ කවිඳු කොස්තා උත්සාහක දිනුම බැගින් ලකුණු පුවරුවේ සී. ආර්. අන්තයට එකතු කළහ.

නලීන් කුමාර සහ කාංචන රාමනායක ගෝල ප‍්‍රවර්ථන දෙක බැගින් ද, කවිඳු කොස්තා ප‍්‍රවර්ථනයක් ද, සාර්ථක කරමින් අතිරේක ලකුණු සී. ආර්. පිලට එකතු කළහ.

 

සී.ආර්. සහ සී.එච්. ඩයලොග් රග්බි තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශාන්ත රත්නායක

 

 


අදහස් (0)

සී. ආර්. 45-7 කින් සී. එච්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.