Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සෙබස්තියන් - ටොබී පෙරමුණ ගනිති

සෙබස්තියන් - ටොබී පෙරමුණ ගනිති

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නම වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින ප්‍රංශ ජාතික සෙබස්තියන් ලොබ් ඩකාර් රැළියේ දෙවැනි අදියර ජයගනිමින් සමස්ත තරගයේ පෙරමුණට පැමිණීමට සමත් විය. ලොබ් ඩකාර් රැළියක අදියරක් ජයගත් 5 වැනි අවස්ථාව මෙයයි.

ආජන්ටිනාවේ උතුරු ප්‍රදේශයේ නගර දෙකක් වන ‘රෙසිස්ටෙන්සියා’ සහ ‘සාන්ත මිගෙල් ඩි ටක්මන්’ අතර කිලෝ මීටර් 275 ක දුරකින් සමන්විත වූ ගමන පැය 2 යි මිනිත්තු 6 යි තත්ත්පර 55 කින් නිමා කරමින් ලොබ්, දෙවැනි අදියරේ ජය තමන් සතුකර ගත්තේය.

පළමු අදියර ජයගත් කටාර් ජාතික නසර් අල් අතියාට මිනිත්තුවයි තත්ත්පර 23 ක් පසුපසින් සහ එහි දෙවැනි ස්ථානයට පත් වූ ස්පාඤ්ඤයේ කාලෝස් සයින්ස්ට මිනිත්තු 2 යි තත්ත්පර 18 ක් පසුපසින් සෙබස්තියන් ලොබ් පළමු අදියර නිමා කළේය. නසර් අල් අතියා ටොයොටා වර්ගයේ රථයක් භාවිතා කරමින් තරගයට සහභාගි වී සිටින අතර කාලෝස් සයින්ස් පර්ජෝ වර්ගයේ රථයක් භාවිතා කරමින් තරගයට එක්ව සිටියි.

ඒ අනුව දෙවැනි අදියරේ ජයත් සමගින් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ලොබ් සමත් වූ අතර දෙවැනි අදියර අවසානයේ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන නසර් අල් අතියා තත්ත්පර 28 කින්ද, කාර්ලෝස් සයින්ස් මිනිත්තුවයි තත්ත්පර 55 කින්ද, ලොබ්ට වඩා පසුපසින් සිටිති.

ඉකුත් වසරේ පැවැති ඩකාර් රැළියේ යතුරුපැදි ශූරතාව දිනාගත් ඕසටේ්‍රලියානු ජාතික ටොබි ප්‍රයිස්, මේ වන විට යතුරුපැදි අංශයේ පෙරමුණ ගෙන සිටින අතර පළමු අදියර 17 වැනියා ලෙස නිමා කළ ඔහු දෙවැනි අදියර ජයගනිමින් යතුරුපැදි අංශයේ පෙරමුණට පැමිණියේය.

දෙවැනි අදියර නිමා කිරීම සඳහා ප්‍රයිස්ට පැය 2 යි මිනිත්තු 32 යි තත්ත්පර 32 ක කාලයක් ගත වූ අතර සිය රටේම (ඕස්ටේ්‍රලියාවේ) ක්‍රීඩකයකු වන මැතියාස් වොක්නර් සහ ස්පාඤ්ඤයේ පවුලෝ ගොන්සාලේස් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ඇද දමමින් ප්‍රයිස් එම අදියර ජයගත්තේය.  


- 036

 


අදහස් (0)

සෙබස්තියන් - ටොබී පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.