Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සෙරීනා 20 වැනි ශුරතාවත් දිනාගනී

සෙරීනා 20 වැනි ශුරතාවත් දිනාගනී

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සිය දශක දෙකක වෘත්තීය ටෙනිස් ජීවිතයේ වඩාත්ම දුෂ්කර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයට මුහුණදුන් ලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ ක‍්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ (6) ප‍්‍රංශයේ පැරිස් නුවර සුප‍්‍රකට රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටියේ පැවැති ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේ්වල අවසන් මහා තරගයේ දී චෙක් රාජ්‍ය යේ ලූසියා සෆරෝවා තරග වට 2-1කින් පරදවමින් තුන්වැනි වරටත් එම කිරුළට හිමිකම් කීමට සමත්වූවාය.

තරගයට පෙර දින, එනම් සිකුරාදා, දවස පුරාම ඇඳට වී සිටි සෙරීනා සෙනසුරාදා රෝලන්ඞ් ගැරෝස් පිටියට බැස්සේ උණ හා සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් රිදුම් දෙන ශරීරයෙන් යුතුවය. එහෙත් ඉතා පරිස්සමින් සිය මානසික ඒකග‍්‍රතාව රැකගත් ඇය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයක කෝඩුකාර ක‍්‍රීඩිකාවක වන සෆරෝවා හමුවේ තරග වැදුණේ තරමක දෙගිඩියාවෙන්ද යුතුවය.

සෙරීනාගේ අසනීප තත්ත්වය සැළකිල්ලට ගැනීමේ දී එය ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකා සෆරෝවාට තරමක මානසික සහනයක් වූවත්, ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරග 24 කට සහභාගි වී ඇති මේ පරිණත ක‍්‍රීඩිකාව පරාජය කිරීමට සෆරෝවාගේ මානසික සහනය ප‍්‍රමාණවත් වූයේ නැත.

තරගයේ පළමු වටය ලකුණු 6-3 ක් ලෙසින් ජයගැනීමට සෙරීනා සමත්වූ අතර දෙවැනි වටය පුරා සිය ආධිපත්‍ය පැතිරවූ සෆරෝවා ලකුණු 6-7 ක උණුසුම් තරග වටයකින් ජයග‍්‍රණය ලබා ගත්තාය.

තුන්වැනි වටය ආරම්භවෙද්දී ක‍්‍රීඩිකාවන් දෙදෙනා තරමටම රෝලන්ඞ් ගැරෝස් පිටියට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක‍්‍රීඩාලෝලීන් ද දෙගිඩියාවෙන් අන්දමන්දව සිටියහ.

එහෙත් තම ටෙනිස් දිවියේ දුෂ්කරතම තරග වටය ලකුණු 6-2 කින් ජයගත් සෙරීනා දුරටත් ලෝක ටෙනිස් පිටියේ වත්මන් කී‍්‍රඩිකාවන් අතර අසමසම ක‍්‍රීඩිකාව තමා බව ඔප්පු කිරීමට සමත්වූවාය.

මේ ජයග‍්‍රහණයත් සමග ඇය දැන් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුලූ 20කට හිමිකම් කියන්නීය. ඒ අතින් ඇය දැන් පසුපසින් සිටින්නේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 24 ක් දිනූ ඔස්ටේ‍්‍රලියාවේ මාග‍්‍රට් කෝට් සහ ශූරතා 22 ක් ජයගත් ජර්මනියේ ස්ටෙෆී ග‍්‍රාෆ්ට දෙදෙනාට පමණි.  

”විස්ස කියන්නේ ලස්සන රවුම් අංකයක්” සෙරීනාගේ ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත් ඇගේ පුහුණුකරු පැටි‍්‍රක් මොරේටොග්ලෝ එසේ කීවේය. 33 හැවිරිදි සෙරීනා කියන ආකාරයට එය තරමක බියජනක ජයග‍්‍රණයකි.

”මම නම් හිතුවේම ආපහු හිස් අතින් ගෙදර යන්න වේවි කියලයි. ඒත් අන්තිමේ දී වාසනාව මා වටා කැරැකුණා”

”එක අතකින් එය මහ නරක ජයග‍්‍රණයක්. සිකුරාදා ඇඳට වෙලා මං කල්පනා කළේ කොහොමද තරගයට මුහුණ දෙන්නෙ කියලයි. සෆරෝවා නරක ක‍්‍රීඩිකාවක් නෙවෙයි. ඒකයි ඇය අවසන් තරගය දක්වා ආවේ. ඇත්තම කියනවානම් මම සම්පූර්ණයෙන්ම අත්දැකීම් මතයි ක‍්‍රීඩා කළේ. ඒ හැරුණම මගේ ශාරිරික ශක්තිය නම් බිංදුවේ තිබුණේ” යයි සෙරීනා තරගයෙන් පසුව කියා සිටියාය.

මෙවර ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළ සෙරීනාට පිරිනැමුවේ ඇගේ රටේහිම හිටපු විශිෂ්ට ක‍්‍රීඩිකාවක වූ 18 වතාවක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනූ මාටිනා නව්රතිලෝවාය. එය රෝලන්ඞ් ගැරෝස් පිටියට රැස්ව සිටි ක‍්‍රීඩාලෝලීන්ට මෙන්ම සෙරීනාට ද අතිශය සංවේදී මොහොතක් විය.


- 077


අදහස් (0)

සෙරීනා 20 වැනි ශුරතාවත් දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.