Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය 20 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් කිරුළට ඇස ගසාගෙන සිටින අන්තර්ජාතික ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකාව වන අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට වැළඳී ඇති දැඩි උණ හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා අද පස්වරුවේ පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට කුමක් වේවිදැයි රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටිය අවට ක්‍රීඩාලෝලීහු කල්පනා කරමින් සිටිති.
ටිමියා බැක්සින්සිකි සමග පෙරේදා පැවැති අවසන් පූර්ව තරගයෙන් සෙරීනා ජයගත්තේ මෙම රෝගී තත්ත්වයෙන් දැඩි ලෙස පිීඩාවට පත්ව සිටියදීමය. දැන් ඇයට සිදුවී ඇත්තේ ග්රෑන්ඞ් ස්ලෑම් කිරුළ දිනාගැනීමට පෙර සිය රෝගී තත්ත්වයෙන් ගොඩ ඒමේ සටනක නිරතවන්නටය.
”මං දන්නෙ නෑ මොනව කරන්නද කියලා...”
”දැන් නම් අවසන් තරගය ගැනවත් තවත් ග්රෑන්ඞ් ස්ලෑම් එකක් ගැනවත් සිතා බැලීමත් අමාරුයි වගේ. ” යයි කී සෙරීනා සිය රෝගී තත්ත්වයෙන් කෙතරම් පීඩාවට පත්ව සිටින්නේදැයි යන්න ඉන් පැහැදිලිය.
මේ වන විට 33 හැවිරිදි සෙරීනා, සිකුරාදා කිසිම ආකාරයේ පුහුණුවීමකට සහභාගි නොවූ අතර තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවටද එක්නොවූවාය. ඇය පැරීසියේ පිහිටි නිවාස සංකීර්ණයක ඇයටම අයත් නිවෙසේ විවේක සුවයෙන් පසුවන අතර පිටතට පැමිණියේම නැත. එහෙත් වරින් වර වෛද්‍යවරු ගොස් ඇගේ රෝගී තත්ත්වය පරික්ෂා කිරීමට කටයුතු කළහ.
”මං හිතන්නේ මට හැදිලා තියෙන්නේ වෙනස්ම ආකාරයේ උණ රෝගයක්. ඒක දරාගෙන ඉන්න ගොඩාක් අමාරු එකක්”
”වෛද්‍යවරුන් නම් කියන්නේ මේ උණට හොඳම බෙහෙත විවේකය කියලයි. ඒත් මේ වෙලාවේ මං කොහොමද ඒක කරන්නේ? කාලයේ ප්රශ්නය තමයි මට තියෙන්නේ”
”මට විවේක ගන්න තරම් කාලයක් නැහැනේ. මට කරන්න පුළුවන් එකම දේ එළියට යන්නෙ නැතිව මේ කාමරයට වෙලා පුලූවන් තරම් වෙලාවක් විවේක ගන්න එක. මගේ යාළුවෝ, පවුලේ අය මා එක්ක ඉන්නවා. ඒක ලොකු ශක්තියක්” ඇය කියන්නීය.
මීට පෙර දෙවතාවක් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනූ සෙරීනාට අද නැවත කිරුළ අත්කරගැනීමට හැකිවුවහොත් මෙවැනි ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා 20 සීමාවට අවතීර්ණ වු ලොව තුන්වැනි ක්‍රීඩිකාව බවට පත්වනු ඇත.
මිට පෙර වැඩිම ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩිකාව ලෙස ඉදිරියෙන් පසුවන්නේ ඔස්ටේ්රලියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකා මාග්‍රට් කෝට්ය. ඇය ජයගත් ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා ප්‍රමාණය 24 කි. ජර්මනියේ හිටපු ක්‍රීඩිකා ස්ටෙෆී ග්‍රාෆ් එවැනි ශූරතා 22 ක් දිනා ගත්තාය. සෙරීනා සමග අමෙරිකාවේ හිටපු ක්‍රීඩිකා හෙලන් විල්ස් මූඩි ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා 19 ක් දිනා සිටින අතර මාටිනා නව්රතිලෝවා සහ ක්‍රිස් එවරට් ලොයිඞ් ශූරතා 18 බැගින් දිනා සිටිති.
මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් කිසිදු ක්‍රීඩකයකු ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා 20 සම්පූර්ණ කිරීමට අසමත්වීමයි. වැඩිම ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් දිනා ඇති ශූරතා ප්‍රමාණය 17ක් පමණි.
ටිමියා බැක්සින්සිකි සමග පැවැති අවසන් පූර්ව වටයට තමා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ සෙරීනා දැන් විමතිය පළ කරන්නීය.
”ඒ තරගයේ තුන්වැනි හෝ හතරවැනි වටයේ දී තමයි මට ගොඩාක් අමාරුවුණේ. මං දන්නෙ නෑ කොහොමද දින්නේ කියලාවත්”
”තරගයෙන් පස්සේ මට කෙළින් හිටගන්න තරම්වත් ශක්තියක් තිබුණේ නෑ. මේ මොහොත වෙද්දී තත්ත්වය තවත් දරුණුයි. මට ඇත්තටම ඇ`ගට හරි සීතලයි”
”නිතරම ඩොක්ටර්ස්ලා මාව බලන්න එනවා. අපි බලමු එයාලා කොහොමද මාව ගොඩ දාන්නෙ කියලා” සෙරීනා කීවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.