Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙල්බර්න් නුවරදී අද (28) පැවැති අවසන් මහ තරගයේදී පිට පිට තරග වට දෙකකින් ලකුණු 6-4 ක් සහ 6-4 ක් ලෙස සිය වැඩිමල් සොයුරිය වීනස් පරාජය කළ සෙරීනා විලියම්ස් ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාව දිනාගත්තාය. මේ ජයග්‍රහණයත් සමග ග්රෑන්ඞ් ස්ලෑම් විවෘත තරග ඉතිහාසයේ වැඩිම ශූරතා ගොන්නක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ් සමග ඇයට තිබුණු කුසලාන 22 ක සම වාර්තාවේ තනි අයිතිය තම නමට ලියා ගැනීමටද සෙරීනා සමත්වූවාය.
සෙරීනාගේ 23 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් කිරුළ ටෙනිස් වාර්තාපොතට තවත් සටහන් කිහිපයක්ම එකතු කිරීමට සමත්වූ එකකි.
සිය 7 වැනි ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ අත්පත් කරගත් මොහොතේ 35 හැවිරිදි මේ අමෙරිකානු ක්‍රීඩිකාව අන්තර් ජාතික කාන්තා ටෙනිස් පිටියේ අපරාජිත රැජන ලෙස ඇතැම් විචාරකයෝ හඳුන්වන්නට වූහ.
සිය වැඩිමහල් සොයුරියට වඩා පළපුරුදු ක්‍රීඩිකාවක් වූවත් තුන්වැනි වටයේ දී තමා ගැනම ඇතිවූ කෝපය ඉවසාගත නොහැකිව සෙරීනා ටෙනිස් පිත්ත කුඩුපට්ටම් කර දැමුවේ තරග නීති ද කඩා බිඳ දමමිනි. පළමු වටයේදිත් ඇය ආරම්භක පන්දු පිරිනැමීමේ දී අසමත්වීමෙන් වටයේ වැඩි වාසිය වීනස්ට තෑගි කළාය.
සිය නැගණියගේ මේ නොඉවසිලිවන්ත භාවය මැනවින් වටහාගත් වීනස් පිටියෙන් පිටතදී ඇයට පෙන්වූ ලීලය පිටියේදිත් පෙන්වූවාදැයි ඇතැම්හු කල්පනා කරති. ඒ කෙසේවුවත් ඉඳහිට සිදුකළ අත්වැරැද්දක් හැරුණු විට සෙරීනා හැම අතින්ම වීනස්ට වඩා ඉදිරියෙන් සිටියාය. සිය වේගවත් ඩෑෂ් පහරවලින් වීනස් සෑහෙන දුරට වෙහෙස කරවීමට නැගණිය සමත්වූවා පමණක් නොව උපක්රමශීලීව පන්දුව ස්ථානගත කරමින් වීනස්ගේ පීඩනය දෙගුණ තෙගුණ කළාය.
කාන්තා අවසන් මහා තරගය නැරැඹීමට මෙල්බර්න් නුවර රොඞ් ලීවර් ටෙනිස් පිටියට අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්කාසු වූයේ එය ඉතා කළාතුරකින් දක්නට ලැබෙන තරගයක් වූ බැවිනි.
වසර 8කින් ග්රෑන්ඞ් ස්ලෑම් කිරුළක් දිනා නැති වීනස් තරගයෙන් පරාජයට පත්වූවත් කිසිදු ක්‍රීඩිකාවකට ලෙහෙසියෙන් ලැබෙන්නේ නැති අන්දමේ ‘පැරදුණත් දිනුම්‘ ආකාරයේ සතුටක් අත්කරගත්තේ සිය නැගණියගේ වාර්තාගත ජයග්‍රහණය නිසාවෙනි.
මේ ජයග්රහණයෙන් සෙරීනා අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ ක්‍රීඩිකාව ලෙස නැවත පෙරමුණ ගැනීමටත් සමත්වූවාය. එම ස්ථානය ඊට පෙර හිමිවී තිබුණේ ජර්මනියේ ඇන්ජලික් කේබර්ටය.
දැන් සෙරීනාගේ ඉලක්කය වී ඇත්තේ ඕනෑම ආකාරයක ග්රෑන්ඞ් ස්ලැම් තරග ඉතිහාසයේ වැඩිම ශූරතා ගොන්නක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස කුසලාන 24 ක් ගෙදර ගෙන ගිය ඕස්ට්‍රේලියාවේ මාගරට් කෝට්ගේ වාර්තාව බිඳ දැමීමය. ඒ සඳහා ඇයට මේ වසරේ මැද භාගය වන තුරු බලා සිටින්නට සිදුවී තිබේ.
මීළඟ ග්රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වන්නේ ප්‍රංශ විවෘත ශූරතාවයි. අනතුරුව විම්බල්ඩන් තරගාවලියයි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.