Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිලිප් හියුස්ගේ වියෝව පිළිබඳ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ නිල ප‍්‍රකාශය කිරීමට ඉදිරිපත් වූ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් අද (29 වැනිදා) එම ප‍්‍රකාශය කියවාගන යාමේදී හඬා වැටුණේය. මයිකල් ක්ලාක් හඬා වැටෙන ආකාරය දුටු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට මෙන්ම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටද කඳුළු සගවා ගත නොහැකි විය.
කී‍්‍රඩා පිටියේදී අනුකම්පා විරහිත කණ්ඩායමක් ලෙසින් සැලකෙන ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයාට ප‍්‍රකාශයේ සෑම වගන්තියක් වගන්තියක් පාසා සිය කඳුළු නතර කරගැනීමේ වෑයමක යෙදෙන්නට සිදුවිය.
”කණ්ඩායමක් වශයෙන් මේ වෙලාවේදී අප මුහුණ දී සිටින තත්ත්වය වචන වලින් විස්තර කරන්න බෑ. මේ කියන්නේ ග්‍රෙග්ට, ජේසන්ට සහ මීගන්ටයි. (හියුස්ගේ පවුලේ සාමාජිකයෝ) මේ වෙලාවේ ඔබ සියලූ දෙනාම විඳින වේදනාව බෙදාහදා ගැනීමට අපත් සිටිනවා”
”ඔහුගේ සතුට රැඳුනු කැදැල්ලෙන් ඈත්ව සිටින සෑම අවස්ථාවකදීම, ඔහු ඉතාමත් සතුටින් හිටියේ ඔහුගේ මිතුරන් සමග කි‍්‍රකට් කී‍්‍රඩා කරමින්”
”ඔබේ රට වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන අවස්ථාවකදී හැර ඔබ නිතරම කොල්ලෙක් වශයෙන් ඉන්නේ වෙන කොයි වෙලාවෙද, කියලා ඔහු නිතරම කී කතාව දෙස විවිධ දෘෂ්ටිකෝණ වලින් බලන්නට පුළුවන්...ඒ දගකාර හිනාවවත්, ඔහුගේ ඇසේ දීප්තියවත් අපට නැවත දකින්න ලැබෙන්නේ නෑ”
”මේ බැගී ගී‍්‍රන් තොප්පිය (ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් නිල හිස්වැස්ම) පිළිබඳව ඔහු හැම දෙයක්ම කෙටියෙන් කිව්වා. එය අපට කොයිතරම් වටිනා දෙයක්ද කියා පහදා දුන්නා. ඉතාමත් විශිෂ්ට හාදයෙක් ලෝකයට නැතිවුණා. අපට ඒ අහිමිවීම දරාගෙන ඉන්න සිදුවෙනවා” යයි මයිකල් ක්ලාක් පැවසීය.
මෙම ප‍්‍රකාශය කියවීමේදී ඕස්ටේ‍්‍රලියානු නායකයා දැඩි අපහසුතාවට පත්වූ අතර ඔහුට සිය කඳුළු නවතා ගැනීම සඳහා විශේෂ පරිශ‍්‍රමයක් දරන්නට සිදුවිය. හියුස් වෙනුවෙන් තම කණ්ඩායමේ උපරිම ගෞරවය දැක්වීමටත් එක්දින අන්තර්ජාතික තරග සඳහා පිලිප් හියුස් භාවිතා කළ කමිසයේ අංකය වූ 64 නැවත භාවිතා නොකිරීමටත් ඔහු හියුස්ගේ පවුලේ අයට ප‍්‍රතිඥාවක් දුන්නේය.
”ඊයේ රාති‍්‍රයේ මා ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් නිලධාරීන්ට කතා කරලා ඇහැව්වා හියුසිගේ කමිසයේ අංකය වන 64 මෙතැන් සිට භාවිතයෙන් අයින් කරන්න පුළුවන්ද කියා. ඔවුන් කිසිම පැකිළීමක් නැතිව ඒකට එකග වුණා. ඒක විශාල දෙයක්. ඔහුගේ මතකය අපට හැමදාම ඉතිරි වේවි. ඒ විතරක් නොවේ, අපේ ජීවිතයේ ඉදිරි කාලය පුරාම ඔහුගේ මතකය විසින් අපව ඉදරියට තල්ලූකරගෙන යාවි” යයිද මයිකල් ක්ලාක් පැවසීය.
මේ වන විට ලෝකයේ විවිධ ස්ථාන වල තරග වැදී සිටින කි‍්‍රකට් කී‍්‍රඩකයෝ ‘ඔබේපිත්තපැත්තකින්තබන්න’ යනුවෙන් හැඳින්වෙන එකගතාවකට පිවිසෙමින් තමන්ගෙන් සමුගත් කි‍්‍රකට් සගයා වූ පිලිප් හියුස් වෙනුවෙන් සිය ගෞරවය සහ ප‍්‍රණාමය පුද කරති.
පාකිස්තානය සහ නවසීලන්තය අතර මේ දිනවල සාජාහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (සිකුරාදා) දිනය පුරාම එකම බවුන්සර් පන්දුවක් හෝ නොයැවීමට දෙපිලේම වේග පන්දු යවන්නෝ වගබලාගත්හ. එලෙසින්ම කඩුල්ලක් දැවී ගිය අවස්ථාවලදී ඒ වෙනුවෙන් තම සතුට මුදා නොහැරීමටද පන්දු යවන්නෝ පරෙස්සම් වූහ.
පිලිප් හියුස්ගේ අනපේක්‍ෂිත අභාවය නිසා මෙම තරගයේ දෙවැනි දිනය වූ බ‍්‍රහස්පතින්දා එකම පන්දුවක් හෝ නොයවා තරගය දිනයකින් කල් දමන ලදි.
”මේ ශෝක ජනක අවස්ථාවේදී හියුසි වෙනුවෙන් හැගීම් බර වදනක් දෙකක් කියන්නට ඉදිරිපත් වූ සෑම දෙනාටම බොහෝමත් ස්තුතියි”
”අපේ කී‍්‍රඩකයන්ගේ කාමරය ආයෙ කවදාවත් පෙර තිබුණ වගේ එකක් වෙන්නේ නෑ. හියුසි, ඔබ සමාදානයේ සැතපේවා” .. යයි කියමින් ඕස්ටේ‍්‍රලියානු නායකයා කණ්ඩායම වෙනුවෙන් කළ ප‍්‍රකාශය අවසන් කළේය.
පිලිප් හියුස් වෙනුවෙන් සිය ගෞරවය සහ ප‍්‍රණාමය පුද කළ අයුරු
විස්ඩන් ඒෂියා ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.