Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අපි‍්‍රකාව සහ නවසීලන්තය අතර හෙට පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ පළමු අවසන් පූර්ව තරගය දෙපිලේහිම අංක 11 ජර්සියේ කී‍්‍රඩකයන් දෙදෙනාටම ලෝක වාර්තා බිහිකිරීමේ වේදිකාවක් බවට පත්වී තිබේ. ඒ අනුව හෙට දිනයේ දී ඔවුන් දෙදෙනාගෙන් ඕනෑම කෙනකු තබන උත්සාහක දිනුමක් ලෝක වාර්තා පොතේ සටහන් වනු ඇත.
ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ අංක 11 ජර්සියට හිමිකම් කියන බ‍්‍රයන් හබානා හෙට තරගයේ දී තබන උත්සාහක දිනුමකින් ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබූ කී‍්‍රඩකයා ලෙස නවසීලන්තයේ හිටපු කී‍්‍රඩක ජෝනා ලොමු තබා ඇති උත්සාහක දිනුම් 15 වාර්තාව බිඳදැමීමේ අවස්ථාව උදාවනු ඇත.
ඕල්බ්ලැක්ස්ලාගේ පිලේ අංක 11 ජර්සියේ හිමිකාරයා වන ජුලියන් සවියා හෙට තරගයේ දී උත්සාහක දිනුමක් තැබීමට සමත්වුවහොත් ලෝක කුසලාන රග්බි තරගමාලාවක වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබීමේ ලෝක වාර්තාව ඔහුට හිමිවනු ඇත.
සිත්ගන්නා සුලූ කාරණාව වන්නේ සවියා දැනට සමකොට සිටින ලෝක කුසලාන තරගමාලාවක වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවේ වත්මන් හිමිකාරයන් වන්නේද ලෝමු සහ හබානා වීමය. තිදෙනාම උත්සාහක දිනුම් 8 ක හිමිකාරයෝ වෙති. වසර 1999 තරගමාලාවේ දී මේ දස්කම පෑමට ලොමු සමත්වූ අතර හබානා උත්සාහක දිනුම් 8 ක් තබමින් එම වාර්තාව සමකළේ 2007 තරගමාලාවේදීය.
උත්සාහක දිනුමක් ලබාගැනීම යනු පණ යන වැඩකි. ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ගේ මර උගුලෙන් බේරී ඔවුන්ගේම සීමා ඉරට ඔබ්බෙන් පන්දුව තැබීමත් සතුරු බලකොටුවකට ඇතුලූවී නිරුපද්‍රිතව ආපසු ඒමත් අතර ඒ හැටි වෙනසක් නැත.
ප‍්‍රංශයට එරෙහිව පැවැති මූලික වටයේ තරගයේ දී උත්සාහක දිනුම් ති‍්‍රත්වයක්ම වාර්තා කළ සවියා ඉන් අනතුරුව අමෙරිකාව සමග පැවැති මූලික වටයේ තරගයේ දී නැවත ඒ දස්කම පෑමට සමත්වීමෙන් ලොමු සහ හබානා දෙදෙනාවම අභිබවා ගොස් ඇත. මේ 25 හැවිරිදි තරුණ කී‍්‍රඩකයා හැම අතින්ම ප‍්‍රශංසාවට ලක්වූ කරුණත් එයම විය.
”ජුලියන්ට මගේ ඇති ගෞරවය කියා නිම කරන්න බෑ...” මෙසේ කියන්නේ හබානාය.
”එයා මුලින්ම ඕල්බ්ලැක්ස් බැනියමට හිමිකම් කියපු මොහොතේ එයාගේ දස්කම් ගැන හැමෝටම ඇතිවුණේ සැකයක්. ඒත් පසුගිය අවුරුදු තුන ඇතුලත ඔහු පැමිණි ගමන්මග දිහා බැලූවම විශේෂයෙන් මේ තරගමාලාවේ දී ඔහු අතිවිශිෂ්ඨයි”
”මගෙයි ලෝමුගෙයි ලෝක කුසලාන රග්බි තරගමාලාවක වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබීමේ වාර්තාව ජුලියන් සමකළාට පස්සේ මම සමාජ වෙබ් අඩවිවල එයාට සුබපතලා පණිවුඩත් දැම්මා. ඉදිරියේ දී රග්බි ලෝකයේ සුපිරි කී‍්‍රඩකයෙක් වෙන්න යන මේ තරුණයාට මගේ හදවතින්ම සුබ පතනවා.” යයි හබානා කියයි.
ලොව පසිඳු සකුරා මල්වල අසිරිය විඳගැනීමට ජපානයේ පැවැත්වෙන මීළග ලෝක කුසලාන තරගමාලාවට යාමේ ඉඩකඩක් හබානාට නැත්තේ ඔහු ඒ වෙද්දී අවුරුදු 36 සම්පූර්ණ කරන නිසාය. එබැවින් නියත ලෙසම මෙය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගමාලාව වනු ඇත. ඒ අතින් වාසනාවන්තයා සවීවාය. ඔහුට තවත් වසර හතරකට පසුව පැවැත්වෙන මීළ`ග ලෝක කුසලාන තරගමාලාවට එක්නොවීමට කිසිදු බාධාවක් පෙනෙන්නට නොමැත. ඒ වෙද්දී ඔහුට 29 කි.
එහෙත් ඒ වනතුරු ඔහුට නිකම් සිටීමට නම් හැකිවන්නේ නැත. මෙවර ලෝක කුසලාන තරගමාලාව මේ මස නිමාවට පත්වන අතර ජපානයට යාමට නම් ඊළග වසර හතර පුරාම සිය දස්කම් ඉහළ මට්ටමක රඳවා තබාගැනීමට සවියාට සිදුවනු ඇත. ඔහුට එය එතරම් විශාල ගැටලූවක් නොවූවත් ඕනෑවට වඩා මහත්වීම වළක්වාගැනීමට නම් විසඳුමක් සෙවිමට ඔහු කල්පනා කරනු ඇත. මීට මාස තුනකට පෙර ඔහු කණ්ඩායමෙන් දොට්ට දැමුවේ ඕනෑවට වඩා මහත්වී සිටි නිසාය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.