Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරගයේ එකම හා තීරණාත්මක ගෝලය ගැසූ මැට්ස් හමල්ස්ගේ දස්කම නිසා ගෝල 1-0 කින් ප්‍රංශය පරාජය කළ ජර්මනියපිට පිටම සිවුවැනි වතාවටත් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මරකානා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ හමල්ස්ගේ ගෝලය වාර්තා වූයේ 13 වැනි මිනිත්තුවේ දීයග ටෝනි කෘස් යොමු කළ පන්දුවට ඔහු සාර්ථක පහරක් ගැසූ අතර ප්‍රංශයේ දැළ රකින හියුගෝ ලොරිස් පසුකර යමින් එය දැළ තුලට රිංගා ගියේය. ඉන් අනතුරුව දෙපිලටම ගෝල රැස් කිරීමේ අවස්ථාවක් ලැබුණේ නැත.
කෙසේවූවත් 34 වැනි මිනිත්තුවේ දී මැතිව් වොල්බියුනා දල 44 වැනි මිනිත්තුවේ දී කරිම් බෙන්සිමා දල 77 වැනි මිනිත්තුවේ දී බ්ලෙයිස් මටූඩි ද ප්‍රංශය වෙනුවෙන් ගෝල ගැසීමට උත්සාහ කළ නමුත් ජර්මනියේ දැළ රකින මැනුවෙල් නියුර් ඉතාමත් දක්ෂ ලෙස එම උත්සාහයන් වළක්වා ගත්තේය.
ඒ සියල්ලටම වඩා තරගයේ අවසන් මොහොතේ බෙන්සිමා ගැසූ වේගවත් පහර නියුර් අහකට තල්ලු නොකළා නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණේය.
ජර්මනිය මේ තරගයට එක්වූයේ සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්ථානගත කිරීමේ නව සැලසුමක් ද සමගය. ඔවුන් මිරොස්‍ලෝව් ක්ලොස් ඉදිරිපෙළට ගත්තේය. ඒ වෙනුවට පිලිප් ලැම් පසුපෙළට දැමුවේය.
තෝමස් මුලර් හා සැමි කෙඩිරා ද මුල් පෙළේ සිටි බැවින් ප්‍රංශයට තරගය පුරා දැඩි අවිවේකී තරගයක නිරත වීමට සිදුවී තිබිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.