Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 හෙට්ටිආරච්චි 12 වැනි ස්ථානයට

හෙට්ටිආරච්චි 12 වැනි ස්ථානයට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි (එෆ් 44) ඉසව්වේදී ශ්‍රී ලංකාවේ සම්පත් හෙට්ටිආරච්චි අවසන් ක්‍රීඩකයන් 16 දෙනෙක් අතරින් 12 වැනියා විය.

සම්පත් මෙහිදී දැක් වු හොඳම දස්කම වුයේ මීටර 47.22 කි. මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ටි්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ ක්‍රීඩක අකීම් ස්ටීවර්ට් මීටර 57.32 ක් හෙල්ල විසි කරමින් ලෝක වාර්තාවක් ද පිහිටුවීය.

මීටර 200 (ටී 42) ඉසව්වේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් සිවුවැනි ස්ථානය ලබා මුලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

 මෙම වසරේදී ඩුබායිහි පැවැති ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිත වුවන්ගේ ක්‍රීඩා උළෙලේදී අනිල් මෙම ඉසව්ව තත්පර 25.12 කින් අවසන් කර ආසියානු වාර්තාවක්ද පිහිටුවීය. කෙසේ වෙතත් ඔහු ඊයේ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී පසුබෑමකට ලක්වෙමින් තරගය අවසන් කළේ තත්පර 25.95 කිනි.

මෙම ඉසව්වේ දෙවැනි මුලික වටයේ තරගයට සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් ඉන්දික චුලදාස සිය හොදම තරග නිමි කාලය වාර්තා කරමින් (තත්පර 26.34 ) සිවුවැනි ස්ථානය ලැබීය. මුලික වටයේදී එංගලන්තයේ රිචඞ් විත් හෙඞ්, පැරාලිම්පික් වාර්තාවක්ද පිහිටුවමින් (තත්පර 23.07 ) හොදම තරග නිමි කාලය වාර්තා කළේය. මෙම ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතය.

රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාවේ උපාලි රාජකරුණා, එංගලන්තයේ ඇල්ඩිකල් විවේට් සමග අද තරග වදියි.

 

ඡායාරූපය - රොයිටර් අනුග්‍රහයෙනි


- 090

 


අදහස් (0)

හෙට්ටිආරච්චි 12 වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.