Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරගාවලිය නිමකර ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නවසීලන්තය බලාගියේ සිය ජයග‍්‍රාහී ගමන ඉදිරියටත් පවත්වාගෙන යෑමටය. එහෙත් බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වූ නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දිනක් ඉතිරිව තිබියදීම පරාජය බාර ගැනීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට සිදුවිය.
තරගයේ පළමු දින දිනයේදීම දැඩි ප‍්‍රහාරයකට ලක්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදු වූ අතර, පළමු දිනයේදී නවසීලන්ත පිතිකරුවෝ සිය ලකුණු සංඛ්‍යාව 400 කඩඉමෙන් ඔබ්බට ගෙන යෑමට සමත් වූහ. පළමු ඉනිමේදී නවසීලන්ත පිතිකරුවන් සියලූ දෙනා දැවී ලකුණු 441ක් රැස්කිරීමට සමත් වූ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 138කි.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවත පිතිහරඹයේ යෙදීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදු වූ අතර පළමු ඉනිමේ වැරැදි නිවැරැදි කරගනිමින් දෙවැනි ඉනිමේදී හොඳ සටනක් දීමට ඔවූහූ සමත්වූහ.
ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේදී ලකුණු 407 ක් රැස්කළ අතර සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් දිමුත් කරුණාරත්න ලකුණු 152 ක් රැස්කිරීමට සමත්වූ නමුත් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 303 ක දැවැන්ත වාසිය නිසා නවසීලන්ත කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 107ක පහසු ඉලක්කයක් හිමි විය.
නවසීලන්ත පිතිකරුවෝ කඩුළු දෙකක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේ තරගයේ තවත් දිනක් ඉතිරිව තිබියදීය. මෙම තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කළ පළමු ටෙස්ට් තරගය ද විය.
නවසීලන්ත කණ්ඩායමේ ඉතිහාසයේ ගෙවා දැමූ හොඳම වසර මෙය වූ අතර, ඔවුන් මේ වසරේදී ටෙස්ට් තරග පහක් ජයග‍්‍රහණය කිරීමට සමත් වූ අතර, එය ඔවුන් වසරක දී ජයග‍්‍රහණය කළ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යවද විය.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කීවේ පළමු ඉනිමේ දුර්වල පිතිහරඹය නිසා ශී‍්‍ර ලංකා පිල තමන් විසින්ම තරගයෙන් ඉවතට විසිකරගත් බවයි.
”දෙවැනි ඉනිමේ පිතිහරඹය යෙදුණු ආකාරය දුටුවාම ඒක කිසියම් සුබ ලකුණක් වගේ පෙනෙනවා. ඒත් පළමු ඉනිමේ ලද අසාර්ථකත්වය නිසා දෙවැනි ඉනිමේදී ඊට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ”
”අවසාන පිතිකරුවන් දෙදෙනා පවා හොඳ සටනක් දුන්නා. ඔවුන් දෙදෙනාගේ ලකුණු සබඳතාවය ලකුණු 50 ක්. එය ඉතා වැදගත් උනා. ඔවුන් හොඳ සටනක් දුන්නා. ඔවුන්ගේ දක්ෂතාවය පෙන්නුම් කළා. අවාසනාවකට අපට එය පළමු ඉනිමේදී කිරීමට නොහැකි වුණා” මැතිව්ස් පැවසීය.
පළමු දිනයේදී පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක්වුණා නේද යන්න කළ විමසීමේදී මැතිව්ස් මෙසේ පැවසීය.
”තණතීරුවෙන් පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබුණා තමයි. ඒත් මම හිතනවා තණතීරුව (පිතිහරඹයටත්) ඉතා හොඳයි. තරගය පුරාම හොඳ ඉපිලීමක් තිබුණා. හැකියාව තිබුණු අයට පන්දුවෙන් වැඩගන්න පුළුවන්කම තිබුණා.”
”අපි දැක්කා සවුති සහ බෝල්ට් පළමු ඉනිමේ හොඳින් පන්දු යවනවා. දෙවැනි ඉනිමේදීත් ඔවුන් හොඳින් පන්දු යැව්වා. මම හිතනවා අපි පළමු ඉනිමේදී හොඳින්, නිසි එල්ලයකට පන්දු යැව්වේ නැහැ කියලා. අපි ඔවුන්ට රිසි සේ පන්දුවට පහරදීමට ඉඩ හැරියා”
”ඇරත් පිටියට ඇවිදගෙන එක කෙනෙක් විවේකයන් තුනක් අතරදී (පැය 4 ක පමණ කාලයකදී) ලකුණු 200 කට ආසන්න ප‍්‍රමාණයක් රැස් කරද්දි ඔබට ඒ සම්බන්ධයෙන් වැඩි යමක් කළ නොහැකියි. මැකලම්ගේ ඉනිම අති විශිෂ්ටයි. එහි කීර්තිය යා යුත්තේ ඔහුටයි” යයි මැතිව්ස් පැවසීය.
”ඒක මම දැකපු අති විශිෂ්ට ඉනිමක්. ඔහු කී‍්‍රඩා කළේ පන්දුවාර විස්සයි විස්ස තරගයක් වගේ. ඔහු පිටිය සිසාර පන්දුව යැව්වා. ඔහු සමඟ කී‍්‍රඩා කළ අනෙක් කී‍්‍රඩකයාටද ඉන් ලකුණු ලැබුණා. කී‍්‍රඩා කළ ඉනිමවලින් ඔහු වැඩියෙන්ම සතුටට පත් වූ ඉනිම වෙන්න ඇත්තේ එයයි. ඔබටත් එහෙම හිතෙනවා ඇති. ඔහු විශිෂ්ට ලෙස පන්දුවට පහර දුන්නා” යයි නවසීලන්ත නායකයාගේ ඉනිම අගය කරමින් මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
වෙලින්ටන් තරගය සඳහා පන්දු යවන්නන් සූදානම් කරවන ආකාරය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නායකයා පැවසුවේ දෙවැනි ඉනිමේදී තමන්ගේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බවත් හොඳ කැපකීරිමකින්, ඉවසීමකින් හොඳින් පන්දු යැව්වොත් එයින් යමක් ලබාගත හැකි බවත්ය.
දිමුත් කරුණාරත්නගේ ඉනිම පිළිබඳව විශේෂයෙන් ප‍්‍රසංශා කළ මැතිව්ස්...
”ඔහු ඔහුගේ දක්ෂතාවය පෙන්නුම් කළා. එය ඉතා පුදුම සහගතයි. ඔහු ලොකු කැපකිරීමක් කළා. එය විශ්වාස කළ නොහැකි තරම්”
”ඉතා හොඳ පන්දු යැවීමේ බල ඇණියක් ඉදිරියේ ඔහු සිය ප‍්‍රථම ශතකය රැස්කළා. එය අති විශිෂ්ටයි. ඔහු කඩුල්ලේ රැඳී සිටිමින්, අනෙක් අන්තයේ සිටින පිතිකරුවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට උත්සහ කළා. එය අගය කළ යුතුයි” යයිද පැවසීය.
”ඔහු රැස්කළ ලකුණු 150ත් සමඟ, විශාල ආත්ම විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මට විශ්වාසයි. ඔහු ගොඩක් වෙලාවට ලකුණු 30ක් 40ක් ලබාගෙන දැවීයනවා. අපි ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත්වෙලා හිටියේ. ඒත් අපි ඔහුගේ දක්ෂතාවය ගැන දැනගෙන හිටියා”
”ආරම්භයක් ලැබුණු විට ඔහු හොඳින් කී‍්‍රඩා කරනවා. ඔහු ඉතා හොඳ කී‍්‍රඩකයෙක්. ඔහු ඉතා විශිෂ්ට පිතිකරුවෙක්. අපි බලාපොරොත්තු වෙනවා, ඔහු කෙමෙන් කෙමෙන් ඉදිරියට යාවි, දියුණු වේවි. ශතක රැුස්කරාවි කියලා. වෙලින්ටන් වලදීත් ඔහු විශාල ලකුණු සංඛ්‍යාවක් රැුස් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යයි දිමුත් කරුණාරත්නගේ මෙම ඉනිම ඔහුගේ ගමන්මග වෙනස් කළ හැකි ඉනිමක්ද යන්න කළ විමසීමේදී මැතිව්ස් පැවසීය.
නවසීලන්තය ගැන අත්දැකීම් ඇති කී‍්‍රඩකයන් අතුරින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින්නේ කුමාර් සංගක්කාර සහ ප‍්‍රසන්න ජයවර්ධන පමණි. එහෙයින් වෙලින්ටන් ටෙස්ට් තරගයත් ශ‍්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් වනු නිසැකය. එහෙත් වෙලින්ටන් තරගයේදී රංගන හේරත් නැවතත් කණ්ඩායමට එක්වීම නායකයාට සහනයකි.
”මම තවමත් වෙලින්ටන් ගිහිල්ලා නැහැ. අපිට මේ තරගයෙන් ගන්න තියෙන්නේ හොඳ දේවල් විතරයි”
”අපි ගත යුත්තේද හොඳ දේවල්. අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. නිසි ඉලක්කයකට පන්දු යැව්වා. දෙවැනි ඉනිමේදී පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දුන්නා. අපේ පන්දු රැකීමත් හොඳ මට්ටමක තිබුණා” යයි කී මැතිව්ස් ....
දෙවැනි ටෙස්ට් තරගයේදී රංගන හේරත් නැවතත් කණ්ඩායමට එක්වනු ඇතැයි පැවසීය. කෙසේ වෙතත් එම තරගයේදී විශාල වෙනස්කම් සිදු නොවනු ඇති බවත් තමන්ගේ මූලික දේවල් නිසි පරිදි සකස්කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරන එක වැදගත් බවත් පැවසීය.
”අපි පරාද වුණේ එක් තරගයක් පමණයි. පසුගිය කාලය පුරාම අපි හොඳින් කී‍්‍රඩා කළා. අපි හිතනවා ඉදිරියටත් ඒ ආකාරයෙන්ම කරන්න පුළුවන්” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
මෙම තරගයේ ඉනිම දෙකේදීම කුමාර් සංගක්කාර අසාර්ථක වීම මැතිව්ස්ට තදින් බලපෑවේය. මෙම තරගයේ ඉනිම දෙකේදීම සංගක්කාරට ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විටත් අංක 1 හිමිකරගෙන සිටින සංගක්කාර මේ වසර තුළදී වැඩිම ලකුණු ලබාගත් (1493) ටෙස්ට් පිතිකරුවාද වෙයි. මේ වසර තුළදී සංගක්කාරගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 71.09 ක් වීමෙන් පැහැදිළි වන්නේ ක‍්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගයේදී සංගක්කාර අසාර්ථක වීම යනු ලකුණු 150 කට ආසන්න ප‍්‍රමාණයක් නායක මැතිව්ස්ට අහිමි වූ බවයි.
නවසීලන්තයේ තණතීරු මතට රංගන හේරත්ගේ ආගමනය පිළිබඳව විවිධ මතවාද තිබුණත් ඒ සම්බන්ධයෙන් මැතිව්ස් දරන්නේ වෙනත් මතයකි.
”ඔහු කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන්ගෙන් කෙනෙක්. ඒ වගේම බොහෝ අත්දැකීම් ඇති කී‍්‍රඩකයෙක්. මෙහි තණතීරුවල ස්වභාවය ඔහුට ගැලපෙන්නේ නැති උනත් මෙවැනි තණතීරුවල පන්දු යවන විදිය ඔහු දන්නවා. ඔහු මීට කලින් නවසීලන්තයේ සංචාරය කරලා තියෙනවා. අපිට කඩුළු 20 ක් දවාගැනීමට ඔහු උදව් කරයි කියලා මට විශ්වාසයි” යයි මැතිව්ස් පැවසීය.
වෙලින්ටන් තරගය සඳහා මීට වඩා සූදානම්වීමක් අවශ්‍ය නොවන බවත් මැතිව්ස් කියයි.
”අපට ක්වීන්ස්ටවුන්හි හොඳ පුහුණු තරගයක් තිබුණා. අපි දවස් කිහිපයක් හොඳින් කැපවීමෙන් පුහුණවීම් කළා. සූදානම් වීම හෝ පුහුණුවීම මත සියල්ලම රඳා පවතින්නේ නැහැ. එය රඳා පවතින්නේ අපේ මනස මතයි”
”අපි පළමු වතාවට අපි මෙහි ආවේ. අපි හඹා යෑමට කැමැති කණ්ඩායමක්. මම හිතනවා එහෙම. අපි අපේ වැරැදිවලින් ඉගෙන ගත යුතුයි. ඒ වගේම ඒ වැරැුදි අපි ඉක්මනින් හදා ගත යුතුයි. අපි විදෙස් සංචාරවල නිරත වෙද්දි පළමු දින කිහිපය ඉතා වැදගත්. ඒ නිසා එය අතහැරිය නොහැකියි” යයිද මැතිව්ස් පැවසීය.
ටෙස්ට් තරග කිහිපයක් කී‍්‍රඩා කළ දග පන්දු යවන්නකු වන ඩිල්රුවන් පෙරේරා සංචිතයේ සිටියදීත් කෝඩුකාර පිට දග පන්දු යවන්නකු වන තරිඳු කෞෂාල් සමග කී‍්‍රඩා කිරීමට ගත් තීරණය පිළිබඳ මැතිව්ස් පසු තැවෙන්නේ නැත.
”සමහරවේලාවට කොච්චර අමාරු උනත් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. එක දඟ පන්දු යවන්නෙක් සමඟ කී‍්‍රඩා කරද්දි, අපිට ආක‍්‍රමණය කළ හැකි කෙනෙක් අවශ්‍යයි. ඔහු තරමක් වෙනස් කී‍්‍රඩකයෙක්”
”ඔහුට ආවේණික ශෛලයක් තියෙනවා. ඔහු සාම්ප‍්‍රදායික පිට දඟ පන්දු යවන්නෙක් නෙමෙයි. ඔහුට දුස්රා පන්දු යැවීමේ හැකියාවත් තිබෙනවා. මම හිතනවා ඒ සියල්ල සමඟ ඔහු ඉදිරියේදී හොඳින් පන්දු යවාවි කියලා. මෙය ඔහුගේ පළමු තරගය. හැම කෙනෙකුම තමන්ගේ පළමු තරගයේදී කලබලයි. ඔහු දෙවැනි ඉනිමේදී හොඳින් පන්දු යැව්වා” යයි තරිඳු කෞෂාල් සම්බන්ධයෙන් මැතිව්ස් පැහැදිළි කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.