Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මලල කී‍්‍රඩා ශූරියන්ගේ නාමාවලියක් සකස් කළහොත් අතිදක්‍ෂ හෙල්ල විසිකිරීමේ ශූරියක වශයෙන් නදීකා ලක්මාලි ලියනගේ එහි ඉහළම ස්ථානයක රැඳෙනු ඇත.
දකුණු පළාතේ ඈත ඇල්පිටිය ගමේ උපන් නදීකා මේ වනවිටත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ගණනාවක් හිමිකරගෙන සිටින්නීය. පසුගියදා රුසියාවේ මොස්කව් පැවැත්වුණු 14 වැනි ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේ දී ඈ සිය කී‍්‍රඩා දිවියේ ස්වර්ණමය සලකුනක් සටහන් කරගැනුමට සමත් වුවාය.
එම තරගාවලියේදී අවසන් වටයට සුදුසුකම් ලද කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු සමග පදක්කමක් සඳහා තරග වදිමින් උත්සාහයන් තුනකදී මීටර් 55.10, 58.16 හා 55.77 වශයෙන් දස්කම් දැක්වීමට ඇය සමත් වූවාය. එම තරගයේදී 12 වැනියා ලෙස නදීකා තරගය නිමා කළද එය ලෝකයේ හොඳම කී‍්‍රඩිකාවන් අතරට එක්වීමක් විය. ඇගේ එම උත්සාහය ශ්‍රී ලංකිකයනට මහත් උද්දාමයක් ඇති කිරීමට සමත් විය.
ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියෙන් පසුව ඈ මෙසේ අදහස් දැක්වූවාය.
”අද මං මෙතැන ඉන්නේ දුෂ්කරතා සහිත ගමනක ප‍්‍රතිඵලයක් හැටියටයි.
මගේ ගම ඇල්පිටිය ඒත් මම අවුරුදු ගානක් ජීවත් වුණේ මීපෙ, මගේ සහෝදරියගේ ගෙදර.
මම පුහුණුවීම්වලට එන්නේ මීපෙ ඉඳලා කිලෝ මීටර් 70ක තරම දුරක් ගෙවාගෙන. මම තවමත් යන්නෙ එන්නෙ බස් එකේ. ඒ ගැන එක්තරා විදියකට මට සතුටු වෙන්න පුළුවන්. මොකද නිහතමානී විදියට ජීවත් වෙන්න අවස්ථාවක් මට ලැබෙන නිසා.”
සුසන්තිකා ජයසිංහගෙන් පසුව ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගයක අවසන් වටයට තරග වැදුණු එකම ශ්‍රී ලාංකික කී‍්‍රඩිකාව නදිකා ලක්මාලිය. රුසියාවේදී ඇය විසින් දක්වන ලද දස්කම් අපට වැදගත් වන්නේ එබැවිනි.
1997 හා 2007 වසරවලදී පැවති ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලීන්හිදී කාන්තා මීටර් 200 ඉසව්වෙන් රිදි හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සුසන්තිකා ජයසිංහ සමත් වූවාය. පදක්කම් දිනාගැනීම අතින් නදිකා සුසන්තිකාට වඩා පියවර ගණනකින් පසුපස සිටින බව සැබෑය. එහෙත් ලංකාවේ කී‍්‍රඩා අධිකාරීන් විසින් සොලකා හරින ලද තත්ත්වයක සිටියදී විශේෂයෙන්ම කාය ශක්තිය තීරණාත්මක සාධකයක් වන හෙල්ල විසිකිරීමේ දී ලෝකයේ හොඳම 12 දෙනා අතරට එක්වීම නදිකා ලැබූ විශාල ජයග‍්‍රහණයකි.
”අන්තර්ජාතික තලයේ ඉහළටම ගිය අනෙක් මළල කී‍්‍රඩකයන් එක්ක සසඳලා බලනකොට මට තවමත් සහයෝගයක් ලැබෙන්නෙ නැති තරම්.”
”සුසන්තිකා, දමයන්ති දර්ශා වගේ දක්‍ෂයින් බිහිවුණේ ඒ දවස්වල සිටි කී‍්‍රඩා පරිපාලනය ඔවුන්ගේ දක්‍ෂතා ගැන සුභවාදීව බැලූ නිසයි. මම මගේ හැකියාව ඔප්පු කළා. ඒත් ඒ සහයෝගය මට ලැබෙනවා. අඩුයි”
”මට අවශ්‍ය මූල්‍යමය අනුගහ‍්‍රය පමණක් කියලා ඉන් අදහස් කරන්නේ නැහැ. වගකිව යුතු ඉහළ නිලධාරීන් අඩු තරමින් වචනයකින් හරි දිරිගැන්වීමක් කරනවා නම් අපි වගේ කී‍්‍රඩිකාවන්ට එය විශාල ශක්තියක්.
මම ඒ දිරිගැන්වීම ඉතාම ආශාවෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අන්තර් ජාතික පදක්කමක් දිනා ගන්න මට හීනයක් තිබෙන නිසා. මෑත වසර කීපය මලල කී‍්‍රඩකයන්ටවත් කී‍්‍රඩා නිලධාරීන්ටවත් එතරම් හොඳ වුණේ නැහැ.” නිදීකා පැවසුවේ ශෝකයෙනි.
නදීකා සේවය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡ බලකායෙහිය. දක්‍ෂ මලල කි‍්‍රඩක/කී‍්‍රඩිකාවන් දිරිගන්වන, ඔවුන් ගේ සිහින හඹායාමට අතහිත දෙන ආයතන කීපයෙන් එකක සේවය කිරීම නදිකාගේ වාසනාවකි. එහෙත් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමටත්, කී‍්‍රඩා පුහුණුවීම් සඳහාත් ඈට ලැබෙන වැටුප ප‍්‍රමාණවත් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අපේ රටේ වෙනත් කී‍්‍රඩා තරුවලට වඩා වෙනස් කී‍්‍රඩිකාවක් වන නදිකාට, අනුග‍්‍රාහකයෙකුගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කි‍්‍රයාදාමය පිළිබඳව අවබෝධයක් නැත. අන්තර් ජාතික මළල කී‍්‍රඩිකාවක වශයෙන් අනුග‍්‍රාහකයෙකු සිටීම යහපතක් වන ආකාරය පිළිබඳවවත් ඈ තුළ ඇත්තේ මද අවබෝධයකි. ඒ නිසාම ඈ සහය අපේක්‍ෂාවෙන් සිටී.
”දැන් මගේ වයස අවුරුදු 31යි. වසර දෙකක් හෝ ඊට වැඩියෙන් කී‍්‍රඩා කරන්න මට ජවය තියෙනවා.”
”ඒ කාලය තුළ මගේ හැකියාවන් දියුණු කරගැනීම වගේම අන්තර් ජාතික ජයග‍්‍රහණ ලබාගැනීම මගේ අරමුණයි. නමුත් තවමත් අනුග‍්‍රාහකයින්ගේ කාර්යභාරය ගැන මට හරි අවබෝධයක් නැහැ.” යයි නදීකා පැවසුවාය.
මොස්කව් ලෝක ශූරතාවලියට යන්න ස්පයික් සපත්තු දෙකක් ගන්න රුපියල් 25000ක් විතර ගියා. ඒ මුදල මම තාත්තාගෙන් ණයට ඉල්ල ගත්තේ. ඇඳුම් පැළඳුම් සහ කී‍්‍රඩා ආම්පන්න වුනත් පෙනෙනවාට වැඩිය ගණන්.
කී‍්‍රඩා අමාත්‍යාංශයත් එයාලගෙ උපරිම සහයෝගය දක්වනවා අපි හැමෝටම. කී‍්‍රඩාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටිකවත් අරන් දෙන්න පරිත්‍යාගශීලියෙක් හෝ ඉන්නවානම් මගේ කරදරවලින් භාගයක්ම ඉවරයි. නමුත් මොන කරදර ,බාධා ආවත් මට පැහැදිලිව කියන්න පුළුවන්, කී‍්‍රඩාවට මා තුළ තිබෙන ඇල්ම ඒ කිසිවකින් වෙනස් වන්නේ නැහැ.” ඇය අවධාරණයෙන් පැවසුවාය.
කී‍්‍රඩාවට යොමු නොවුණා නම් ඈ කවුරුන් වියහැකිව තිබුණද ? කෙසේ වුවත් ගැමි තරුණියක ලෙස අන් අය සිහින දකින මට්ටමේ අරමුණක් ඇය යථාර්ථයක් බවට පත්කරගෙන සිටින්නීය.
දේශීය තරගාවලදී නදීකා බොහෝ සම්මාන හා පදක්කම් දිනාගෙන තිබේ. අන්තර් ජාතික මට්ටමේ ජයග‍්‍රහණ පිළිබඳව සලකා බලන විට 2008 බීජිං හි පැවැත්වුණු ආසියානු ගෝන් පී‍්‍ර තරගාවලියේ පළමු ස්ථානය පසුගිය මස ඉන්දියාවේ පූනේ හි පැවැත්වුණු ආසියානු ශූරතාවලියේදී රිදී පදක්කමක් ද. එහිම 2007 ජෝර්දානයේදී පැවති තරගයේදී ලෝකඩ පදක්කමක් ද ඈ විසින් දිනාගනු ලැබ ඇත. වත්මන් ශි‍්‍ර ලංකා හෙල්ල විසිකිරීමේ වාර්තාව තැබුවේද නදීකායි.
පසුගිය මස ඉන්දියාවේ පූනේහිදී පැවැත්වුණු 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී නදීකා ඒ වාර්තාව තැබුවේ මීටර් 60.64ක් දුරට හෙල්ල විසිකරමිනි. මොස්කව් ලෝක ශූරතාවලියට යාමට දොරටු විවරකර දුන් එම වාර්තාව ඇය පිහිටවූයේ මීටර් 60.16 ක් වූ ඇගේම ජාතික වාර්තාව බිඳ හෙළමිනි.
මේ වනවිට ඇය ජාත්‍යන්තර තරගාවලදී රන් පදක්කම් තුනක් දිනාගෙන ඇත. 2007 දී මම හෙල්ල විසිකිරීමෙන් මීටර් 58 කඩයිම පසුකලා. වසර පහකදී මීටර් 2ක් ඉදිරියට ඇවිත් මීටර් 60 කඩයිම පසුකලා. ඒ කාලෙ මට හොඳ සහයෝගයක් ලැබුණ නම් ඊට වඩා දුර යන්න තිබුණා.
”ලබන වසරේදී පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට සහ ආසියානු තරගාවලියට සහභාගි වෙන්න නියමිතයි. ඒ නිසා මේ කාලයේ මම උපරිම උත්සාහ කරමින් ඉන්නේ මේ තරග දෙකේදීම මගේ හැකියාවන් තවත් හොඳින් ඉදිරපත් කරන්නයි” යයි නදීකා තම සිතැඟි අනාවරණය කළාය.
ලොව හොඳම හෙල්ල විසිකිරීමේ කී‍්‍රඩිකාවන් 12 දෙනා හා තරග වැදීමට මොස්කව්හිදී ලද අවස්ථාව තම ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් බවද නදීකා ප‍්‍රකාශ කළාය.
මොස්කව් තරගයේදී අවසන් වටයට තරග වදින විට මගපෙන්වීම සඳහා ඇගේ දිගුකාලීන පුහුණුකරු ඒ.ජේ. රොඞ්රිගෝ මහතා ඈ සමග නොසිටියේය. මන්ද අවසන් වටයේ තරග පැවැත්වුණේ සුදුසුකම් ලබන වටයෙන් දිනකට පසුව වූ බැවිනි.
ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියකදී පදක්කමක් දිනාගැනීම දුර ඉලක්කයක් වූ නමුත් තම පෞද්ගලික දස්කම් ඉහලට ගෙන යාමට ඇය අපොහොසත්.
නදීකා ලක්මාලි සම්බන්ධයෙන් වඩාත් ඛේදනීයම කරුණ වන්නේ ආසියානු ශූරතාවලියෙන් පසුව මොස්කව් තරගයට සුදුසුකම් ලබා මාසයක කාලයක් පුහුණුවීම් කරන්නට ලැබුණ ද, ඈට විශේෂ පුහුණුවක් ලබාදීමට දේශීය කී‍්‍රඩා නිලධාරීන්ගේ දෑස් විවර නොවීමයි.
”ලෝකෙ හොඳම හෙල්ල ශූරියන් 11 දෙනා අතර සිටීමට ලැබීම පුදුමකාර හැඟීමක්. ගමකින් ආව මං වගේ කෙනෙකුට එය යෝධ අත්දැකීමක්. ලෝකයේ හොඳම යැයි සැලකූ 12 දෙනා අතර ඉන්න ලැබීමත් මට විශාල ආඩම්බරයක් වුණා. නමුත් මට මීටර් 60 සීමාව ඉක්මවන්න නොහැකි වුණා. මගේ බලාපොරොත්තුව වුනේ 14 වැනි ලෝක මලල කී‍්‍රඩා ශූරතාවයේ අවසන් වටයට සුදුසුකම් ලැබීමයි. මීටර් 60ක් හෝ ඊට සෙන්ටිමීටරයක් වත් වැඩියෙන් වාර්තා කරන්න හැකි වුණා නම් එය වාසියක්.
එහිදී මා සමඟ තරග කළ අනෙක් කී‍්‍රඩිකාවන් තමන්ගේ උපරිමය ලෙස මීටර් 66-72 අතරයි වාර්තා තබා තිබුණේ. ඒ වාර්තාවලට ලංවීමට පවා අසාමාන්‍ය උත්සාහයක් අවශ්‍ය වුණා. මගේ තත්ත්වයේ හැටියට මම මගේ උපරිමය කළා. ඒ ගැන මම තෘප්තිමත්. කී‍්‍රඩිකාවක ලෙස මා ලද සියල්ල වෙනුවෙන් මගේ පුහුණුකරු රොඞ්රිගෝ මහත්මයාට මම සදා ණයගැතියි.
ඔහු 2001 සිට මගේ පුහුණුකරු ලෙස සිටියා. අමතරව මගේ සහෝදර මලල කී‍්‍රඩකයින් මට උත්තේජනයක් වුනා මේ තත්ත්වයට එන්න” නදීකා පැවසුවාය. ඇතැම් විට ඇදහීමට නොහැකි තරම් සාර්ථකත්වයක් ඇය අනාගතයේ උරුම කරගනු ඇත. නැතහොත් රන් අකුරින් නම නොලියැවුණු වීරවරියක පරිද්දෙන් ඈද ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා ඉතිහාසයෙන් ඉවත්ව යනු ඇත.
එහෙත් මේ වනවිට ලංකාවේ හෙල්ල විසිකිරීමේ ඉසව් පිළිබඳව කී‍්‍රඩා නිලධාරීන්ගේ වැටහීම වැරදි බව ඔප්පු කිරීමට නදීකා සමත්ව තිබේ.
වටිනා මැණිකක් කපා ඔපදමාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයට නොහැකි වුවද මව්බිමට තමා වටිනා වස්තුවක් බව නදීකා ඔප්පු කර හමාරය. ඇගේ දක්‍ෂතා හඳුනාගෙන ඒවාට අත දුන්නා නම් ඇය අද වනවිට මීට වඩා සපුරාම හොඳ තත්ත්වයක සහ ස්ථාවරයක සිටිනු නොඅනුමානය. එබැවින් ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය මෙයට වඩා කැපවීමෙන් කටයුතු කළ යුතු බව නදීකාගේ හැඟීමයි.
”මා හිතන හැටියට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පදක්කම් දිනාගැනීමේ හැකියාව ඇති නමුත් සහයෝගය නොලැබෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට උදව් කරන පරිපූර්ණ වැඩසටහනක් දියත් කළ යුතුයි. අනාගතය හා අනාගත පදක්කම් වෙනුවෙන් ඔවුන් මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.
මලල ක‍්‍රීඩා සංගමය අපිට සලකන ආකාරය ගැන මම කිසිසේත්ම තෘප්තිමත් නැහැ.”
මලල ක‍්‍රීඩිකාවක වශයෙන් තම අනාගතය දෙස ඈ බලන්නේ සුභවාදී ආකල්පයකිනි. ලොව හොඳම අය අතරෙහි තරඟ වැදීමට අවස්ථාව ලැබුණ ද ඈ තුළින් විද්‍යාමාන වන නිහතමානී බව හා සරලත්වය මෙන්ම යුවතියක සතු චාම් බවද ඇයට නිරන්තර ආභරණයක් වී තිබේ. නොසැලෙන ධෛර්යයෙන් හා සුභවාදී සිතිවිලි වලින් යුතුව සිය රටට අභිමානය ගෙනා නදීකා හෙට දවසේ හෙල්ලත් රැගෙන තව තවත් දුර යාමට අපේක්ෂා කරන්නීය.
කොළඹ-අවිස්සාවේල්ල බසයක් තුළදී සාමාන්‍ය මගියෙකු ලෙස ඇයව ඔබට හමුවනු ඇත. එහෙත් අසීරුවෙන් මලල ක‍්‍රීඩා පිටියට පිවිස හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකයේ හොඳම 12 දෙනා අතරට පිවිසි ක‍්‍රීඩිකාවක් ලෙස ඈ හඳුනා ගන්නට ඔබට හැකි වුවහොත් ඇය වඩාත් සතුටු වනු නිසැකය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.