Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් නායකත්වය විහස්ට
19 න් පහළ ආසියානු කුසලාන

ශ්‍රී ලංකා යොවුන් නායකත්වය විහස්ට

editorial - 2024 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
 
එකොළොස්වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විහස් තෙව්මිකට පැවරී තිබේ. අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති විහස් පිට දඟ පන්දු යවන්නෙකි. 
 
තවමත් 19 හැවිරිදි ක්‍රීඩකයකු වන නමුත් විහස් තෙව්මික ජාතික සුපර් ලීග් (එක්දින) තරගාවලියේදී කොළඹ කණ්ඩායම නියෝජනය කරයි. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් ක්‍රීඩා සමාජ තරග වලටද සහභාගි වන විහස්, ඔහුගේ වයසේ සෙසු ක්‍රීඩකයන් අතර සිටින පළපුරුදු ක්‍රීඩකයෙකි. 
 
කඩුලු රකින්නා වශයෙන් කටයුතු කරන, කොළඹ ශාන්ත බෙන්ඩික්ට් විද්‍යාලයේ ශාරුජන් ශන්මුගනාදන්, කණ්ඩායමේ උපනායකයාය. ඔහු නුගේගොඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ තරග කිහිපයකට ද මුහුණ දී ඇති අතර යන්තම් වයස 4 දී සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් මහතාගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර වූ ක්‍රීඩකයෙකි. 
 
යොවුන් ආසියානු කුසලාන තරගාවලිය මේ මස 29 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. මෙම තරගාවලිය දෙසැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. 
 
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙන් තරග කරයි. ඇෆ්ඝනිස්ථානය, බංග්ලදේශය සහ නේපාලය ශ්‍රී ලංකාව ඇතුළත් ‘බී’ කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වෙති. ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරති. 
දෙසැම්බර් මස 6 වැනිදා අවසන් පූර්ව තරග පැවැත්වෙයි. අවසන් මහ තරගය දෙසැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිතය. 
 
ශ්‍රී ලංකා කණ්ඩයමේ තරග කාල සටහන
නොවැ 29 - ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සාජා ක්‍රීඩාංගණයේදී
දෙසැ 01 - ශ්‍රී ලංකාව සහ ඇෆඝනිස්ථානය අතර ඩුබායිහිදී
දෙසැ 03 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායිහිදී
 
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම 
විහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය), ශාරුජන් ශන්මුගනාදන් (ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය), පුළිඳු පෙරේරා (ධර්මරාජ විද්‍යාලය), තනූජ රාජපක්‍ෂ (තර්ස්ටන් විද්‍යාලය), දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය), කවීජ ගමගේ (කිංග්ස්වුඩ් විද්‍යාලය), විරාන් චමුදිත (මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය), රමිරු පෙරේරා (කොළඹ රාජකීය විද්‍යාලය), ලක්වින් අබේසිංහ (ධර්මරාජ විද්‍යාලය), විමත් දින්සර (කොළඹ විද්‍යාලය), ප්‍රවීන් මනීෂ (ලුම්බිණි විද්‍යාලය), යෙනුල දෙව්තුස (මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය), ගීතික ද සිල්වා (කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය), කේ. මතුලන් (යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය) ආර්. නිව්ටන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය)

අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් නායකත්වය විහස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.