Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩලස් නුවර ග්රෑන්ඞ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ සිට..)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඩලස් නුවර ග්රෑන්ඞ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ඊයේ (6 වැනිදා) පැවැති තරගය සුපිරි ඕවරයේදී ජය ගැනීමට පාකිස්තානය සමත් විය. විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තාන කණ්ඩායමක් ඇමරිකාව හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වූ අතර ඇමරිකාව හමුවේ විස්සයි-20 තරගයදී පරාජය වූ දෙවැනි ටෙස්ට් වරම් ලාභී කණ්ඩායම බවටද පාකිස්තානය පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය ඇමරිකාව, ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 159 ක් පමණක් ලබාගැනීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ. හාරිස් රවුෆ් යැවූ අවසන් ඕවරයේදී තරගය ජය ගැනීම සඳහා ඇමරිකාව ලකුණු 15 ක් ලබාගත යුතුව තිබිණ. එහි මුල් පන්දු 5 තුළ ලකුණු 10 ක් ලබාගත් ඇමරිකාවට අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා හයේ පහරක් අවශ්‍ය විය. එහෙත් එම පන්දුවට හතරේ පහරක් එල්ල කළ නිතිෂ් කුමාර් තරගය සුපිරි ඕවරයක් කරා ගෙන ගියේය.
පාකිස්තානය වෙනුවෙන් සුපිරි ඕවරය යැවීම සඳහා කැඳවූ මොහොමඞ් අමීර් එහිදී වයිඞ් පන්දු 3 ක්ද යවමින් ඇමරිකාවට ලකුණු 18 ක් ලබාදුන්නේය. කෙසේ වුවත් ඇමරිකාව වෙනුවෙන් සුපිරි ඕවරය යැවූ සෞරබ් නේත්රවල්කර් එහිදී පාකිස්තා පිතිකරුවන්ට ලබාදුන්නේ ලකුණු 13 ක් පමණි. එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ඉෆ්තිකාර් අහමඞ්ගේ කඩුල්ල දවාගැනීමටද සෞරබ් සමත් විය.
ආරම්භක පිතිකරු මොනාක් පටේල් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඇන්ඩ්‍රියස් ගූවස් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක්ද, ඒරන් ජෝන්ස් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 36 ක්ද රැස්කරමින් තරග සම තත්ත්වයට පත් කිරීම සඳහා දායකත්වය සැපයූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 157 කට සීමා කිරීමට නොෂ්තුෂ් කෙන්ජිගේ ප්රමුඛ ඇමරිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී නොෂ්තුෂ් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගත් අතර සෞරබ් නේත්රවල්කර් කඩුලු 2 ක්ද, අලී ඛාන් සහ ජස්දීප් සිං කඩුල්ල බැගින්ද බිඳහෙළමින් පාකිස්තාන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා නොෂ්තුෂ්ට අනගි සහයක් දුන්හ.
පාකිස්තානය වෙනුවෙන් නායක බාබර් අසාම් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර ශදාබ් ඛාන් පන්දු 25 කින් ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත ශහීන් අෆ්රිඩි, පන්දු 16 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 159
(බාබර් අසාම් 44, ශදාබ් ඛාන් 40, ඉෆ්තිකාර් අහමඞ් 14, ශහීන් අෆ්රිඩි නොදැවී 23, නොෂ්තුෂ් කෙන්ජිගේ 30/3, සෞරබ් නේත්රවල්කර් 18/2)
ඇමරිකාව - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 159
(මොනාක් පටේල් 50, ඇන්ඩ්‍රියස් ගූවස් 35, ඒරන් ජෝන්ස් නොදැවී 36)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.