Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්තාන - පාකිස්තාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට

ඇෆ්ඝනිස්තාන - පාකිස්තාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට

editorial - 2021 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගමනාගමන අපහසුතා හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පාකිස්තානයට මාරුකළ බව ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි මහතා තහවුරු කළේය. තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු කාබුල් නුවර සිට වාණිජ ගුවන් ගමන් ආරම්භ නොකිරීමත්, දින 10 කට ශ්‍රී ලංකාව අගුළු දැමීමත් තරගාවලිය පාකිස්තානය වෙත මාරු කිරීමට හේතුවී ඇත.

කාබුල් නුවර ගුවන් තොටුපොලෙන් වාණිජ ගුවන් ගමන් සිදු නොවීම නිසා ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ගොඩබිමෙන් පාකිස්තානයටත්, අනතුරුව ගුවන් මගින් ඩුබායි නුවරටත්, පසුව ශ්‍රී ලංකාවටත් පිටත් කර යැවීමට මින් පෙර සැලසුම් කර තිබුණි. නමුත් කොවිඩ් - 19 නියමයන් නිසා එය දැඩි අසීරූ කටයුත්තක් වීම හේතුවෙන් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට තිරණය කෙරුණි.

සැප්තැම්බර් 3 දා ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථාන සංචිතය මේ සතිය අගදී පාකිස්තානය බලා යන නමුත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත.

මෙම තරගාවලිය පළමුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූවත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සමගින් ඝට්ටනය වීම හේතුවෙන් හම්බන්තොටට මාරු කරන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරගාවලිය පැවැත්වීමට තිබූ සැලැස්ම බිඳ වැටුණු පසු පාකිස්ථානයේ එක් ක්‍රීඩාංගණයකදී තරගාවලිය  පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඉදිරිපත් වූ නමුත් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලට එය ප්‍රතික්ෂේප කර ඇත. කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වික තරගාවලියද මෙය වන්නේය.

- 2079


අදහස් (0)

ඇෆ්ඝනිස්තාන - පාකිස්තාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.