Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්ථානුවෝ කැන්ගරුවන් දඩයම් කරති
වි-20 ලෝක කුසලාන 2024

ඇෆ්ඝනිස්ථානුවෝ කැන්ගරුවන් දඩයම් කරති

editorial - 2024 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ශාන්ත වින්සන්ට්හි ආනෝස් වේල් ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 21 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. එදාමෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම ආකෘතියකදී ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් වූ පළමු අවස්ථාව මෙය විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ගුල්බදීන් නයිබ් ප්‍රමුඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. එහිදී සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කිරීමට ගුල්බදීන් සමත් වූ අතර ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නවීන් උල්හක් ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේය.ෙ

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 59 ක් රැස්කළ නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ‍ඔහුට නොහැකි විය. පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යෑම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල පාඩුවක් විය‍ෙ

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් ලබාගත් අතර එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රහ්මනුල්ලා ගුර්බාස් (60) සහ ඊබ්‍රහීම් සද්‍රාන් (51) සමත් වූහ. ගුර්බාස්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින්ද, ඊබ්‍රහීම්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින්ද සමන්විත විය

කෙසේ වුවත් ගුර්බාස් සහ ඊබ්‍රහීම් හැරුණුකොට සෙසු ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. ඕස්ට්‍රේලියාවු වෙනුවෙන් ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳහෙළීමට නායක පැට් කමින්ස් සමත් වූ අතර ඇඩම් සම්පා කඩුලු 2 ක් දවාගත්තේ ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන්ට ලකුණු 28 ක් ලබාදෙමිනි.

 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 148  
(රහ්මනුල්ලා ගුර්බාස් 60, ඊබ්‍රහීම් සද්‍රාන් 51, පැට් කමින්ස් 28/3, ඇඩම් සම්පා 28/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 127
(ග්ලේන් මැක්ස්වෙල් 59, ගුල්බදීන් නයිබ් 20/4, නවීන් උල්හක් 20/3)

 

අදහස් (1)

ඇෆ්ඝනිස්ථානුවෝ කැන්ගරුවන් දඩයම් කරති
  • nimal 1 Sunday, 23 June 2024 11:47 AM

    අපේ කණ්ඩායමට හොඳ පාඩම්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.