Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජොනී බෙයාර්ස්ටෝ පිට පිටම පැවැති ටෙස්ට් තරග 3 කදී තුන්වැනි ටෙස්ට් ශතකය ලබාගත් නමුත්, එජ්බැස්ටන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඉරිදා (3 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ සිය ග්‍රහණය දැඩිකරගෙන සිටියහ. මුල් ඉනිමේදී ලකුණු 132 ක වාසියක් ලබාගත් ඉන්දීය කණ්ඩායම ඉරිදා ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 125 ක් ලබා සිටියේය.
තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබියදීත්, ඉන්දියානුවෝ, කඩුලු 7 ක් අතැතිව, ලකුණු 257 ක් ඉදිරියෙන් සිටිති. දිගු ඉනිම කරා යාමේ රුසියකු වන චෙටේස්වාර් පුජාරා (නොදැවී 30) සහ හිතුවක්කාර කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට් (නොදැවී 30) තවමත් කඩුල්ලේ රැඳී සිටිති.
ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වූයේ පසුගිය වසරේ (2021) අගෝස්තු මාසයේදීය. තරගාවලියේ සිව්වැනි තරගය ජයගත් ඉන්දියානුවෝ තරගාවලියේදී 2-1 ක් ලෙසින් පෙරමුණ ගත්හ. එහෙත් තරගාවලියේ පස්වැනි තරගය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දීය ක්‍රීඩකයන් කොරෝනා වයිරසයට ගොදුරු වූ හෙයින් තරගාවලිය අතරමග අත්හිටුවන ලදි.
මාස 9 කට පමණ පසුව, ඉන්දියාව අවසන් ටෙස්ට් තරගයට පිවිසියේ 2-1 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණේ සිටිමිනි.
ඉරිදා පෙරවරුවේදී ලකුණු 106 ක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ ටෙස්ට් ඉනිම 4 කදී ලබාගත් තුන්වැනි ශතකය මෙයයි. ඔහුගේ ශතකය නොවන්නට, ඉන්දියානුවන්ගේ ලකුණු 416 හමුවේ පිට පිටම දෙවැනි වතාටත් පන්දුවට පහර දීමේ අවමානයට මුහුණ දෙන්නට එංගලන්තයට සිදුවන්නට තිබිණ.
එංගලන්තය වෙනුවෙන් අභීත පිතිහරඹයක නිරත වෙමින් සිටි ජොනී බෙයාර්ස්ටෝ අවුස්සා ගැනීමට ඉන්දීය නායකයා උත්සාහ කළ නමුත් බෙයාර්ස්ටෝ ඔහුගේ උගුළට හසු නොවීය. ඒ අතරවාරයේදී බෙන් ස්ටෝක්ස් දුන් උඩපන්දු දෙකක්ම ඉන්දීය ක්‍රීඩකයෝ බිම දැමූහ. කෙසේ වෙතත් තමන් ලද අවස්ථා දෙකින්ම ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වූ එංගලන්ත නායකයා, ලකුණු 25 කට දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකිනි.
මේ අතරවාරයේදී දිගින් දිගටම තම ආක්‍රමණශීලී පිතිහරඹය කරගෙන ගිය බෙයාර්ස්ටෝ, කෙටි පන්දුව දුටු වහාම ඊට නිසි පිළිතුරු දුන්නේය. බෙයාර්ස්ටෝ ලකුණු 81 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගිය බවට විනිසුරුවරයා තීන්දු කළද, විනිසුරු තීරණ විමසීමේදී බෙයාර්ස්ටෝගේ පිත්ත, පාදයට වඩා ඉස්සර වූ බව පෙනිණ.
ඉන්දීය දෙවැනි ඉනිමේදී ෂුබ්මන් ගිල් සහ හනුමා විහාරි කල්වේලා ඇතිවම දවාගැනීමට ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් වූ නමුත් චෙටේස්වාර් පුජාරා තමන්ගේ කඩුල්ල රැකගත්තේය. ලකුණු අතරට පැමිණීමට මහත් වෙහෙසක් ගන්නා විරාට් කෝලිට එංගලන්ත නායකයාගෙන් ලැබුණේ විශිෂ්ට පන්දුවකි. පිට ඉන්නට එපිටින් පතිතව, ඉපිළී ගිය පන්දුව කඩුලු රකින සෑම් බිලිංග්ස්ගේ අතේ වැදී ඉවත යද්දී, පළමු ස්ලිප් හි සිටි ජෝ රූට් විසින් රැකගන්නා ලදි
ඉන්දියාව - පළමු ඉනිම 416 යි
එංගලන්තය - පළමු ඉනිම 284 යි
(ඔලී පෝප් 10, ජෝ රූට් 31, ජොනී බෙයාර්ස්ටෝ 106, බෙන් ස්ටෝක්ස් 25, සෑම් බිලිංග්ස් 36, මැතිව් පොට්ස් 19, ජස්ප්‍රීට් බුම්රා 68/3, මොහොමඩ් ශාමි 78/2, මොහොමඩ් සිරාජ් 66/4)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 3 ට 125 යි
(චෙටේස්වාර් පුජාරා නොදැවී 50, විරාට් කෝලි 20, රිෂාබ් පන්ට් නොදැවී 30)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.