Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉසුරු උදානගෙන් කඩුලු 5 ක්

ඉසුරු උදානගෙන් කඩුලු 5 ක්

editorial - 2021 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ඉසුරු උදානගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ‍බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ශාන්ත කිට්ස්ට්හි වෝනර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ට්‍ර්න්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල්ස් කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 122 කට සීමා කිරීමට උදාන ප්‍රමුඛ නයිට්රයිඩර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදාන සිය ඕවර 4  ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 5 ක් බිඳහෙළීය. මුලු ලකුණු සංඛ්‍යාව 42 ක් වන විට රෝයල්ස් කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ උදාන, ඉන් නොනැවතී රෝයල්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අසාම් ඛාන් (30) සහ තිසර පෙරේරාද (6) එකම ඕවරයක් තුළ පිටියෙන් ඉවත් කිරීමට සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු රැකීමකද නිරත වූ උදාන, එක් ලකුණක් ලබා සිටි මොහොමඩ් අමීර් දුවද්දී දවාගැනිමකට හසුකරගැනීමට සමත් විය. තරගය පුරා පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් පෙන්වූ දක්කම් හේතුවෙන් තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන ලැබීය. ‍

‍ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය නයිට්රයිඩර්ස් ක්‍රීඩකයෝ ඕවර 16.5 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගිය අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කිරන් පොලාඩ් පන්දු 30 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කළේය‍.

ඉසුරු උදාන මේ වන විට අන්තර්ජාතික පිටියෙන් සමුගෙන සිටී.  

 

බාබඩෝස් රෝයල්ස් පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 122‍
(ග්ලේන් පිල්ප්ස් 24, ශායි හෝප් 20, අසාම් ඛාන් 30, ඉසුරු උදාන 21/5, රවී රාම්පාල් 13/2)

ට්‍ර්න්බෑගෝ නයිට්රයිඩර්ස් පිල - ඕවර 16.‍5 කදී කඩුලු 4 ක් දැවී 125 ‍
(ටිම් සෙයිෆට් 15, ඩිනේෂ් රැම්ඩින් නොදැවී 29, කිරන් පොලාඩ් නොදැවී 58)

 

-036

 


අදහස් (1)

ඉසුරු උදානගෙන් කඩුලු 5 ක්
  • pramuka wijerathna Sunday, 29 August 2021 12:09 AM

    ඔහුට ලංකාවේ තරග පමණයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.