Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕමානයේදී වි-20 තරග දෙකක්

ඕමානයේදී වි-20 තරග දෙකක්

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට පෙර ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. ඒ අනුව ඔක්තෝබර් 7 සහ 9 යන දිනවලදී ඕමානය සමගින් විස්සයි20 තරඟ දෙකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වනු ඇත. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සමාන කාලගුණයක් ඕමානයේද ඇති බැවින් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරග දෙක ලබාදීමට ඕමානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී තිබේ. 

මෙම තරග දෙකෙන් පසුව විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන පළමු වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පැමිණෙන අතර එහිදී අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව සමගින් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත. 

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ඕමානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව ‘බී’ කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනු ඇත. ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ඒ ඒ කාණ්ඩයන්හි පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියට එක්වනු ඇත.

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග සඳහා එක්වීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 3 වැනිදා ඕමානය බලා පිටත්ව යනු ඇත.

තරග කාලසටහන
ඔක්තෝබර් 07 - ඕමානය සමගින් පළමු විස්සයි20 තරගය
ඔක්තෝබර් 09 - ඕමානය සමගින් දෙවැනි විස්සයි20 තරගය

ඔක්තෝබර් 12 - පළමු පුහුණු තරගය (විස්සයි20 ලෝක කුසලාන)
ඔක්තෝබර් 14 - දෙවැනි පුහුණු තරගය (විස්සයි20 ලෝක කුසලාන)

විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කාලසටහන
ඔක්තෝබර් 18 - නැමීබියාව සමගින් පළමු තරගය, අබුඩාබිහිදී
ඔක්තෝබර් 20 - අයර්ලන්තය සමගින් දෙවැනි තරගය, අබුඩාබිහිදී
ඔක්තෝබර් 22 - නෙදර්ලන්තය සමගින් තෙවැනි තරගය, සාජාහිදී

- 2079


අදහස් (0)

ඕමානයේදී වි-20 තරග දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.