Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කඩුලු රකින්නා වන ජොස් බට්ලර් ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන සිව්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වී තිබේ. එහෙත් වේග පන්දු යවන්නකු මෙන්ම බලාපොරොත්තු තැබිය හැකි පසුපෙළ පිතිකරුවකු වන ක්‍රිස් වෝක්ස් නැවතත් එංගලන්ත සංචිතයට එක්ව සිටී.
සිය බිරිඳ දෙවැනි දරුවා ප්‍රසූත කිරීමට සූදානමින් සිටින බැවින් තමන්ට නිවාඩු අවශ්‍ය බව ජොස් බට්ලර් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට දන්වා තිබේ. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ නිවාඩු ඉල්ලීම අනුමත කර තිබේ.
එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන පතව්දි කුසලාන ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ. තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව ඇත.
බෙන් ස්ටෝක්ස් කණ්ඩායමේ නැති හෙයින් ජෝ රූට්ගේ උපනායකයා වන බට්ලර් පසුගිය දිනවල එතරම් ලකුණු ලබාගත්තේ නැත. ටෙස්ට් තරගාවලියේ මේ දක්වා පැවැති තරග 3 දී බට්ලර්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 25 කි. එහෙත් කඩුල්ල පසුපස සිටිමින් උඩපන්දු 18 ක් රැකගත් බට්ලර් සෙනසුරාදා නිමාවූ තුන්වැනි තරගයේදී එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළේය.
බට්ලර් කණ්ඩායමෙන් ඉවත්වීම නිසා කඩුලු රැකීමේ අත් ආවරණ ජොනී බෙයාර්ස්ටෝට බාර කෙරෙනු ඇත. සිය ටෙස්ට් තරග 77 න් තරග 48 කදීම කඩුලු රැකීමේ වගකීම දැරූ බෙයාර්ස්ටෝ පසුගිය වසර දෙකේදීම කඩුලු රැකීමෙන් ඉවත් කර තැබුණේ පිතිකරුවකු ලෙසින් ඔහුගෙන් වැඩි යමක් අපේක්‍ෂාවෙනි.
විවිධාකාරයේ ශාරීරික ආබාධ හේතුවෙන් වසරක පමණ කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් නැවතත් කණ්ඩායමට එක්වීම එංගලන්ත පිතිහරඹය තරමක් දුරට ශක්තිමත් කිරීමකි. ලීඞ්ස් තරගයේදී ක්‍රීඩා නොකළ මාක් වුඞ්ද කණ්ඩායම තුළ සිය ස්ථානය රැකගැනීමට සමත්ව සිටී. මේ වන විට ඔහුගේ දකුණු උරහිසේ පැවැති වේදනාව සමනය වී තිබේ.
සිව්වැනි ටෙස්ට් තරගය සැප්තැම්බර් 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වේ. මෙම ක්‍රීඩාංගණය සැලකෙන්නේ පිතිකරුවන් සඳහා එංගලන්තයේ තිබෙන හොඳම ක්‍රීඩාංගණය ලෙසිනි.
එංගලන්ත සංචිතය
රෝරි බර්න්ස්, හසීබ් හමීඩ්, ඩේවිඩ් මැලන්, ජෝ රූට් (නායක), ඩෑන් ලෝරන්ස්, ජොනී බෙයාර්ස්ටෝ (කඩුලු රකින්නා), මොයින් අලී, සෑම් කරන්, ක්‍රෙග් ඔවර්ටන්, ඔලී රොබින්සන්, ජේම්ස් ඇන්ඩසන්, ඔලී පෝප්, සෑම් බිලිංග්ස්, මාක් වුඩ් සහ ක්‍රිස් වෝක්ස්
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.