Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ ඕමානය අතර බාබාඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ඕමානයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාකස් ස්ටොයිනිස් ඕවර 3 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 3 ක් බිදහෙළුෑ අතර මිචෙල් ස්ටාක්, නේදන් එලිස් සහ ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඕමාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ස්ටොයිනිස්ට අනගි සහයක් දුන්හ. ඕමාන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අයාන් ඛාන් පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ලකුණු 36 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබාගත් අතර ආරම්භ පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 51 කදී ලකුණු 56 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
වේගවත් පිතිහරඹයක නිරත වූ මාකස් ස්ටොයිනිස් පන්දු 36 කදී හයේ පහර 6 ක් සහ හතරේ 2 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. වෝනර් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටොයිනිස් සමත් විය.
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 165
(ඬේවිඞ් වෝනර් 56, මිචෙල් මාෂ් 14, මාකස් ස්ටොයිනිස් නොදැවී 67, මෙහෙරාන් ඛාන් 38/2)
ඕමානය - ඕවර 20 කදී සියලු දෙනා දැවී 125
(අකීබ් ඉල්ලියාස් 18, ආර්යාන් ඛාන් 36, මෙහෙරාන් ඛාන් 27, මාකස් ස්ටොයිනිස් 19/3, මිචෙල් ස්ටාක් 20/2, ඇඩම් සම්පා 24/2, නේදන් එලිස් 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.